
(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්‍ෂාවට යොදා තිබෙන රළපනාවේ කලුගල් ආදිය ඉවත් කර ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සූදානම් වන බව ගොවියෝ චෝදනා කරති.
ගොවි සංවිධානවල විරෝධය නොතකා මෙම ඉදිකිරීම කරන බවද ඔවුහු පැවැසූහ.
පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරොව්වේ සිට දෙකේ ඇල සොරාව්ව පසුකර දිසාපති නිල නිවස පිහිටා තිබෙන ස්ථානයට ආසන්නය තෙක් මෙම ඇවිදින මං තීරුව ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බව පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති හා පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා ප්‍රකාශ කලේය.
මේ සම්බන්‍ධයෙන් මූලික යෝජනා ඉදිරිපත්වූ අවස්ථාවේ පටන්ම තම ගොවි සංවිධානය එයට විරෝධය පළකල බව ඒ මහතා කීය. එහෙත් එම විරෝධය නොතකා එහි ඉදිකිරීම් ආරම්භකර ඇතැයිද හෙතෙම පැවැසීය.
මේ සම්බන්‍ධයෙන් පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉල්ලීමකට අනුව එම ආයතනයේ රුපියල් මිලියන 34ක වියදමින් මේ මංතීරුව ඉදිකරන බවයි.
එය කිලෝ මීටර් එකයි මීටර් 700ක දුර ප්‍රමාණයෙකින් යුක්ත බවද ඒ මහතා කීය.මේ වසරේ දෙසැම්බර් මාසය අවසන්වීමට පෙර එය ඉදිකර අවසන් කිරීමට නියමිත බවද ඉංජිනේරුවරයා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොළොන්නරුවේ කවුද ඔච්චර ඇවිදින මංතීරු වල යන්නේ. යම් තනි පුද්ගලයෙකුගේ හෝ දෙන්නකුගේ උවමනාවට කරන වැඩක් වෙන්න ඕනේ. මිලියන 34 ක් විනාශ කරන්නේ මේ දවස් වල ලංකාවේ සල්ලි ඉතිරෙනවනේ. ටැබ් 3400ක් ළමයින්ට දෙන්න පුළුවන් මේකෙන්.
පොළොන්නරුවට එන විදේශිකයන් අතරේ පාපැදියකින් නගරය සිරි නැරබීම ඉතා ජනප්‍රියයි ,මේ මං තීරුව පාපැදි සඳහාත් ඉදිකරා නං තවත් හොඳයි
කාටද මේවා හදන්නේ? මේ වෙලේ? ඔන්න කැපකිරීම. ගොවිටෝ හේතුවකටනේ කියන්නේ. ඇහුන්කන් දෙන්න ඕන
මේක මහ පුදුම රටක් ..
මෙම ජලාශයේ බැම්මේ ආරක්‍ෂාව සඳහා මෙම රලපනාව තබා ඇත. මෙය ඉවත් කිරීම, අවම වශයෙන් අර්ධ වශයෙන්, බැම්මේ ආරක්‍ෂාවට කෙසේ බලපායි දැයි මට නිශ්චිතව කිව නොහැක.
මහමග යන්න පන නැති මිනිසුන්ට මංතීරු, මේක වෙන්න ඇති සෞභාග්‍ය.
මේ වගේ හරක්....ඔහේ මිනිස්සුන්ට ඇවිදින්න ඉඩ ඕන තරම් තියනවා...ඒ මිනිස්සුන්ට සනීපෙට හුලන් වැදී වැදී ඇවිදින්න පුළුවන් තැන් ඕන තරම් තියනවා ...නිකන් අටුව කඩා පුටුව හදන වැඩ කරන්න එපා...මේවාට උපදෙස් දෙන පණ්ඩිතයෝ කවුද කියල හොයලා හිරේ දාන්න ඕන..කොළඹ කරන හැමදේම ලංකාවේ හැම පැත්තටම හරියන්නේ නෑ...පුලුවන්නම් අර වැව අයිනේ තියන ලොකු ගස් ටික කපල කොළඹ වට රවුම් වල තියන පිටරට ගස් හිටවයි...එහෙම පඩියෝ ඉන්නේ මෙහෙ
රජතුමා හිටියානම් නුබලාගේ හිස ගසා දමනවා.
