( ජයන්ත සමරකෝන්)
මෙවර ඡන්ද පත්‍රිකාව දිගු වීම නිසා පැයක් තුළදී ප්‍රකාශ කළ හැකි ඡන්ද සංඛ්‍යාව 200 ක් පමණ වන බව මැතිවරණ නිරීක්ෂණ සංගම් පවසයි.
එක් ඡන්ද දායකයකුට ගතවන කාලය ගණනය කිරීමෙන් අනතුරුව මැතිවරණ නිරීක්ෂණ සංගම් මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියි.
ඒ හෙයින් ජනාධිපතිවරණයදා (16) ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී ඇති කාලය තුළදී හැකි තරම් උදෑසනින් ගොස් සිය ඡන්දය ප්‍රකාශ කිරීම වඩාත්ම යෝග්‍යම හා පසුම කාර්යය බවද ඔවුන් සදහන් කරයි. එදින උදෑසන 7 සිට සවස 5 තෙක් ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කළ හැකිය.
පත්‍රිකාවේ දිග හේතුවෙන් මෙවර ඡන්දය ලබා දීමේ කාල සීමාව පස්වරු 5 දක්වා දීර්ඝ කර ඇතැයි ද එම සංගම් පවසයි.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැයකට ප්‍රකාශ කළ හැකි ඡන්ද සංඛ්‍යාව 200 යි
chandima Thursday, 14 November 2019 01:22 PM
ඔය කියන්නේ එක ඡන්ද පෙට්ටියක් තියෙනවනම් වෙන්න ඇති. ඡන්ද පෙට්ටි දෙකක් තිබ්බම ඒවගේ දෙගුණයක් වෙනවනේ නේද?
Rohana Thursday, 14 November 2019 01:57 PM
ජනාධිපතිවරණයට අනවශ්‍ය ලෙස අපේක්ෂකයින් ඉදිරිපත්වීම වැළැක්වීමට පනතක් ගෙන ආ යුතුයි. නැත්නම් ලබන සැරේ අපේක්ෂකයින් 100ක් වැඩිවෙන්න පුළුවන්. ප්‍රධාන දේශපාලන සන්ධානවල අපේක්ෂකයින්ට මුල් තැන දෙමින් උපරිම අපේක්ෂක සංඛ්‍යාව 5ට සීමා කළහැකි නම් වඩාත් හොඳයි. නැත්නම් ඡන්දය ප්‍රකාශ කිරීමත්, ගණනය කිරීමත් ප්‍රතිඵල ප්‍රකාශ කිරීමටත් අනවශ්‍ය ලෙස කාලය ගතවෙනවා. ඉතිහාසයේ හැමදාම වෙලා තිබෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකක් පමණක් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලැබීම පමණයි. තුන්වෙනි කණ්ඩායමට යම් ඡන්ද ප්‍රමාණයක් ලැබුණත් අනිත් අපේක්ෂකයින්ට වලංගු ඡන්දවලින් 1%ක් වත් ගන්න බැහැ.
sampath Friday, 15 November 2019 07:08 AM
උදෙන්ම ගියත් දවල් වෙලා ගියත් ඔය කියන විදියට උපරිමය 1000 ක් විතරයි ජන්දේ දාන්න ඕනේ. මේක මහා හතර බීරි කතාවක්නේ. 1500 ක් ජන්දදායකයෝ ඉන්නවනම් උදේ 6 ට හැමෝම ඇවිත් හිටගෙන හිටියත් 500 කට ජන්දේ දන්නා බැරිවෙනවා. මේකේ හැටියට මිනිස්සුන්ට ඕනේ වෙලාවක එන්න පහසුකම තියෙන්න ඕනේ.