IMG-LOGO

පැත්තෑයට බිලි වූ පුංචි මල්කැකුළ

(ලලිත් නවරත්න)

මුන්දලම  දේවාලහංදිය ප්‍රදේශයේ  නිවසක  බිළිදකුට පත්තෑයකු දෂ්ඨ කිරීමෙන් පසු නිදියහනේදීම මරණයට  පත්ව ඇති බව  පල්ලම පොලීසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ මුන්දලම අගුණවිල දේවාලහංදිය පදිංචි වයස මාස දෙකයි දවස් 22ක් වයසැති මිරිසගේ සිතූප දිලුම් සචිත්‍ර නැමති බිළිදෙකි.

මරණයට පත් බිළිඳා සිය මව සහ වැඩිමහල් සහෝදරියන් සමග එකම ඇඳක නිදන් සිට ඇති පියා වෙනම ස්ථානයක නිදාසිට ඇත.  අලුයම අවදිවී බැලීමේදී සිය දරුවාගේ නිහඩතාවය හේතුවෙන් පරීක්ෂා කළ පසු ශරීරය සීතලව තිබූ බව මව්පියෝ පවසති.

අනතුරුව දරුවා රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි. අනතුරව දරුවාගේ පියා නිවෙසට පැමිණ දරුවා නිදා සිටි ඇඳ පරීක්ෂා කරද්දි එහි තරමක් විශාල පත්තෑයකු සිටි බව පොලිසියට කියා.

කිසියම් සතකු සූරා ඇති අයුරු දරුවාගේ පිට පුරා දක්නට ඇතැයි ද රෝහල් ප්‍රකාශකයෙක් කිය.

මෙම මරණය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණය අද දින සිදු කිරීමට නියමිතය.



අදහස් (3)

පැත්තෑයට බිලි වූ පුංචි මල්කැකුළ

Nadeesha ganesan Friday, 22 October 2021 12:56 PM

දෙමව්පියන්ගේ නොසැලකිල්ල. දෙයක් උනාට පස්සේ දුක් වෙලා වැඩක් .අහින්සක දරුවෝ

:       10       5

Lalith M Friday, 22 October 2021 05:36 PM

පත්තෑයාද ඟරුඬාද. ගරුඬා දෂ්ඨ කිරීම නම් අධික ලෙස වේදනාව සහ ඉදිමීම සහිතයි. මාරාන්තිකද දන්නේ නෑ. දන්න කෙනක් ලියන්න .

:       0       0

Raveendra Saturday, 23 October 2021 06:39 AM

අනේ පව් අහිංසක දරු පැටියා.. ඔබට නිවන්සුව අත්වේවා පුතේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 794 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1206 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site