සිතුම් චතුරංග
මුලතිව්, පුදුකුඩිඉරිප්පු, කයිවේලි ප්‍රදේශයේ ඉඩමක් තුල පොළව යට සඟවා තිබූ එල්.ටි.ටි.ඊ සංවිධානය භාවිතා කළ නිලඇදුම් කට්ටල කිහිපයක් සොයාගත් බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
ඉඩමේ හිමිකරු විසින් ට්‍රැක්ටර් රථයක් යොදා ගනිමින් වගාකිරීම සඳහා භූමිය සකස් කිරීමේදී පොළව අභ්‍යන්තරයේ තිබූ යකඩ පෙට්ටියක් මතුව ඇති බව පොලිසිය පැවසීය.
සැකකටයුතු පෙට්ටිය සම්බන්ධයෙන් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් අනුව අදාළ පෙට්ටිය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබි එල්.ටි.ටි.ඊ සංවිධානයේ සාමාජිකයින් භාවිතා කළ නිල ඇඳුමක් හා ළමා සොල්දාදුවන් භාවිතා කළ නිල ඇඳුම් කට්ටල කිහිපයක් හමුවු බවද සඳහන් කළේය.
වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී එහි තිබී එල්.ටි.ටි. සංවිධානයේ ලාංජනය සහිත හිස්වැසුම් හතරක්, සිවිල් ඇදුම් කිහිපයක්, එල්.ටි.ටි.ඊ නායකයින්ගේ ජායාරූප ඇල්බමයක් , වීඩියෝපට කිහිපයක් ද සොයාගත් බව පැවසීය.
පලායන ත්‍රස්තවාදීන් ත්‍රස්තවාදීන් නැවත භාවිතයට ගැනීමේ අරමුණින් නිල ඇඳුම් හා බඩුබාහිර ඇදී එලෙස පොළවයට සඟවා තිබූ බවට සැකපලකරන බව පොලිසිය පැවසීය.
අදාළ නිලඇඳුම් සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පුදුකුඩුරිප්පුවෙන් කොටි සාමාජිකයින් භාවිතා කළ නිල ඇඳුම් හමුවෙයි
පුරවැසියා Tuesday, 12 May 2020 09:18 AM
ඡන්දෙ ළඟයි වගේ...