IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ඇවිදින මංතීරුවක් ඉදිකරයි

(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්‍ෂාවට යොදා තිබෙන රළපනාවේ කලුගල් ආදිය ඉවත් කර ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සූදානම් වන බව ගොවියෝ චෝදනා කරති.

ගොවි සංවිධානවල විරෝධය නොතකා මෙම ඉදිකිරීම කරන බවද ඔවුහු පැවැසූහ.

පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරොව්වේ සිට දෙකේ ඇල සොරාව්ව පසුකර දිසාපති නිල නිවස පිහිටා තිබෙන ස්ථානයට ආසන්නය තෙක් මෙම ඇවිදින මං තීරුව ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බව පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති හා පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා ප්‍රකාශ කලේය.

මේ සම්බන්‍ධයෙන් මූලික යෝජනා ඉදිරිපත්වූ අවස්ථාවේ පටන්ම තම ගොවි සංවිධානය එයට විරෝධය පළකල බව ඒ මහතා කීය. එහෙත් එම විරෝධය නොතකා එහි ඉදිකිරීම් ආරම්භකර ඇතැයිද හෙතෙම පැවැසීය.

මේ සම්බන්‍ධයෙන් පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතාගෙන් කළ විමසීමකදී  ඔහු කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉල්ලීමකට අනුව එම ආයතනයේ රුපියල් මිලියන 34ක වියදමින් මේ මංතීරුව ඉදිකරන බවයි.

එය කිලෝ මීටර් එකයි මීටර් 700ක දුර ප්‍රමාණයෙකින් යුක්ත බවද ඒ මහතා කීය.මේ වසරේ දෙසැම්බර් මාසය අවසන්වීමට පෙර එය ඉදිකර අවසන් කිරීමට නියමිත බවද ඉංජිනේරුවරයා කීවේය.



අදහස් (37)

පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ඇවිදින මංතීරුවක් ඉදිකරයි

damith Thursday, 26 August 2021 10:32 AM

පොළොන්නරුවේ කවුද ඔච්චර ඇවිදින මංතීරු වල යන්නේ. යම් තනි පුද්ගලයෙකුගේ හෝ දෙන්නකුගේ උවමනාවට කරන වැඩක් වෙන්න ඕනේ. මිලියන 34 ක් විනාශ කරන්නේ මේ දවස් වල ලංකාවේ සල්ලි ඉතිරෙනවනේ. ටැබ් 3400ක් ළමයින්ට දෙන්න පුළුවන් මේකෙන්.

:       13       110

gamunuThursday, 26 August 2021 04:28 PM

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්‍ෂාවට යොදා තිබෙන රළපනාවේ කලුගල් ආදිය ඉවත් කර ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට අවසර දුන්නේ කවුද.?

:       2       12

69lakshayaFriday, 27 August 2021 05:18 AM

අපට කාගෙවත් අවසරයක් ඔනි නැ ග 3/2 ජනවරමක් තියෙනවා ඔනිම දෙයකට

:       2       0

SENAThursday, 26 August 2021 08:17 PM

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්‍ෂාවට යොදා තිබෙන රළපනාවේ කලුගල් ආදියට බස්ටිය දෙන්න හදන්නේ.

:       1       14

Akila Thursday, 26 August 2021 10:37 AM

පොළොන්නරුවට එන විදේශිකයන් අතරේ පාපැදියකින් නගරය සිරි නැරබීම ඉතා ජනප්‍රියයි ,මේ මං තීරුව පාපැදි සඳහාත් ඉදිකරා නං තවත් හොඳයි

:       72       41

Jay Thursday, 26 August 2021 10:37 AM

කාටද මේවා හදන්නේ? මේ වෙලේ? ඔන්න කැපකිරීම. ගොවිටෝ හේතුවකටනේ කියන්නේ. ඇහුන්කන් දෙන්න ඕන

:       8       79

ralapanavaThursday, 26 August 2021 12:04 PM

රජ පවුල විශාල බැවින් රජ පවුලේ උදවිය වෙනුවෙන් හදන්නේ.

