IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


පරිඝනක දත්ත සොරා නොගත් බව ජනපතිගේ පෞද්ගලික ලේකම් කියයි

(මනෝප්‍රිය ගුණසේකර)

 
කෝට්ටේ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ පරිගණකයේ තිබූ දත්ත නීතීවිරෝධී ආකාරයෙන් ලබාගැනීමේ චෝදනාවට තමන් නිවැරදිකරුවන් බව කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති, ජනාධිපති පෞද්ගලික ලේකම් ජනක රණවක මහතා සහ කෝට්ටේ නගර සභාවේ හිටපු පරිගණක ක්‍රියාකරුවකු කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ අද (09) පැවසුහ.

                    
විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා කියවූ අවස්ථාවේදී එම චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් පැවසීම නිසා නඩුව විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා මෙම නඩුවේ පැමිණිලිකරු වන කෝට්ටේ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති මධූර විතානගේ මහතාට ලබන මස 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින  ලෙස දැනුම් දෙමින් සිතාසි නිකුත් කළේය. 
                         
2013 ජුනි මස 17 වැනිදා කෝට්ටේදී, කෝට්ටේ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ නිල කාමරයේ තිබු පරිගණකයේ දත්ත නීත්‍යානූකූල නොවන ආකාරයෙන් ලබාගැනීමට කුමන්ත්‍රණය කිරීම ඒ අනුව අදාළ දත්ත නීත්‍යානූකූල නොවන ආකාරයෙන් ලබාගැනීමට කටයුතු කිරීම හා ඒ සඳහා ආධාර අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා මෙන්ම ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ජනක රණවක මහතා සහ කෝට්ටේ නගර සභාවේ හිටපු පරිගණක ක්‍රියාකරුවකු වන එස්. ලසන්ත නමැත්තෙකි.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඒ අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා කියවා දුන් අතර එම චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවෝ අධිකරණය හමුවේ පැවසුහ.


ජනක රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ නීතීමය කරුණු සම්බන්ධයෙන් මුලික විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම නඩුවට පාදක පරිගණක පරීක්‍ෂා කිරීමට අවශ්‍ය බවත් දැනුම් දුන්නේය.


පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තියේ මුලික විරෝධතාවය ඉදිරිපත් කළ පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ලබාදීම සුදුසු බවත් මෙම නඩුවට පාදක පරිගණක පරීක්‍ෂා කිරීමට අවශ්‍ය පහසුකම් හා සහය ලබාදීමට පැමිණිල්ල සුදානම් බවත් දැනුම් දුන්නේය.



අදහස් (0)

පරිඝනක දත්ත සොරා නොගත් බව ජනපතිගේ පෞද්ගලික ලේකම් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 247 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site