IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පාන් පිටි මිලත් ඉහළට

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට තිරිඟු පිටි (පාන් පිටි) ආනයනය කරන සමාගම් දෙකෙන් එකක් වන සෙරෙන්ඩිබ් සමාගම පාන් පිටි කිලෝවක් රුපියල් 35 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

පාන්පිටි කිලෝවක් රුපියල් 121 ක්ව පැවැති අතර මෙම මිල වැඩිකිරීමත් සමඟ පාන්පිටි කිලෝවක සිල්ලර මිල 156 ක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන අනෙක් සමාගම වන ප්‍රීමා සමාගම මේ දක්වා මිල වැඩිවීමක් නිවේදනය කර නොමැත.

 



අදහස් (15)

පාන් පිටි මිලත් ඉහළට

vikum Friday, 11 March 2022 12:18 PM

රාජපක්ෂ වරුන්ට ජයවේවා...!!! අපේ රට මෙතරම් ඉහළින් ඔසවා තැබුවට...

:       23       60

Hafeel Friday, 11 March 2022 01:01 PM

එදා පොරොන්දු පරිදි තවත් සහන ලබාදෙමින් පවතිනවා. ඒ සහන දිනපතා දෙනවා...!

:       73       54

ranji Friday, 11 March 2022 01:06 PM

ආපහු නම් ඡන්දයක් දෙන්නේ සියපාරක් හිතලා.. මෙහෙම ගියොත් බඩගින්නේ මැරෙන්න වෙන්නේ.. එන්න එන්නම ජීවත් වීම දුෂ්කර වෙනවා.

:       9       58

69 ශ්‍රී 2019 Friday, 11 March 2022 02:10 PM

මම කුඩාකාලයේ අහස අල්ලන්න ගියා වගේ තමයි...

:       9       30

පිටිගල මිලානෝ Friday, 11 March 2022 02:50 PM

මහ හොරා ඇතුලු හැතිකරය අත්අඩංගුවට ගෙන හොරාකාපු බිලියන ගණන නැවත ගන්න පුළුවන් ආණ්ඩුවක් බිහිවේවා..!

:       57       49

NissankaFriday, 11 March 2022 05:13 PM

අපි ඒ දවස්වල ඉඳන්ම කියනවා ලංකාව දැන්වත් කාර්මික රටක් බවට පත් කරන්න පටන් ගන්න ඕනෑ කියලා. තේ, පොල්, රබර්, ගම්මිරිස් වලින් විතරක් රටක් දුවන්න බෑ. එක ටීවී එකක්, ෆ්‍රිජ් එකක්, කාර් එකක් ආනයනය කරන්න තේ කිලෝ කීයක් හදන්න ඕනද? ඒ හදන තේ කිලෝවකට ඒ මහන්සි වෙන සේවකයින්ට ලැබෙන්නේ දවසකට රුපියල් 600ක් විතර බව දන්නවාද? කෘෂිකර්මාන්තේ ලංකාවේ මිනිස්සුන්ට ආනයන වලින් තොරව කන්න බොන්න විතරක් තියාගන්න. අදටත් රට දුවන්නේ ප්‍රේමදාස මහත්තයා හදපු ෆැක්ටරි ටිකෙන්. ඊට පස්සේ රට රටවල්වලට විකුණපු අපේ අහිංසක අම්මලා එවන සොච්චමෙන්. දැන්වත් පාරවල් හදන එක නවත්තලා රසායනික කර්මාන්තශාලා හදපල්ලා.. ලෝහ නිස්සාරක හා ද්විතීක ලෝහ කර්මාන්ත පටන් ගනිල්ලා, තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාල වැඩි කරලා ලොකු සමාගම් ලංකාවට ගෙනැල්ලා, පේ පෑල් වලින් සල්ලි ලැබෙන්න සලස්සපල්ලා. ඉලෙක්ට්‍රෝනික සහ අධිතාක්ෂණ මෙවලම් හදපල්ලා. නැත්තන් සංචාරකයින් ටික නැවතිච්ච ගමන්, ලෝක බලවතෙක්ට වාතයක් ගිය ගමන් අපේ ආර්ථිකේ හාන්සියි. හම්බවෙන ඩොලර් වලින් තව ඩොලර් ගේන්න මාර්ග හදපල්ලා. නැත්තන් දාල පලයල්ලා...