:       15       46

Srila Thursday, 26 August 2021 10:42 AM

මේක මහ පුදුම රටක් ..

:       7       83

Sunil Thursday, 26 August 2021 11:06 AM

මෙම ජලාශයේ බැම්මේ ආරක්‍ෂාව සඳහා මෙම රලපනාව තබා ඇත. මෙය ඉවත් කිරීම, අවම වශයෙන් අර්ධ වශයෙන්, බැම්මේ ආරක්‍ෂාවට කෙසේ බලපායි දැයි මට නිශ්චිතව කිව නොහැක.

:       9       54

අබිලින් Thursday, 26 August 2021 06:00 PM

වැවකට රළපනාවක් ඇතිකරන්නේ කුමටද නොදන්නා ගොන්නාම්බෙක්ගේ අවශ්‍යතාවක් ඉටුකරනවා වියහැකිය අනෙක් වාරයෙත් මේ අයවම දියවන්නාවට යවන්න.

:       0       12

Nuwan Thursday, 26 August 2021 11:24 AM

මහමග යන්න පන නැති මිනිසුන්ට මංතීරු, මේක වෙන්න ඇති සෞභාග්‍ය.

:       6       49

podi malli Thursday, 26 August 2021 11:36 AM

මේ වගේ හරක්....ඔහේ මිනිස්සුන්ට ඇවිදින්න ඉඩ ඕන තරම් තියනවා...ඒ මිනිස්සුන්ට සනීපෙට හුලන් වැදී වැදී ඇවිදින්න පුළුවන් තැන් ඕන තරම් තියනවා ...නිකන් අටුව කඩා පුටුව හදන වැඩ කරන්න එපා...මේවාට උපදෙස් දෙන පණ්ඩිතයෝ කවුද කියල හොයලා හිරේ දාන්න ඕන..කොළඹ කරන හැමදේම ලංකාවේ හැම පැත්තටම හරියන්නේ නෑ...පුලුවන්නම් අර වැව අයිනේ තියන ලොකු ගස් ටික කපල කොළඹ වට රවුම් වල තියන පිටරට ගස් හිටවයි...එහෙම පඩියෝ ඉන්නේ මෙහෙ

:       5       60

janahitha Thursday, 26 August 2021 11:59 AM

රජතුමා හිටියානම් නුබලාගේ හිස ගසා දමනවා.

:       4       36

ගොවිරාළFriday, 27 August 2021 06:38 AM

රජතුමා හිටියනම් හිස ගසන්නේ නැහැ මෙයට මූලිණවුන සැමත් එම කරන්න උනන්දුවුන උනුත් ගෙනැල්ලා සියල්ලන්ටම පේන්නත් ටික වේලාවක් හරි වද විදින්නත් සිදුවීමට උල තියලයි මරන්නෙ අනේ.

:       0       1

janahitha Thursday, 26 August 2021 12:01 PM

ඔබගේ ඉල්ලීම වීර පරාක්‍රම බාහු රජතුමාට සිංහල භාෂාවෙන් ලියා දැන්වුවා නම් පිළිතුරු ඉක්මනින් ලැබේවි. ඔබට දෙවි පිහිටයි.

:       2       19

janabala asamagi Thursday, 26 August 2021 12:02 PM

හදන්න වැසිකිලියකුත් බැම්ම උඩ.

:       2       27

Vithana Thursday, 26 August 2021 12:14 PM

කණ්ඩලම වැව් තාවුල්ලේ සංචාරක හෝටලයක් හදන එකට විරුද්ධව එදා සටන් කරපු අයම අද පරාක්‍රම සමුද්‍රයේ රලපනාවේ ඇවිදින මංතීරු හදනවා. කාලය මිනිසුන්ව වෙනස් කල හැටි.

