(චන්දන ප්‍රනාන්දු)
බෝගම්බර හිර ගෙදර සිටින පාතාලයෙකු බව හඟවා වෙන්නප්පුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන එල්ල කළ බව අනාවරණය වූ වෙන්නප්පුවප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි.
වෙන්නප්පුව ප්‍රදේශයේ මස්කඩ ව්‍යාපාරිකයෙක් තමන්ට දුරකතනයෙන් අමතා මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් තවත් මස් කඩහිමියෙක්ව සැක බවට පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණ පැවැත්වීමේදී මෙම දුරකතන ඇමතුම ලබා දී ඇත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ගේ දුරකතනයෙන් බවට තොරතුරු හෙළි වී තිබේ.
එම තැනැත්තා බෝගම්බර සිටින චුට්ටෙ බව පවසා මස් කඩයේ වෙළඳාම් ආරම්භ කළහොත් මරණ තර්ජන කල බව පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කීය.
වෙන්නප්පුව පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
සමහරවිට සත්ව කරුණාව නිසා කරපු දෙයක්ද දන්නේ නැහැ..
හරක් මරන්නන්ට කිසිම පිහිටක් හෝ උදව්වක් කරන්න එපා. ඔවුන් පව්කාර සහ ම්ලේච්ඡ කොටසක්...
පාතාලයත්, දේශපාලකයෝත් එකිනෙකාට කොයිතරම් සම්බන්ධද යන්න මෙයින් මනාව පැහැදිලියි. ඔවුන් තර්ජනය කරන්නෙත් එකිනෙකාගේ නම් මාරු කරගෙන....
ඇත්තෙන්ම මේ කකුල් දෙකේ ගවයාගේ නම් ගම් ප්‍රසිද්ධ කළා නම් සියලුම පුරවැසියන්ට සෙතක් සිදුවෙනවා නොවේද?