ඔබගේ ඉල්ලීම වීර පරාක්‍රම බාහු රජතුමාට සිංහල භාෂාවෙන් ලියා දැන්වුවා නම් පිළිතුරු ඉක්මනින් ලැබේවි. ඔබට දෙවි පිහිටයි.
හදන්න වැසිකිලියකුත් බැම්ම උඩ.
කණ්ඩලම වැව් තාවුල්ලේ සංචාරක හෝටලයක් හදන එකට විරුද්ධව එදා සටන් කරපු අයම අද පරාක්‍රම සමුද්‍රයේ රලපනාවේ ඇවිදින මංතීරු හදනවා. කාලය මිනිසුන්ව වෙනස් කල හැටි.
තවත් වියත් මගේ වැඩක්
ඡේදය අඩි 6 ක් පළල නම්, වර්ග අඩි ප්‍රමාණයට, යමෙක් බදු ගෙවන්නන්ගේ මුදලින් රුපියල් 1000 ක් සාක්කුවේ දමා ගනී, මීටරයකට මීටර් 1700M ක්, 34,000,000 ක්, අඩි 20,000 ක් * 3.1 ~ = වර්ග අඩි 20 කට වර්ග අඩි 1000 ක්
ඓතිහාසික වැදගත්කමින් යුතු ස්ථානයක් නවීකරණයට මේ ආකාරයෙන් භාජනය කිරීම සම්බන්ධයෙන් මගේ බලවත් විරෝධය ප්‍රකාශ කර සිටිමි. අනාගත දරු පරම්පරාවටත් පුරාණයේ තිබූ පරිද්දෙන් මේ ස්ථානය දැකිය හැකි පරිද්දෙන් තිබීම වැදගත් කොට සලකමි. කවුරු කෙසේ කීවත් ඒ හරහා මංමාවත් ඉදිකිරීම අවට පරිසරය විනාශ වීමට රුකුලක් වේ.
මෙතන සිද්ධ වෙන්නේ මන්තීරුවක් හදන එක නෙවෙයි. ඔය තියෙන කළුගල් වලට වැඩේ දෙන්න තමා.
වැව හාරලා රොන්මඩ ටික ඉවත්කරගන්න බැරි නූතන සිංහලයෝ වැව වටේ ඇවිදිනවා.
පාරවල් කාපට් කරන එකට, තණපිඬලි වලට, මංතීරු වලට රැවටිලා බලයට ගෙනාපු නායකයෙක් ඉන්නකොට මේව පුදුම වෙන්න. දේවල් නෙමෙයි. අගේට වැව්කණ්ඩියෙ තියෙන පාර අයිනෙ ඇවිදින්න පුලුවන් කම තියෙද්දි මංතීරු හදන්නෙ කාට ඕනවටද කියල අපි නම් දන්නවා. හැබැයි ඒවටත් හුරේ දාන වහල්ලු ඕන තරම් ඔය පොලොන්නරුවේම ඉන්නවා..
ඔය මිලියන 34 න් සෝලා පැන්ල ටිකක් සවි කරානම් අවුරුද්දකින් දෙකකින් ගිය ගානත් හොයාගන්න තිබුනා.. රටට ඉලෙක්ට්‍ර්සිටි ගන්නත් තිබුනා.
රටේ මුලික ප්‍රශ්න පැත්තක තියලා සදුන් උයන ඇවිදින මංතීරු හදන පාලකයන් හිතන් ඉන්නේ මේක සුරපුරයක් කියලා වෙන්න ඇති.