:       3       43

fairoos Thursday, 26 August 2021 12:49 PM

තවත් වියත් මගේ වැඩක්

:       5       43

lankaputha Thursday, 26 August 2021 01:30 PM

ඡේදය අඩි 6 ක් පළල නම්, වර්ග අඩි ප්‍රමාණයට, යමෙක් බදු ගෙවන්නන්ගේ මුදලින් රුපියල් 1000 ක් සාක්කුවේ දමා ගනී, මීටරයකට මීටර් 1700M ක්, 34,000,000 ක්, අඩි 20,000 ක් * 3.1 ~ = වර්ග අඩි 20 කට වර්ග අඩි 1000 ක්

:       1       38

Lalinda Gunawardena Thursday, 26 August 2021 01:38 PM

ඓතිහාසික වැදගත්කමින් යුතු ස්ථානයක් නවීකරණයට මේ ආකාරයෙන් භාජනය කිරීම සම්බන්ධයෙන් මගේ බලවත් විරෝධය ප්‍රකාශ කර සිටිමි. අනාගත දරු පරම්පරාවටත් පුරාණයේ තිබූ පරිද්දෙන් මේ ස්ථානය දැකිය හැකි පරිද්දෙන් තිබීම වැදගත් කොට සලකමි. කවුරු කෙසේ කීවත් ඒ හරහා මංමාවත් ඉදිකිරීම අවට පරිසරය විනාශ වීමට රුකුලක් වේ.

:       3       59

ganegoda Thursday, 26 August 2021 01:52 PM

මෙතන සිද්ධ වෙන්නේ මන්තීරුවක් හදන එක නෙවෙයි. ඔය තියෙන කළුගල් වලට වැඩේ දෙන්න තමා.

:       2       53

kamal Thursday, 26 August 2021 02:14 PM

වැව හාරලා රොන්මඩ ටික ඉවත්කරගන්න බැරි නූතන සිංහලයෝ වැව වටේ ඇවිදිනවා.

:       0       25

Sithija Thursday, 26 August 2021 02:45 PM

පාරවල් කාපට් කරන එකට, තණපිඬලි වලට, මංතීරු වලට රැවටිලා බලයට ගෙනාපු නායකයෙක් ඉන්නකොට මේව පුදුම වෙන්න. දේවල් නෙමෙයි. අගේට වැව්කණ්ඩියෙ තියෙන පාර අයිනෙ ඇවිදින්න පුලුවන් කම තියෙද්දි මංතීරු හදන්නෙ කාට ඕනවටද කියල අපි නම් දන්නවා. හැබැයි ඒවටත් හුරේ දාන වහල්ලු ඕන තරම් ඔය පොලොන්නරුවේම ඉන්නවා..

:       4       27

ප්‍රසා Thursday, 26 August 2021 02:53 PM

ඔය මිලියන 34 න් සෝලා පැන්ල ටිකක් සවි කරානම් අවුරුද්දකින් දෙකකින් ගිය ගානත් හොයාගන්න තිබුනා.. රටට ඉලෙක්ට්‍ර්සිටි ගන්නත් තිබුනා.

:       1       24

Prabha Thursday, 26 August 2021 04:18 PM

රටේ මුලික ප්‍රශ්න පැත්තක තියලා සදුන් උයන ඇවිදින මංතීරු හදන පාලකයන් හිතන් ඉන්නේ මේක සුරපුරයක් කියලා වෙන්න ඇති.

:       0       9

GG Thursday, 26 August 2021 04:49 PM

මේ මොහොතේ මෙය ඇත්තෙන්ම අවශ්‍යද? මෙම වර්තමාන තත්වය සමඟ වඩාත්ම අවශ්‍ය වන රටේ දැඩි සත්කාර ඒකක ධාරිතාව වැඩි දියුණු කිරීමට ඔවුන්ට නොහැකි ඇයි?

:       0       10

නුවන් Thursday, 26 August 2021 06:42 PM

රටක දියුණුවට මනසික නිදහසට මෙවැනි දේ ඉදි කිරීම අත්‍යවශ්‍යයි. ලංකාවේ මිනිස්සු ජීවිතය විදින්න දන්නෙ නැහැ. තියන දෙයින් ප්‍රයෝජනයක් ගන්න දන්නෙ නැහැ. වැව් බැම්මට හානියක් නොවන සේ ඉදි කලාම කිසි ප්‍රශ්නයක් නැහැ.

