IMG-LOGO

පෞද්ගලික දත්ත පනතට ස.ජ.බ විරෝධය

(සුජිත් හේවාජුලිගේ සහ  මංජුල මහික වීරරත්න )

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේදී එම පනත් කෙටුම්පතට තම පක්ෂයේ විරුද්ධත්වය සටහන් කර ගන්නැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන්  පාර්ලිමේන්තුවේදී අද (9) ඉල්ලීමක් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ රටේ මාධ්‍ය සංවිධාන සියල්ල මේ පනතට විරුද්ධ බව සඳහන් කළේය.

එසේම මේ පනත් කෙටුම්පත ගැන මාධ්‍ය  සංවිධාන සමග සාකච්ඡා නොකළ බවද ඔහු කීවේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් වන ආංශික කාරක සභා මෙතෙක් පිහිටුවා නැති බවත් එම කාරක සභා මගහැර මේ පනත් කෙටුම්පත ගෙනඒම වැරදි ක්‍රියාමාර්ගයක් බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පැවසීය.

මාධ්‍යවේදීන් පහළොස් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පිරිසකට මේ පනතේ බලතල ලබා දුන්නොත් බරපතළ ප්‍රශ්නයක් මතු වනු ඇතැයිද  ඔහු පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ  විරුද්ධත්වය සටහන් කර ගන්නා බව  ප්‍රකාශ කළේ‍ය.



අදහස් (3)

පෞද්ගලික දත්ත පනතට ස.ජ.බ විරෝධය

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 09 March 2022 04:07 PM

සජබයේ දේශපාලන මත හා අපටද ප්‍රශ්න තිබෙනවා වෙන්නට පුළුවන්. ඒත්, දැන්නම් රට යන විදිහ ගැන කණගාටුයි.

:       2       9

fairoosWednesday, 09 March 2022 07:27 PM

සමිතට දැන් සැපද?

:       4       5

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 10 March 2022 12:24 PM

ෆයිරූස් මහතා නිකං වලිගේ පාගාගෙන වගේ පේන්නේ.මං මධ්‍යස්ථව ලියනා කෙනෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 28 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 604 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site