IMG-LOGO

පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම වැටුප ඉහළට

(ඩයනා උදයංගනී)

පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම වැටුප රුපියල් 10,000 සිට 12,500 දක්වා ඉහළ නැංවීම සඳහා 2016 අංක 3 දරණ සේවකයින්ගේ අවම වේතන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

එහිදී පෞද්ගලික අංශයේ සේවයේ නියුතුවූවන්ගේ අවම දෛනික වැටුප ද රුපියල් 400 සිට රුපියල 500 දක්වා ඉහළ නැංවීම සඳහා ද පියවර ගැනීමට නියමිතය.

සේවකයන්ගේ අවම වේතන පනත යටතේ 2016 ජනවාරි 1 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 10,000ක් විය යුතු බවටත් අවම දෛනික වැටුප රුපියල් 400ක් විය යුතු බවටත් නිර්දේශ කර තිබේ.

වර්තමානයේ පවතින ජීවන වියදමට අනුව එය ඉහළ නැංවිය යුතු බවට ජාතික කම්කරු උපදේශක සභාව නිර්දේශ කරනු ලැබ ඇති අතර එම නිර්දේශ සැළකිල්ලට ගනිමින් මෙම පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.



අදහස් (3)

පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම වැටුප ඉහළට

සනත් Wednesday, 01 May 2019 09:01 AM

දවසකට රුපියල් 500 කින් මොනවද කරන්න පුළුවන්. අපේ ගෙදර වැඩට ඉන්න අයට දවසට 1500/- ගානේ දීලත් මදි කියනව.

:       0       27

ජයලාල් දිසානායක Wednesday, 01 May 2019 12:05 PM

ඡන්දයක් අත ළඟ තියෙන නිසා පොඩි ලොසින්ජරයක් නේද ඇමතිතුමා දුන්නේ..? හූ..හූ අපි නම් රැවටෙයි ඕවට..!!! අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙවෙයි. හෙන ගහන්න ඕනෑ. අපේ දරුවන් බඩගින්නේ මැරෙනවා.

:       1       8

raviWednesday, 01 May 2019 12:53 PM

මොකද මෙතන හූ කියන්නේ?

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site