IMG-LOGO

2025 මාර්තු මස 23 වන ඉරිදා


පුද්ගලයින් 570 ක් නිරෝධායන මධ්‍යස්ථානවල

(ඩයනා උදයංගනී)

        ඉතාලිය, චීනය හා ඉරානය යන රටවල සිට පැමිණි පුද්ගලයින් 570 දෙනෙකු මඩකලපුව හා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානවල මේ වන විට රඳවා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

එම රටවල සිට පැමිණෙන පිරිස් ගුවන් තොටුපලට පැමිණි වහාම නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යා නොහැකි බව කී අනිල් ජාසිංහ මහතා ගුවන් තොටුපල කටයුතු හා පෘෂ්ඨීය විෂබීජ හරණය ආදී කටයුතු වෙනුවෙන් යම් කාලයක් වැයවන බව ද සඳහන් කළේය.

ඉන්පසු සුඛෝපභෝගී බස් රථ මගින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් දින 14 ක් නේවාසිකව නිරෝධායනය කෙරෙන බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කොරෝනා වයිරස අවදානමෙන් ලෝකය මිදෙන තුරු දිගින් දිගටම මෙම කාර්යය කිරීමට සිදුවන බව ද කීවේය.

මෙම නිරෝධායන කටයුත්තට අමතරව චීනය ආදී රටවල සිට පැමිණි 4443 දෙනකු ඔවුන් සිටින ස්ථානවලදීම දින 14ක් යනතුරු පසුවිපරමකට ලක්කිරීමේ කිරීමේ කටයුතු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් සිදුකරමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 



අදහස් (16)

පුද්ගලයින් 570 ක් නිරෝධායන මධ්‍යස්ථානවල

mohomed Wednesday, 11 March 2020 01:26 PM

ආණ්ඩුව නටන ජෝගියන් ඔක්කෝමට කොරෝනාද?

:       329       305

anuraSaturday, 14 March 2020 10:47 AM

ළිඳේ ඉන්න ගෙම්බන්ට හැමදේම පේන්නේ ජෝගියක් විදිහට තමයි.

:       0       1

Champa Wednesday, 11 March 2020 01:28 PM

මේක හරි යන්නේ නැහැ. සති 2ක අනිවාර්ය නිරෝධායනය වෙනුවෙන් සියලු විදේශිකයින්ට ඩොලර් 250ක් ගෙවන්න කියන්න ගුවන් තොටුපලේදී... බ්‍රිතාන්‍ය සංචාරක උපදේශකයෙක් කිව්වා කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වෙන්න ලංකාවට යන්න කියලා.. මේ විදිහට ලෝකයේ කොරෝනා පැතිරිලා තියෙන යුරෝපා රටවලින් උතුරු, දකුණු ඇමරිකා රටවලින් සහ ආසියානු රටවලිනුත් ලංකාවට විදේශිකයන් එයි. ඒ හින්දා සියලු විදේශිකයින්ගෙන් කොරෝනා නිරෝධනය වෙනුවෙන් මුදලක් අය කරන්න... පිටරටවල ඉඳන් එන අපේ මිනිස්සුන්ගෙන් අය කරන්න එපා. අපි කොරෝනා නිරෝධනය ගැන කටයුතු කරන හැටි, රෝගීන් සහ කොරෝනා අසාදනය වුණු රටවලින් එන විදේශිකයන් අපේ ආගන්තුක සත්කාරය සහ හොඳ හිතයටතේ රැකබලාගන්න හැටි ගැන කියලා වාර්තාවක් (කෙටි) හදන්න. පොඩි යූ ටියුබ් වීඩියෝ එකක් හදන්න. ජනාධිපති වෙන්න තිබ්බේ මම. එහෙනම් මම ලෝකයාට කවදාවත් අමතක නොවෙන විදිහට ලංකාව ප්‍රමෝට් කරන්න මේ අවස්ථාව පාවිච්චි කරනවා. ඒ එක්කම ලෝක බැකුව වගේ මතක කොරෝනා නිරෝධනයට දෙන මුදලට ඉල්ලුම් කරන්න. ඕනෑම බෝවෙන ලෙඩකට පෙරුම්කායම් හොඳයි කියලා හැම සිංහලයාම දන්නවා. ඒ හින්දා පෙරුම්කායම් දාපු බ්‍රේස්ලට් එකක් වගේ හදලා පිටරටින් එන හැමෝටම ගුවන් තොටුපොලේදී දෙන්න "නොමිලේ..."

