හෙරොයින් සහ ජීව උණ්ඩ සමඟ බොරැල්ල පුවලිංගම් පෙදෙසේදී පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙරොයින් ජාවාරමක නියැලෙන බව පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරක් මත බොරැල්ලේ පුවලිංගම් පෙදෙසේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුව සතුව හෙරොයින් තිබී ඇති අතර ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 51 ක් සොයා ගැනීමට හැකිව ඇත.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් ඔහු මාකඳුරේ මධුෂ් නැමැති පාතාල නායකයාගේ සහ දැනට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයාගේ ගෝලයකු වන ‘චිටි‘ නැමැත්තාගේ සමඟ සමීප සබඳතා පත්වන්නෙකු බවට තොරතුරු අනාවරණය වු බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කොටුව සංවිධානාත්මක අපරාධ නිවාරණ අංශයට බාර දී ඇති බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.
(36698)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පාතාලයට සම්බන්ධ පුද්ගලයෙක් බොරැල්ලේදී අත්අඩංගුවට