IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘පිටරට තියෙන ඩොලර් හැකි ඉක්මනින් ලංකාවට එවන්න‘

 (විනීතා එම් ගමගේ)


ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩි වෙමින් පවතින නිසා ඩොලර්වලට වැඩි මිලක් ගන්නට නම් ඉක්මනින්ම තමන් සතු ඩොලර් රටට එවන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදේශයන්හි රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කළේය. 


අනේවාසික විදේශ මුදල් ගිණුම් පොලිය මත අය කරනු ලැබු රැඳවුම් බදු ඉවත් කර ඇති නිසා බැංකු හරහා මුදල් එවිය හැකි වෙතැයි ද හෙතෙම කියා සිටියේය.


තව දුරටත් ඩොලරයේ වටිනාකම රුපියලට සාපේක්ෂව වැඩි වේයැයි සිතා ඩොලර් ළඟ තබාගෙන නොසිටින්නැයි ද ඉතිසාහයේ වෙනත් කිසිදු රජයක් ලබා නොදුන් සහනයක් ලබා දී ඇති බැවින් එම අවස්ථාව ප‍්‍රයෝජනයකට ගන්නැයි ද ආචාර්ය ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේය. 


මේ වනවිටත් විදේශගත ශ්‍රී ලාංකිකයින් තම ගිණුම්වලට මුදල් එවීම අරඹා ඇති නිසා ඩොලරයේ මිල අඩුවෙමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.


ඉදිරියේ දී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා බදු සහන  ලබා දීමට ආර්ථික පර්යේෂණ ඒකකය යෝජනා කර ඇති නිසා ඔවුන්ටත් බලාපොරොත්තු තබා ගෙන ඉදිරියට යා හැකි වන බව ද මන්ත‍්‍රීවරයා කීය.


විදේශයන්ගෙන් ආනයනය කරන දැව සඳ හා අය කරන බදු මුදල් ඉවත් කිරීමට ද යෝජනා කළ බව කී ගුණවර්ධන මහතා ආනයනික රෙදිවලට අයකරන බදු ඉවත් කිරීමට ද යොජනා කර ඇතැයි පැවසීය. 


මෙම යෝජනා අතුරු අයවැයේ දී ක‍්‍රියාත්මක වනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය. 


ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ අදහස් පළ කළේ පුංචි බොරැුල්ල වජිරාශ‍්‍රමයේ අද (04) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.  



අදහස් (73)

‘පිටරට තියෙන ඩොලර් හැකි ඉක්මනින් ලංකාවට එවන්න‘

piyasena Sunday, 04 November 2018 01:14 PM

අපි එවන්නේ අපිට ඕන නම්.

:       1       1

Nishantha Sunday, 04 November 2018 01:18 PM

අපොයි එතකොට 2500න් ජීවත් වෙන්න බැරිද?

:       2579       2174

shan saudiMonday, 05 November 2018 08:20 AM

පුළුවන් නිශාන්ත ගෙදර හදන බල්ලට මොකද? මෙයා හිතා ඉන්නේ අපි බල්ලෝ කියලනේ... හැබැයි ඒ නොවුණාය අපේ රටේ ඉන්නේ බත් කන හරක්.. එ්කනේ මේවා මෙහෙම වෙන්නේ...

:       604       18

SHAN SAUDI Sunday, 04 November 2018 01:22 PM

ඇයි ඔබලාටයි, පවුල්වල ඉන්න අයටයි අායෙත් වාහන ගන්නද? මෙච්චරකල් අපි එවපුවායින් අපට මොනවද දුන්නේ? කාලකන්නි ඒවා අරන් පවුල් ගොඩ දා ගත්ත මිස..

:       3011       3364

DasunSunday, 04 November 2018 02:07 PM

ඒ කෝටි ගණන්වල වාහන ගත්තේ ෆොන්සේකා සහ සමාගම බව මතක නැද්ද?

:       2214       2517

shan saudi Monday, 05 November 2018 06:31 AM

එතකොට කෝටි 2 ගැනේ ලම්බෝනි 6 ගෙනාවේ අපිද ඒවා ජනතා සේවයටද ගෙනාවේ මේ වගේ අය නිසා තමයි අපිට මෙහෙම උනේ......

:       528       137

nishaThursday, 08 November 2018 07:43 AM

සෞදි ශාන්, ඔය කියන කාර්, රත්තරන් අශ්වයෝ කෝ? කටකතාවලට රැවටිලාද, දැක්කද, නැත්නම් කවදත් තිබෙන ද්වේෂයද ඔය වැඩ කරන්නේ...?

:       0       0

sirimal Sunday, 04 November 2018 01:24 PM

පැහැදිලි මදි... ඩුබායි වල, යුක්රේන්වල එහෙම තියෙන ඒවා ගැනද මහත්තයා ඔය කතා කරන්නේ?

