IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පානදුර වෙඩිතැබීමේ සිද්ධියේ ඝාතකයන්ට දින 5ක් නවාතැන් දුන් සැකකරැ දැලේ

 

(ඉන්දිකා රාමනායක)

යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු පානදුර පල්ලිමුල්ල හංදියේ දී ඉකුත් (25) පෙරවරුවේ ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි ධීවරයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධන්ධ සැකකරුවන්ට නවාතැන් දුන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

වෙඩික්කරුවන් දෙදෙනා ඝාතනයට පෙර ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක දින පහක් නවාතැන් ගෙන ඇති අතර ඝාතනය පැමිණි ඇත්තේ එම නිවසේ සිට බවද පොලිසිය කියයි.
 
මෙම සැකකරුවන් දෙදෙනා ඝාතනයට පෙර ගල්කිස්ස ගඟුල පාරේ නිවසක දින 5 ගත කර ඇති බවට ලැබුණු තොරතුරක් මත පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහතා යටතේ පරීක්ෂණ පවත්වන විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ගල්කිස්සේ  සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් 20 දින සිට 25 වැනි දින දක්වා ඉහත නිවසේ නවාතැන් ගෙන ඇති බවත් 25 වැනි දින එම නිවසේ සිට පැමිණි ඝාතනය සිදුකර පසුව යළිත් එම නිවසට ගොස් ඔවුන්ගේ බඩු බාහිරාදිය රැගෙන නිවසින් පිටවගොස් ඇති බවද, පරීක්ෂණ වලදී හෙළි වු බව පොලිසිය පවසයි.

ගල්කිස්ස නිවසේ දී අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ  නිවසේ දින පහක කාලයක් ගතකළ පුද්ගලයන් තමන් නොහදුන බවත්, මිතුරකු ඔහුගේ මිතුරන් දෙදෙනකුට දින 5 ක කාලයක් නිවසේ නවා තැන් ලබාදෙන ලෙසට කළ දැනුම් දීමක් මත රුපියල් 10,000 ක මුදලකට තමන්  නිවසේ නවාතැන් ගැනීමට අවසර ලබා දුන් බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය විසින් සැකපිට තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ඝාතන සිද්ධිය වන අවස්ථාවේ ධීවරයා සමග එදින ත්‍රිරෝද රථයේ පිටුපස ගමන්ගත් පුද්ගලයා බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් පොලිස් රැදවුම් නියෝග මත රදවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් පසුවේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වලාන ගැමුණු මාවතේ පදිංචි තිස්තුන් හැවිරිදි ලක්ෂාන් සදකැළුම් නමැති දෙදෙරු පියෙකි.



අදහස් (2)

පානදුර වෙඩිතැබීමේ සිද්ධියේ ඝාතකයන්ට දින 5ක් නවාතැන් දුන් සැකකරැ දැලේ

fairoos Thursday, 28 January 2021 08:03 AM

මේ පාතාලය කවදා ඉවර වෙයිද කියන්න බැහැ....

:       1       2

Shirley suraweera Friday, 29 January 2021 01:03 AM

ආයුධ බාරදීලා ඉවර වුණු දවසට...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 656 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site