මහින්ද නිශ්ශංක
වැඩි කළ තිරිඟුපිටි මිල අද (15) දහවල් සිට ඉවත් කර ගැනීමට ප්‍රීමා සමාගම පියවර ගැනීම හේතුවෙන් පාන් මිල වැඩි කිරිමට ගෙන තිබූ තීරණය ඉවත් කර ගත් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.
මහින්ද නිශ්ශංක
වැඩි කළ තිරිඟුපිටි මිල අද (15) දහවල් සිට ඉවත් කර ගැනීමට ප්‍රීමා සමාගම පියවර ගැනීම හේතුවෙන් පාන් මිල වැඩි කිරිමට ගෙන තිබූ තීරණය ඉවත් කර ගත් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.
COMMENTS
Reply To:
-
ඔබ රටේ රජය නෙමේනේ තීරණය කරන්න. කවදා ඉඳන්ද පාන් මිල අඩුකරන එක වැඩිකරන එක ඔබ තීරණය කරේ? මේ පුද්ගලයා ගැන මැතිවරණ කොමිසම නීතිමය පියවර ගන්න ඕනෑ. පැහැදිලිව මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කළාට..
මේ අය කොහොමද එහෙම ප්‍රකාශයක් කරන්නේ? මොවුන්ට එරෙහිව නීතිමය පියවරක් ගන්නේ නැද්ද?
පුද්ගලික සමාගමක් පිට රටින් ගෙන්වන භාණ්ඩයක මිල රජය විසින් පාලනය කරන රටක, විදේශ සමාගම්වලට ඇවිත් ව්‍යාපාර ආරම්භ කරන්න කිව්වට වැඩක් වෙනවද? එ්කට කරන්න තියෙන්නේ තරඟකාරීව වෙනත් සමාගම් වලටත් පිටි ගෙන්වා බෙදා හරින්න අවසර දෙන එකයි. එතකොට තමයි පාරිභෝගිකයාට නියම ජාත්‍යන්තර මිල ගණන්වලට බඩු ලැබෙන්නේ... ලංකාව ව්‍යාපාර ආරම්භ කිරීමට ඉතාම සුදුසුම රටක් කියකිය විදේශ සමාගම් වලට ආරාධනා කළාට වැඩක් නැහැ. මෙව්වා බලලා තමයි එයාලා අපේ රටට එන්නේ... ඒ වගේම කොමිස් මුදල් අරන් ඒකාධිකාරි වෙළඳ අයිතියක් ලබාදීලා සමාගම්වලට ව්‍යාපාර කරන්න අවසර දුන්නම තමයි මේ දේවල් වෙන්නේ..? ඇයි ප්‍රීමා සමාගමෙන්ම විතරක්ම පිටි ගන්නේ, ඉන්දියාවේ ඉතාම අඩු මුදලට තිරිඟු පිටි තියෙනවා, චීනෙත් තියෙනවා, ඇයි නොගන්නේ...?
මෙය අදාල සමාගම විසින් හිතාමතා පොහොට්ටුවට වාසි ගෙන දෙන්නට කරපු වැඩක්. බැරිවෙලාවත් පොහොට්ටුව දිනුවොත් තමන්ගේ අරමුණ ලේසියෙන්ම ඉටුකර ගන්න පුළුවන් වේවි කියලා හිතන්න ඇති...
අනේ ලස්සන පාන් ගෙඩියක්..., අපේ පැත්තේ මෙහෙම පාන් නැහැ. තියෙන්නේ චාරුවෙච්ච ඇදවෙච්ච ගුරු පාට පාන්...!!!