:       151       201

ChampaWednesday, 11 March 2020 02:24 PM

විදේශිකයින්ගෙන් සල්ලි අය කරනවා නම් ඒ අයට ඒසී කාමරයක් දෙන්න වෙයි. ඩොලර් 250ක් ලොකු ගානක් නෙමෙයි. විදේශිකයෙකුට සති දෙකක් නවාතැන් සහ තුන් වේලක් කෑම වාගේම කොරෝන වළක්වන බෙහෙත් මේ ඔක්කොම ඩොලර් 250කින් කරගන්න බැහැනේ. ඒ හින්දා මේ ගැන ප්‍රචාරයක් දෙන්න. හැබැයි සල්ලි ගන්නවා නම් පහසුකමුත් දෙන්න වෙනවා. ලොකු වැඩක් නෙමෙයි. මේ නිරෝධායනය "අනිවාර්ය" කරන්න. අපි කරන්නේ හොඳ වැඩක්. ඒ වගේම විදේශ රටවලින් එන අපේ මිනිස්සුන්ට වෙනස්කම් කරන්න එපා. සමහර අපේ අයත් ඒසී කාමර ඉල්ලුවා කියලා ප්‍රවෘත්තියක් දැක්කා. අපේ අයට ඒසී කාමර ඕනේ නම් සති 2ට ඒ ගානම ගෙවන්න කියන්න. දන්නවද, ඇමරිකාව ඩොලර් 3000ක් අය කරනවා. එක අයෙකුගෙන් කොරෝනා ටෙස්ට් කරන්න රෝහල්ගත කරන්න සහ ඒ ආශ්‍රිත කටයුතුවලට... ඇත්තම කිව්වොත් අපිට පුළුවන් ඩොලර් 250ක් නෙමෙයි ඩොලර් 500ක් අය කරන්න. ට්‍රැවල් ඉන්ෂුවරන්ස් තියෙන නිසා විදේශිකයින්ට මේ ගාන ඒකෙන් කවර් වෙනවා. ඒ හින්දා මේක ඒ ගොල්ලන්ට ලොකුදෙයක් නෙමෙයි. හැබැයි ඒසී තියෙන කාමරයක් දෙන්න හොඳද?

:       149       205

Anton Austria Wednesday, 11 March 2020 01:36 PM

මගේ රට ගැන මන් ගොඩක් සතුටින් ඉන්නේ... ඊට කෑගහපු මිනිස්සු කොරියාවෙන් ආපු නූගතුන්...7500ක් නැද්ද? ඇත්තටම රට ඉඳන් හම්බ කරගෙන එනවා. මේ කරන දේට සහයෝගයකුත් නෑ. ඔච්චර හොඳට කොරියා හිටියා නම් ඇයි එන්නේ මගේ රටට?

:       107       210

ChampaWednesday, 11 March 2020 02:32 PM

ඔබ මහා ආත්මාර්ථකාමී පුද්ගලයෙක්... කොරියාවේ වැඩ කරන ශ්‍රී ලාංකිකයන් රටට විදේශ විනිමය එවන බව අමතක වුණාද..?

:       324       258

Anton AustriaWednesday, 11 March 2020 05:10 PM

අනේ චම්පා විදේශ විනිමය එව්වා කියලා සතුටුයි වගේ හැසිරෙන්න පුළුවන්ද? චම්පා, ඔයා ඉන්නේ පටු දේශපාලනය පැත්තේ. මජ ඉන්නේ මගේ රට පැත්තේ. අපි දෙන්නා හිතන විදිය වෙනස්. ඔයා වගේම කොරියා ඉදන් ආපු අයත් හිතන්නේ ඔහොමයි. එයාලට ලෙඩක් තිබ්බොත් අනිත් අයට හැදෙනවා කියන එක හිතන්න.

