IMG-LOGO

පරිඝනක දත්ත සොරා නොගත් බව ජනපතිගේ පෞද්ගලික ලේකම් කියයි

(මනෝප්‍රිය ගුණසේකර)

 
කෝට්ටේ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ පරිගණකයේ තිබූ දත්ත නීතීවිරෝධී ආකාරයෙන් ලබාගැනීමේ චෝදනාවට තමන් නිවැරදිකරුවන් බව කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති, ජනාධිපති පෞද්ගලික ලේකම් ජනක රණවක මහතා සහ කෝට්ටේ නගර සභාවේ හිටපු පරිගණක ක්‍රියාකරුවකු කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ අද (09) පැවසුහ.

                    
විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා කියවූ අවස්ථාවේදී එම චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් පැවසීම නිසා නඩුව විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා මෙම නඩුවේ පැමිණිලිකරු වන කෝට්ටේ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති මධූර විතානගේ මහතාට ලබන මස 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින  ලෙස දැනුම් දෙමින් සිතාසි නිකුත් කළේය. 
                         
2013 ජුනි මස 17 වැනිදා කෝට්ටේදී, කෝට්ටේ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ නිල කාමරයේ තිබු පරිගණකයේ දත්ත නීත්‍යානූකූල නොවන ආකාරයෙන් ලබාගැනීමට කුමන්ත්‍රණය කිරීම ඒ අනුව අදාළ දත්ත නීත්‍යානූකූල නොවන ආකාරයෙන් ලබාගැනීමට කටයුතු කිරීම හා ඒ සඳහා ආධාර අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා මෙන්ම ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ජනක රණවක මහතා සහ කෝට්ටේ නගර සභාවේ හිටපු පරිගණක ක්‍රියාකරුවකු වන එස්. ලසන්ත නමැත්තෙකි.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඒ අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා කියවා දුන් අතර එම චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවෝ අධිකරණය හමුවේ පැවසුහ.


ජනක රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ නීතීමය කරුණු සම්බන්ධයෙන් මුලික විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම නඩුවට පාදක පරිගණක පරීක්‍ෂා කිරීමට අවශ්‍ය බවත් දැනුම් දුන්නේය.


පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තියේ මුලික විරෝධතාවය ඉදිරිපත් කළ පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ලබාදීම සුදුසු බවත් මෙම නඩුවට පාදක පරිගණක පරීක්‍ෂා කිරීමට අවශ්‍ය පහසුකම් හා සහය ලබාදීමට පැමිණිල්ල සුදානම් බවත් දැනුම් දුන්නේය.



අදහස් (0)

පරිඝනක දත්ත සොරා නොගත් බව ජනපතිගේ පෞද්ගලික ලේකම් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 369 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 531 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site