:       12       3

Rohana Thursday, 26 August 2021 07:30 PM

මැද්දෙන්ම හදමු හදලා ගොඩකරල දමන්න

:       1       4

අනුරුද්ධ ලියනගේ Thursday, 26 August 2021 07:54 PM

සුදුසු නම් මං තීරුවක් එදා පරාක්‍රමබාහු රජ තුමා ම හදනවනේ රළපනාව නොහදා ..අද කාලේ ඔක්සිජන් මොකටද කියල අහන අති පණ්ඩිතයන්ට මේ ශ්‍රේෂ්ට නිර්මාණවල අගය තේරෙනවද . අහන්නත් දුකයි

:       2       11

මෝ Friday, 27 August 2021 01:04 AM

වැව් බැම්මටත් වැඩේ දෙන්න හදන්නේ.

:       1       10

Bandula Kendaragama Friday, 27 August 2021 02:21 AM

සුදුසු නම් මං තීරුවක් එදා පරාක්‍රමබාහු රජ තුමා ම හදනවනේ රළපනාව නොහදා ..අද කාලේ ඔක්සිජන් මොකටද කියල අහන අති පණ්ඩිතයන්ට මේ ශ්‍රේෂ්ට නිර්මාණවල අගය තේරෙනවද .

:       3       9

ගල්බමුණා Friday, 27 August 2021 06:45 AM

පොහොට්ටුව රකින්න හැම විටම අදහස් ඉදිරිපත් කරන බමුණාගේ සද්ධයක් නැත්තේ ඇයිද දන්නේ නැහැ.

:       0       0

සෙනෙවිරත්න Friday, 27 August 2021 07:24 AM

එදා කොළඹ කුණු මීතොටමුල්ලෙ හංගල, තමන්ගෙ අධිකාරි බලය යොදා අහිංසක මිනිස්සු ඉවත් කරල අයියලගෙ අමාත්‍යාංශ වල මුදල් යොදවල ලංකාව කියන්නෙ ⁣කොළඹ විතරක් වගේ හිතල කොළඹ ලස්සන කලා කියල ඡන්දෙ අරගෙන ලංකාව ආතක් පාතක් නැති රටක් කලා . කරුණාකර මේ විකාර නවත්වන්න.

:       0       0

Udan Friday, 27 August 2021 09:18 AM

මිලියන 34 වියදම්කර ඇවිදින මන්තිරුවක් පොලොන්නරුවේ සෑදීමද දැන් රටේ අවශ්‍යතාවය ? වියදම් ප්‍රමුඛත්වය මත සිදුකල යුතු නොවෙද ? අහෝ දෙවියනි....!!

:       0       0

sam Friday, 27 August 2021 09:41 AM

මේ ලෑස්ති වෙන්නේ පරාක්‍රම සමුද්‍රයත් විකුණගෙන කන්නයි... මේ අය නම් කාලකණ්ණි.. මේ රටම විකුණගෙන කන්න තමයි මේ අය පවුල් පිටින් ලෑස්ති වෙන්නේ. ඔය කාලකණ්ණින්ට තේරෙන්නේ නැද්ද ඔය ගල් දාලා තියෙන්නේ මොකටද කියලා..?

:       0       1

sampath Saturday, 28 August 2021 08:00 PM

නගරේ ඉන්න අධි පෝෂණයෙන් පෙලෙන බඩ තියෙන අයට මං තීරුවල ඇවිද්දට පොළොන්නරුවේ ඉන්නේ මහපොළොවේ පය ගහලා කුඹුරේ හේනේ වැඩ කරන මිනිස්සු. ඒ මිනිස්සුන්ට පිස්සු නැහැ අමුතුවෙන් ඇවිදින්න.

:       0       0

,Rajapaksha Ekanayaka Sunday, 29 August 2021 07:35 PM

මෙි ජාතික විනාශය කල ප්‍රධාන ඉංජිනේරු ඇතුළු මෙයට අනුබල දුන් සියළුම දෙනා උල තබා මරනවා නියතයි මෙම වැඩෙි රජකාලේ කලා නම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6162 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7627 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18258 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1242 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9423 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 575 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site