:       0       45

Champa Wednesday, 11 March 2020 01:43 PM

අපේ හැම සිංහල බෞද්ධයින්ටම කියන්නේ... කොරෝනා නිරෝධායනය සහ පැතිරීම වළක්වා ගන්න ආණ්ඩුවට සහයෝගය දෙන්න. ජනාධිපති අගැමති ඇමති මණ්ඩලය වගේම සියලු පක්ෂ නායකයන් සහ ආගමික නායකයන් ජාති ආගම් කුල භේදයක් නැතුව එකමුතු වෙලා කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන්න වගේම අපේ ආගමික සහ සංස්කෘතික හැදියාව, ගුණවත්කම, ආගන්තුක සත්කාරය සහ ගිලනුන්ට උවටැන් කිරීම ගැන මුළු ලෝකයටම කියන්න මේ අවස්ථාව පාවිච්චි කරන්න. කොරෝනා ඕනේ කෙනෙකුට හැදෙන්න පුළුවන්... ඒ හින්දා අද තමන් නිරෝගී වුණත් හෙට රෝගී වෙන්න පුළුවන් කියලා හිතලා කොරෝනා නිරෝධනය වෙනුවෙන් සහයෝගය දෙන්න.. හැඳල රෝහල පාවිච්චි කිරීමට විරුද්ධව මනුස්සකමක් නැති පිරිසක් කරපු උද්ඝෝෂණයට බය නොවී හැඳල රෝහල ඒ කාර්යයට පාවිච්චි කරන්න. හාමුදුරු කෙනෙක්, සමාවෙන්න නම මතක නැහැ... තමන්ගේ පන්සල කොරෝනා නිරෝධායනයට දීලා තියෙනවා. ඒවගේ ත්‍යාගශීලි වෙන්න. කොරෝනා නිරෝධනයට ලක්කරන මිනිස්සුන්ට ආහාර දෙන්න ආණ්ඩුවට අමාරු නම් සිංහල බෞද්ධයන් මේ වෙලාවේ අපිට පුරුදු දානශීලි බව පෙන්වන්න. ගිලනුන්ට කෑම දෙන එක ලොකු පිනක්, දන්නවද? ආහාර, රෙදිපිළි බෙහෙත් වර්ග පරිත්‍යාග කරන්න. පෙරුම්කායම් වගේම කොළොඹ කොළත් බෝවෙන රෝගවලට හොඳ ඖෂධයක්...

:       148       152

Champa Wednesday, 11 March 2020 01:51 PM

ඒ වගේම විදේශ මුදල් අතපත ගානකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න. කොරෝනා හුඟක් පැතිරිලා තියෙන රටවල ආණ්ඩු කියනවා. නෝට්ටු සහ කාසි පාවිච්චි නොකර පුළුවන්තරම් කාඩ්වලින් ගෙවීම් කරන්න කියලා, වයිරසය පැතිරීම වළක්වා ගන්න එක විදිහක් විදිහට...

:       57       2

රංගන Wednesday, 11 March 2020 01:57 PM

ආණ්ඩුව මේ වැඩ පිළිවෙල හොඳටම අනාගෙන තියෙන්නේ... කයිවාරු විතරයි මේ අයගේ...

:       849       216

SenaThursday, 12 March 2020 12:58 AM

අපිට නම් පෙන්නේ වැඩ පිළිවෙල අනන්නේ ආණ්ඩුව නොවේ. පිට රටවල ඉඳන් එන මහා ඔලු කාරයොයි, ලංකාවේ ඉන්න මේ වැඩ වලට උදව් නොදෙන පිරිසයි. එහෙම අය වහාම අත්අඩංගුවට ගන්න ඕනේ. නැත්තන් අහිංසක මිනිස්සු දහස් ගානකට මෝඩයෝ දෙතුන් දෙනෙක්ගේ ගොන් වැඩ වලට විදවන්න වෙනවා.

:       0       0

Nimal Wednesday, 11 March 2020 04:12 PM

ඔක්කොම කාට හරි බණින අතරේ, චම්පා වගේ වැදගත් පණිවිඩ දෙන එක අගය කළ යුතුයි. නිකම් බැනලා වැඩක් වෙන්නේ නැහැ.

