IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පුත්තලම - මන්නාරම පැරණි මාර්ගය වසාදමයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පුත්තලම - මන්නාරම පැරණි මාර්ගය නැවත දැනුම් දෙන තුරු අද( 14 ) සිට  වසා දැමු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
 
කඳුකර ප්‍රදේශවලට බලපෑ වර්ෂාවත් සමග කලාඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් වනාතවිල්ලුව එළුවන්කුලම හරස් මාර්ගය අද අලුයම වන විට අඩි තුනකට ආසන්න ජල ප්‍රමාණයක් ගලා ගිය බවද ඒ අනුව පුත්තලම මන්නාරම මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කටයුතු කළ බවද, පුත්තලම ආපදා කළමනාකරණ එකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ. එම්. ආර්. එන්. කේ. අලහකොන් මහතා පවසයි.
 
සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා සිටියේ මේ හේතුවෙන් මන්නාරම සිට පුත්තලම දක්වා හා පුත්තලමේ සිට මන්නාරම දෙසට ගමන් කරන ජනතාවට තාවකාලිකව විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.
 
විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් පිහිටා ඇති මෙම මාර්ගය මන්නාරමට ළඟාවීමට ඇති කෙටිම මාර්ගය ද වෙයි. එය අනුරාධපුර මන්නාරම මාර්ගයට වඩා කිලෝ මීටර් 100 කට අඩු දුරකින් යුක්ත වන බවද කියයි. මේ හේතු සහ විල්පත්තුව ජාතික වන උද්‍යානය නරඹමින් ගමන් කිරීමට හැකියාව පැවතීම නිසා බොහෝ පිරිසක් මෑත කාලයේ සිට මෙම මාර්ගය භාවිත කිරීමට පුරුදුව සිටියහ.
 
කෙසේ නමුත් පසුගිය දිනවල පැවති වර්ෂාව හේතුවෙන් විල්පත්තුව මැදින් වු මාර්ගයේ ගමන් කිරීමට අපහසු වූ බව වනජීවි නිලධාරීහු පවසති.



අදහස් (0)

පුත්තලම - මන්නාරම පැරණි මාර්ගය වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site