මේ මොහොතේ මෙය ඇත්තෙන්ම අවශ්‍යද? මෙම වර්තමාන තත්වය සමඟ වඩාත්ම අවශ්‍ය වන රටේ දැඩි සත්කාර ඒකක ධාරිතාව වැඩි දියුණු කිරීමට ඔවුන්ට නොහැකි ඇයි?
රටක දියුණුවට මනසික නිදහසට මෙවැනි දේ ඉදි කිරීම අත්‍යවශ්‍යයි. ලංකාවේ මිනිස්සු ජීවිතය විදින්න දන්නෙ නැහැ. තියන දෙයින් ප්‍රයෝජනයක් ගන්න දන්නෙ නැහැ. වැව් බැම්මට හානියක් නොවන සේ ඉදි කලාම කිසි ප්‍රශ්නයක් නැහැ.
මැද්දෙන්ම හදමු හදලා ගොඩකරල දමන්න
සුදුසු නම් මං තීරුවක් එදා පරාක්‍රමබාහු රජ තුමා ම හදනවනේ රළපනාව නොහදා ..අද කාලේ ඔක්සිජන් මොකටද කියල අහන අති පණ්ඩිතයන්ට මේ ශ්‍රේෂ්ට නිර්මාණවල අගය තේරෙනවද . අහන්නත් දුකයි
වැව් බැම්මටත් වැඩේ දෙන්න හදන්නේ.
සුදුසු නම් මං තීරුවක් එදා පරාක්‍රමබාහු රජ තුමා ම හදනවනේ රළපනාව නොහදා ..අද කාලේ ඔක්සිජන් මොකටද කියල අහන අති පණ්ඩිතයන්ට මේ ශ්‍රේෂ්ට නිර්මාණවල අගය තේරෙනවද .
පොහොට්ටුව රකින්න හැම විටම අදහස් ඉදිරිපත් කරන බමුණාගේ සද්ධයක් නැත්තේ ඇයිද දන්නේ නැහැ.
එදා කොළඹ කුණු මීතොටමුල්ලෙ හංගල, තමන්ගෙ අධිකාරි බලය යොදා අහිංසක මිනිස්සු ඉවත් කරල අයියලගෙ අමාත්‍යාංශ වල මුදල් යොදවල ලංකාව කියන්නෙ කොළඹ විතරක් වගේ හිතල කොළඹ ලස්සන කලා කියල ඡන්දෙ අරගෙන ලංකාව ආතක් පාතක් නැති රටක් කලා . කරුණාකර මේ විකාර නවත්වන්න.
මිලියන 34 වියදම්කර ඇවිදින මන්තිරුවක් පොලොන්නරුවේ සෑදීමද දැන් රටේ අවශ්‍යතාවය ? වියදම් ප්‍රමුඛත්වය මත සිදුකල යුතු නොවෙද ? අහෝ දෙවියනි....!!
මේ ලෑස්ති වෙන්නේ පරාක්‍රම සමුද්‍රයත් විකුණගෙන කන්නයි... මේ අය නම් කාලකණ්ණි.. මේ රටම විකුණගෙන කන්න තමයි මේ අය පවුල් පිටින් ලෑස්ති වෙන්නේ. ඔය කාලකණ්ණින්ට තේරෙන්නේ නැද්ද ඔය ගල් දාලා තියෙන්නේ මොකටද කියලා..?
නගරේ ඉන්න අධි පෝෂණයෙන් පෙලෙන බඩ තියෙන අයට මං තීරුවල ඇවිද්දට පොළොන්නරුවේ ඉන්නේ මහපොළොවේ පය ගහලා කුඹුරේ හේනේ වැඩ කරන මිනිස්සු. ඒ මිනිස්සුන්ට පිස්සු නැහැ අමුතුවෙන් ඇවිදින්න.
මෙි ජාතික විනාශය කල ප්‍රධාන ඉංජිනේරු ඇතුළු මෙයට අනුබල දුන් සියළුම දෙනා උල තබා මරනවා නියතයි මෙම වැඩෙි රජකාලේ කලා නම්.