:       0       0

vidya Wednesday, 11 March 2020 11:37 PM

ශ්‍රී ලංකාවේ කෙරෙන මෙම උතුම් කර්තව්‍ය මුළු ලෝකයටම ආදර්ශයක්. ළඟදීම මෙම රෝගය නිවාරණය වේවා. යුද හමුදා සෙබළුන්ටත් , ගුවන් තොටුපොළේ සිටින සේවකයන්ටත් , ගුවන් යානා වල සේවය කරන සහෝදර සහෝදරියන්ටත්, සෞඛ්‍ය සේවයේ දිවා රාත්‍රී නොබලා ජීවිතය පරදුවට තබා සියලුදෙනාටත් විශ්වයේ බල ශක්තිය පිහිට වේවා. නිදුක් වේවා නිරෝගී වේවා.!

:       0       26

ranjith Wednesday, 11 March 2020 11:56 PM

චීන්නු ඉන්න තැන්වලම නිරෝධායනය කරනවා කියන්නේ මොන විකාරයක්ද ? චීන්නු එහෙම හැමතැනම ඉන්නවා. රටටම බෝකරන්නද මේ හදන්නේ ? අපේ රටේ මිනිස්සු විතරක් ගෙවල් වලට යවන්නේ නෑ. චීන්නුන්ට බයද ?

:       29       0

lalithm Thursday, 12 March 2020 02:39 AM

විදේශිකයින්ගෙන් සාධාරණ මුදලක් අයකර මේ පහසුකම් දෙන එක ඉතාම සාධාරණයි. හැබැයි රෝගියෙක් නම් මුදල් නොබලා ප්‍රතිකාර කිරීමත් කල යුතුයි. එහෙත් අපේ ශ්‍රමිකයින්ගෙන් මුදලක් අයකිරීම වගේම ඔවුන් ලොකු පහසුකම් ඉල්ලීමත් වැරදි. ඔය කව්රුත් මහා ලොකු පහසුකම් ලබාගෙන ඒ රටවල හිටියනම් ආපසු එන්නේ නැහැ මේ අවස්ථාවේ. තමන්ගේ රට සහ පවුල්වල සාමාජිකයින් ගැනත් හිතන්න ඕනේ.

:       0       0

gamini Thursday, 12 March 2020 03:37 AM

මේ ලෙඩේට ඒ සී හොද නෑ.

:       0       59

ඔබේ අදහස් එවන්න

 

දියත

දේශබන්දු පිටින් කෑම ඉල්ලයි
2025 මාර්තු මස 22 3398 7

පිටතින් ආහාර ගෙන ඒමට අවසර දෙන්නැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.


මඟ නතර වූ ජල යෝජනා ක්‍රම යළි අරඹයි
2025 මාර්තු මස 22 670 1

සංවර්ධන කටයුතු ප්‍රමාද වී ඇති ජල යෝජනා ක්‍රම සහ ප්‍රජා ජල යෝජනා ක්‍රම කඩිනමින් නිම කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.


මෙරටට අවශ්‍ය ඖෂධ මෙරටදීම හදනවා
2025 මාර්තු මස 22 832 3

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය සහය අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණ


ජපුර සරසවියේ අන්තර් සරසවි වර්ණ ප්‍රධාන උත්සවය
2025 මාර්තු මස 22 521 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අන්තර් විශ්ව විද්‍යාලීය 48 වැනි වර්ණ ප්‍රධාන උත්සවය (21) පසරුවේ එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ස්ස මහාචාර්ය යා පත්මලාල්


කුවේට් හිදී ආබාධිත වූ කාන්තිලතාට අලුත් ගෙදරක්
2025 මාර්තු මස 22 1403 2

කුවේට්හි රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වී ආබාධිත වූ ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මියට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහයෙන්


අයවැයට ඡන්දය දුන් හේතුව කාදර් කියයි
2025 මාර්තු මස 22 1903 3

ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කිරීමට ගත් තීරණයට ගරු කරමින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 107 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 513 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1116 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site