IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පොදුජන පෙරමුණ මහ මැතිවරණයක් ඉල්ලා උසාවි යන්න සැරසෙයි

(දයාරත්න ඇඹෝගම)

පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවැරීමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තීරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන මහතා අද (14) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අනුරාධපුර,මාතලේ හන්දිය,කුරුන්දන්කුලම පිහිටි ඒ මහතාගේ නිවසේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

එහිදී චන්ද්‍රසේන මහතා මෙසේද පැවසීය.

      ‘‘මේවන විට උතුරු මැද,ඌව,සබරගමුව යන පළාත් සභා විසුරැවලා වසර දෙකකට ආසන්න කාලයක් ගතවී තිබෙනවා.මේ රජය පළාත් සභා ඡන්දය පවත්වන ආකාරයක් පේන්නේ නැහැ.

එම නිසා මෙම පළාත් සභා තුනේ හිටපු මහ ඇමතිවරුන් වන එස්.එම්.රංජිත් සමරකෝන්,මහිපාල හේරත් සහ ශෂේන්ද්‍ර රාජපක්ෂ යන මන්ත්‍රීවරු මගින් ශ්‍රේෂඨාධිකරණයේ නඩුවක් පැවරීමට පක්ෂය තීරණය කොට තිබෙනවා.

ඒ අනුව මෙම මාසය අවසන් විමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට රජයට නියෝග කරන ලෙස ඉල්ලා නඩුවක් පැවරිමට කටයුතු සුදානම් කොට තිබෙනවා.

දැන් සියල්ල අමතක කරන්න අළුත් ව්‍යවස්ථාවක් රජය විසින් කරළියට ගෙනත් තිබෙනවා.මේ ව්‍යවස්ථාව අවුරුදු හතරකට පස්සේ ගෙනල්ලා දැන් තුනෙන් දෙකක ඡන්දයක් ඕන.

මේ තුනෙන් දෙක ගන්නා අකාරය පහුගියදා සුමන්තිරන් මන්ත්‍රීවරයා කීවා.අපේ ආණ්ඩුවට 117 ක් තියෙනවා.ජනතා විමුක්ති පෙරමුණේ පස් දෙනෙක් අපට ඡන්දය දෙනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු විසිඑක් දෙනෙක් ඡන්දය දෙනවා කීවා.

මේක අමුලික බොරුවක්නේ.ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු විසි එකක් කවුද ඕකට ජන්දය දෙන්නේ.සන්ධානයේ මහ ලේකම්වරයාම කිව්වා මේකට අපි ඡන්දය දෙන්නේ නැහැ කියලා.දැනටම ජනතා විමුක්ති පෙරමුණ කියලා තියනවා මේක කෙරෙන එකක් නෙමේ ඒ නිසා මේක පස්සේ ගිහින් වැඩක් නැහැ කියලා .

එහෙම නම් කොහේද තුනෙන් දෙකක්. ආණ්ඩුවට ඡන්ද 117 යි තියෙන්නේ.මේ 117 දෙනා ගෙනුත් රට බේදනවාට විරුද්ධ මන්ත්‍රීවරු මේකට ඡන්දය දෙයිද ?ඒ නිසා මේ ව්‍යවස්ථාව සම්පුර්ණයෙන්ම අකුලා ගන්න තියෙන්නේ.ඇත්තටම මේ ව්‍යවස්ථාව ගැන කතා කරන එකත් පාඩුයි.‘‘



අදහස් (6)

පොදුජන පෙරමුණ මහ මැතිවරණයක් ඉල්ලා උසාවි යන්න සැරසෙයි

Sanka Tuesday, 15 January 2019 12:41 AM

ඔය රට බෙදන කතා මිනිස්සුන්ව රවට්ටන මේ අයගේ බොරු සටන් පාට. දැන් එක පාරක් ව්‍යවස්ථාව කඩලා උසාවි ගිහින් අනාගත්තා මදිද? කොහොම හරි බලයට ඇවිල්ලා රට කන්න හදන්නේ. මේ රට විනාස මුඛයට ගෙනියන්නේ මේ අය තමයි.

:       0       0

Liyanage Tuesday, 15 January 2019 02:08 AM

මේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න අපි ඡන්දෙ දුන්නේ නැත

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 15 January 2019 04:19 AM

කවුද චන්ද්‍රසේන?

:       0       0

Chanak los angeles Tuesday, 15 January 2019 05:20 AM

රට අගාධයේ මොන මැතිවරණද ....

:       0       0

Batangala Tuesday, 15 January 2019 05:55 AM

පෙනෙන විදියට ආණ්ඩු බලයක් නැතිව ජීවිතේ ගැට ගහගන්න විදියක් නැතිව වගේ . මිනිස්සුට වැඩ කරන්න පුදුම තදියමක්නේ තියෙන්නේ. මේවා දැන් මිනිස්සු පිළිගන්නේ නැහැ හොඳේ.

:       0       0

ferna Thursday, 17 January 2019 07:14 AM

රටේ දාහක් ප්‍රශ්න මේ අයට ඡන්ද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 265 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 447 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 183 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site