:       2531       1936

Sugandhi Sunday, 04 November 2018 01:25 PM

ඔබතුමන්ලාගේ පොලී අපට එපා.. අපේ මුදල් තියෙන්නේ ලන්ඩන්වල...

:       5274       3149

ඇල්බෝට්Sunday, 04 November 2018 08:38 PM

සුගන්ධි දුවේ, ඕනවට වැඩිය සල්ලි ලන්ඩන් වල තියන්න එපා. ඉංගිරිසිකාරයත් දැන් වැටිලා ඉන්නේ.

:       0       1

Dhammika Sunday, 04 November 2018 01:34 PM

එවන්නම් බලාගෙන ඉන්න කට්ටියට අලුත් වාහන ගන්නත් තියනවනේ...

:       1515       826

රවින් Sunday, 04 November 2018 01:35 PM

ඇයි අර වංශලාට ඕක කියන්නේ නැත්තේ?

:       1209       582

Rata PErata Sunday, 04 November 2018 01:39 PM

හා. කියනකම් හිටියේ. මාර මොලයක් තියෙන්නේ මෙයාට...

:       1470       860

banda Sunday, 04 November 2018 01:56 PM

ඔබතුමා කලබල වෙන්න එපා.. අපේ ඩොලර් අපි ඉන්න රටවලම තියා ගන්න එක අපේ ඇඟට ගුණයි..

:       6120       5237

Samin Demel Sunday, 04 November 2018 01:57 PM

අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආශාවක්..., මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් !!!

:       846       489

Laksitha France Sunday, 04 November 2018 02:04 PM

අපිට කෙළින්නයි හදන්නේ...

:       1136       658

Reality Check Sunday, 04 November 2018 02:06 PM

මට හිනා... ඔබට අමතක වුණාද ඔබ ඔය කතා කරන්නේ ළිදෙන් එළියට ආපු මැඩියන්ට කියලා? ඒ අය මෝඩ නැහැ. ඔයාලගේ ලණු සහ පොරොන්දු ලිඳේ ඇතුලේ ඉන්න මෝඩ මැඩියන්ට පමණක් සීමා කර ගත්තොත් නම් යම් රැවටීමකින් බඩගෝස්තරේ හොයාගන්න පුළුවන්...

:       1702       1244

sandy123 Sunday, 04 November 2018 02:07 PM

ඩොලර් ටික ඉතුරුයි. පොලිය 2500 යි. එ්කෙන් මුළු පවුලක්ම ජීවත් වෙන්න පුළුවන්. ආචාර්යවරයාගේ තියරිය හරිම සරලයි. ලෙහෙසියි.

:       1445       1015

lakmal Sunday, 04 November 2018 02:13 PM

මේ අයට දැන් ඩොලර් ඕනේ වෙලා ඇති... පක්ෂ මාරු කරන අයට ගෙවන්නට. දැන් රටේ තියෙන තත්වයේ හැටියට කලයුතු හොඳම දේ නම්, තමන් දහඩිය මහන්සියෙන් උපයන මුදල ලංකාවෙන් පිට තැන්පත් කර තිබීමයි.

:       2115       1554

sandy123Sunday, 04 November 2018 02:42 PM

අපි සීෂෙල්ස් යවමු...

:       5       229

kaira Sunday, 04 November 2018 02:16 PM

සුගන්ධි, ඔයාගේ කමෙන්ට් එකට් අකමැති 229 (මේ වනවිට). ඒ කියන්නේ මගේ මව්බිමට ආදරේ මිනිස්සු තාම ඉන්නවා. ඔයා ලන්ඩන්වලටම වෙලා ඉන්න. ඇල්බට් අන්කල් හම්බවුනොත් මතක් කලා කියන්න.

:       1549       2121

diasSunday, 04 November 2018 04:46 PM

රටට ආදරේ කිරීම එකක්, දේශපාලනයට උඩගෙඩි දීම තව එකක්.

:       0       1

KukkaSunday, 04 November 2018 08:04 PM

අපිත් වැඩකරන රටවලම තමයි අපි දුක් විඳලා හොයන සල්ලි තියාගෙන ඉන්නේ. කොටින්ම අපි මෙතෙක් එවපු සල්ලි ටික ආපහු ගෙන්න ගන්න මම ලංකාවේ බැංකුවට ලියන්නයි ඉන්නේ. ඔය මහා දේශප්‍රේමීන්ට වඩා අපි රටට ආදරෙයි

:       0       1

AsankaMonday, 05 November 2018 07:22 AM

මගේ මව්බිමට ආදරේ මිනිස්සු නෙමෙයි......... ඉවසන්න බැහැ ඇත්ත කිවම. දේශපාලුවන්ට කඩේ යන එක ලේ වලම තියන දෙයක් නේ.......