:       0       49

අප්පුහාමි Friday, 11 March 2022 06:26 PM

මෙහෙමනේ නිස්සංක මහත්තයෝ, මිනිස්සු හිඟන්නන් වගේ හිටියා නම් බත්එකට කසිප්පු කාලට ඡන්දය දෙනවා. ඔබතුමා කියන දේ කළොත් ජනතාව රවටන්න බැහැ. ඔබතුමා කියන දේ සියයට දාහක් ඇත්ත. බලන්නකෝ අත් ට්‍රැක්ටරය මුලින්ම හැදුවේ ලංකාවේ අයෙක්... නමුත් එතුමාට එය හදන්න ඉඩක් දුන්නේ නැහැ. දැන් අපි ඒවා ආනයනය කරන්නේ ඩොලර් වියදම් කරලා. ඒකවත් අපිම හැදුව නම් අපට මෙහෙම වෙන්නේ නැහැ. එහෙම දේවල් කොතෙක්ද කියන්න අමාරුයි. මට මතකයි ඉස්සර ලංකාවේ සතයට වඩා යෙන් එකක වටිනාකම අඩුයි. දැන් කොහොමද ලංකාවේ කර්මාන්ත ශාලා කොතරම් තිබුණද අතීතයේ තාක්ෂණය කොතරම් දියුණුවට තිබුණාද, ඒ ගැන කිසිම තැකීමක් නැතුව කරන වැඩ නිසා මේ රට වලපල්ලට ගිය රටක් ලෙස අනාගතයේ කියැවෙනවා ඇත...

:       0       37

C.K.Lankaputhra. Friday, 11 March 2022 02:56 PM

සැප වැඩිකර දීම සඳහා විය හැකියි.

:       6       22

samantha Friday, 11 March 2022 03:29 PM

"තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න.."

:       9       26

Don Friday, 11 March 2022 04:52 PM

මේ විනාශය විහින් කරගත්තු දෙයක්... යන්තම් කොල්ලො ටිකක් පිටරටවල්වල බැලමෙහෙවර කරන්න ඇරලා තිබුණු හින්දා මෙහෙමත් බේරිලා ඉන්නවා. ඒ අයත් ලංකාවේ හිටියා නම් අද රටට මොනවා වෙයිද? ඡන්දයක් දිනාගන්න බැලමෙහෙවර කරන නිකමුන්ව රජයේ සේවයට පුරවලා ආණ්ඩුවේ රස්සා දීලා ගොඩගන්න බෑ. එතකොට කරන්න පුළුවන් එකම දේ තමයි ඡන්දෙ දිනන අය ගොඩයන එක..

:       0       20

Soma dubayi Friday, 11 March 2022 06:11 PM

බඩු මිල ටිකක් වැඩි වුණත් පසුගිය කාලේ රජය විශාල වශයෙන් වැටුප් වැඩි කළා.. ලෝක වෙළඳපලේ බඩු මිල ඉහළ ගිය නිසා ජනතාවට ටිකක් කැපකිරීම් කරන්න වෙනවා. නමුත් ජනාධිපති ගෝඨාභය මහතා මේ රට හරි පාරේ ගෙනියනවා...

:       31       4

Senawirathna Friday, 11 March 2022 07:19 PM

අපිට ගොඩක් සතුටුයි අනේ...!

:       26       11

lanka Friday, 11 March 2022 07:29 PM

මේ මිල ඉහළ යාමට හේතුව රුපියල අවප්‍රමාණය වීමයි. පහුගිය දවස්වල කැරකෙන පුටුවල වාඩිවී රුපියල පා කරන්නට යයි මොර ගෑ ආර්ථික ඔස්තාර්ලා සහ විපක්ෂය දැන් මේවාට පිළිතුරු දිය යුතුයි...

:       14       7

Jagath Friday, 11 March 2022 07:38 PM

දැන් ඉතින් 69 ලක්ෂයම රාජපක්ෂලාට ජයවේවා කියලා කේක් කාපල්ලා...!

:       11       20

jakie Friday, 11 March 2022 07:44 PM

සිරිමාවෝ මැතිණිය, අපේ රට කෘෂිකර්මය, රටට අවැසි විවිධ කුඩා කර්මාන්තශාලා අරඹා දියුණු කරන්න පටන් ගත්තා.. නමුත් ඒ සැම විප්ලවකාරී ත්‍රස්ත මැරයින් විසින් විනාස කර දැම්මා.. එදත් පෝලිම.. ඒ රටේම නිපදවූ භාණ්ඩ (රෙදි, පිඟන් බඩු ආදිය වැනි දේ ඇතුළු) වලට.. පාන්දර 4.00ට පෝලිමට ගිහින් පැය දෙක තුන සිටියේ තව කෙනෙක් ගෙදරින් එනතුරු පාසල් යන්න. ඒ දුෂ්කර ක්‍රියා වසර 5ක් 6ක් විඳවූවා නම්, අද අපේ දරුවන්ට බත බුලතින් පිරි අපේම රස දේ කාලා ඉන්නවා.. පිටරට දේට ලෝභ වී අද අපි අගාධයටම වැටුණා.. නැවත ගොඩ ගන්න කෙනෙක් පේන මානයේ නැහැ.. ඇමෙරිකාව හෝ චීනය යටතේ ඉඳිමු.. සමහර විට රුසියාවට යටත් වෙයිද..? අපි දුප්පත් නිසා තව තවත් පිරිහෙනවා කොරෝනා කියලා.. දැන් ලෝකයම තැති ගැන්විලා යුද්ධයක් එයිද කියලා..

:       4       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 567 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 327 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site