IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


පැන්ඩෝරා ගැන නිරූපමාගෙනුත් ප්‍රශ්න කරන්න යයි

(සුජිත් හේවාජුලිගේ  සහ නිමන්ති රණසිංහ)

ප්‍රකෝටිපතියන්ගේ සැඟවුණු වත්කම් පිළිබඳව තොරතුරු අනාවරණය කෙරුණු පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන්වූ තිරුකුමාර් නඩේෂන් මහතාගේ බිරිඳ වන හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ  මහත්මියගෙන්ද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට  කටයුතු කරගෙන යන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

එම ප්‍රකාශය ලබා ගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රාජපක්ෂ මහත්මියට   දැනටමත් දැනුම් දී ඇත.

තමා අසනීපවී රෝහල් ගතව ප්‍රතිකාර ලබන හෙයින්  සුවවී පැමිණි පසු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව   නිරූපමා රාජපක්ෂ මහත්මිය එහිදී දැනුම්දී ඇතැයි  අල්ලස් කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ. 



අදහස් (8)

පැන්ඩෝරා ගැන නිරූපමාගෙනුත් ප්‍රශ්න කරන්න යයි

Nuwan Thursday, 04 November 2021 05:49 PM

ඉහෙන් බහින ලෙඩක් නැති උදවිය නඩුවක් වැටුණු හැටියේ රෝද පුටුවෙන් එන්නේ... නඩුව ඉවර වුණු හැටියෙන් ඇවිදගෙන යන්නේ...

:       0       31

Lalith M Friday, 05 November 2021 07:03 AM

සහතික ඇත්ත. දුමින්ද හාමු බැසිල් සර් රාජිත සර් හොඳම උදාහරණ. දෙමළ චිත්‍රපට වගේ. නිදහස් වුන ගමන් නැගිටලා මාධ්‍ය හමුවකට යනවා වට පිට කුඩුකරගෙන.

:       0       6

nunu Thursday, 04 November 2021 09:10 PM

හොරාගේ අම්මාගෙන් පේන අහනවලු....

:       0       28

Perera Friday, 05 November 2021 12:29 AM

අපේ අල්ලස් කොමිසමෙන් නම් නිරූපමාට කිසිම බේරිල්ලක් නැ කෙලින්ම දේපොල රාජසන්තක වෙලා වුරුදු 20 කට විතර හිරේ යවයි

:       0       0

Sudath Friday, 05 November 2021 02:48 AM

දක්ෂ නිලියක වගේ රගපැම විශිෂ්ඨයි

:       0       0

Sunil Friday, 05 November 2021 05:23 AM

ප්‍රශ්න කරනවා විතරයි. ඊට පස්සේ වෙන දෙයක් නැහැ. එක රටක එක නීතියක් හොඳින් ක්‍රියාත්මකයි.

:       0       0

Naushi Friday, 05 November 2021 08:08 AM

බයවෙන්න දෙයක් නැහැ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

:       0       6

sharm warn Friday, 05 November 2021 11:29 AM

අයියෝ අපරාදෙ නේ ලෙඩ වුණේ... මොනවට බය වෙන්නද? ඉන්ටර් පෝල් එකෙන් අල්ලන්න ආවත් ජනාධිපති, අගමැති, මැති, ඇමැති, මන්ත්‍රී... හැම පුටුවෙම ඉන්නේ තමන්ගේ අය වෙච්චි කොට... අපිට වගේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site