(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කලපුවේ නීතිවිරෝධි ආකාරයෙන් තල්ලු දැල් උපයෝගී කරගනිමින් මසුන් අල්ලමින් සිටි ධීවරයින් 9 දෙනෙකු අද (13) අත්අඩංගුවට ගත් බව පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකාර ධීවරයින් කරඹ, පුත්තලම, පුරිදිවාසල් යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මොවුන් කලපු පරිසර පද්ධතියට හානි කරමින් තහනම් තල්ලු දැල් උපයෝගී කරගනිමින් මසුන් ඇතුළු ඉස්සන් අල්ලමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව කියයි.
1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් ආඥා පනතේ තහනම් කර ඇති තහනම් පන්න ක්‍රමයක් වන මෙම තහනම් තල්ලු දැල් කලපුව තුළ භාවිතා කිරීම හේතුවෙන් ජලජ පරිසර පද්ධතිය දැවැන්ත ලෙස හානියට පත්වන බව ධීවර නිළධාරින් කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර ධීවරයින් හා මොවුන් සන්තකයේ තිබූ තහනම් තල්ලු දැල් තොගය ධීවර නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙහි වටිනාකම රුපියල් ලක්ෂයකට ආසන්න බව කියයි.
සැකකාර ධීවරයින් ධීවර බැදුම්කර මත මුදා හැරීමට ධීවර පරික්ෂක කාර්යාලය කටයුතු කර ඇති අතර, මේ මස (18) වන දින පුත්තලම අධිකරණයට පෙනී සිටීමට නියෝග කර තිබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පුත්තලම කලපුව වනසා තහනම් තල්ලු දැල් දැමු ධීවරයෝ 9 ක් අත්අඩංගුවට