:       0       0

සරදියෙල් Sunday, 04 November 2018 02:22 PM

අනේ යන්න. රුපියල නග්ගන්න පිට රටවල් ඉන්න අපේ සල්ලි ඉල්ලන්න ඉස්සර කාපු රටේ සල්ලි එළියට අදින්න. රට කනවා මදිවට රටින් පිට ඉන්න ලංකාවේ අයත් නැති කරන්නයි හදන්නේ.

:       1117       640

jaseem Sunday, 04 November 2018 02:28 PM

අනේ අපි දන්නවා කොහේ තියන්න ඕනේද කියලා..?

:       962       301

Lakmal Sunday, 04 November 2018 02:30 PM

ඕක කරන්න ආණ්ඩුවක් ඕනේ නැහැ. ඔයාලා ඕනෙත් නැහැ. හිඟන්නෝ තමයි.

:       816       285

dias Sunday, 04 November 2018 02:44 PM

දැන් ඉතින් අලුත් සෙට් එකට වාහන එහෙමත් ගන්ට තියෙනවනේ. ඉතින් අපි මේ අයට අනුකම්පා කරලා හම්බ කරපු දෙයක් ලංකාවට අරිමු.

:       745       218

Mahesh-saudi Sunday, 04 November 2018 02:53 PM

අපේ රටේ ගෙවුම් ශේෂය පියවන්න ලොකුම දායකත්වය සපයන්නේ විදෙස්ගත ශ්‍රමිකයින් ! ඔවුන්ට ඡන්දය නොමැති බැවින් කිසිම රජයක් විදෙස් ශ්‍රමිකයින්ට සලසපු සෙතක් නැත ! අඩුම තරමේ ගුවන් තොටුපලින් නැවත යනවිට ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමට සිටින නිලධාරීන් දුටුවිට (බලෙන් insurance ලබා දේම සඳහා) නැවත පැමිණීමටද නොසිතේ!

:       0       336

NuwanMonday, 05 November 2018 05:38 AM

සහතික ඇත්ත

:       0       29

BamunuarachchiMonday, 05 November 2018 11:26 PM

සව්දියේ ගුවන් තොටුපොල නිලදාරීන් ඔබට සිනහ මුහුණ පෙන්වූව දවසක් තිබෙනවාද? නැහැ නේද එහෙනම් ඇයි මෙරට නිලධාරීන්ට දොස්කියන්නේ. නිලදාරියෙකුට පාස්පෝට් එක දෙන විට මැෂිමකට පොත් දැම්ම කියලා හිතාගන්න. මැෂිම ඔබ සමග කතා කරන්නෙත් නැහැ ඔබ මැෂිම සමග කතා කරන්නෙත් නැත.

:       7       1

PA - RA Sunday, 04 November 2018 02:53 PM

අපොයි බැහැ. කලින් එවපුවා කෝ..? සොරු අරන්ගියා ! අායෙත් එව්වොත් දෙයියන්ගේ පිහිටයි.

:       1067       469

Sampath thushara kumarasinghe Sunday, 04 November 2018 03:04 PM

ඉස්සර වෙලා ඔබලගේ සේප්පුවල තියන අසාධාරණ සල්ලි මහා බැංකුවේ තැන්පත් කරපල්ලා. ඊට පස්සේ අපි එවන්නම්... ලැජ්ජ වෙන්න ඕනේ ඔහොම කියන්නත්... ඉල්ලන්නත් අහිංසක මිනිසුන්ගෙන්, වේදිකාවට නැගල කෑ ගහල පෙන්නන ආදරය උඹලා ලඟ ඇත්තටම තිබුණානම් අපේ රටත් හොඳ ලස්සන රටක් නේද? දැන් මැති ඇමති හුවමාරුවට යන සල්ලි රටේ වැඩකට දැම්ම නම් එ්ත් ඇති !!!

:       0       3

chathuri Sunday, 04 November 2018 03:06 PM

හිතන්න එපා. පිටරට ඉන්නේ ඔයාලා වගේ අය කියලා. තියෙන රුපියලත් අදිනවා. දැන් විදේශීය නායකයින්ම පිටුපානවා නම් සාමාන්‍ය වැසියා ඊට වැඩිය පරිස්සම් වෙන්න ඕනෑ. මෛත්‍රී කිව්වනේ පිටරටින් කිසිම දෙයක් එපා අපි වවලා කනවා කියලා. ඇයි දැන්ම පටන් ගත්තේ. හිඟා කන්න රෙද්දක් ඇඳගෙන යන්න පුළුවන්ද? ණය මුදල් ගේන්නේ කව්ද? ඉන්නේ දැන් විදේශය සමග ගනුදෙනු කරන්න පුළුවන් තරම්... කොන්ද පණ තියෙන ප්‍රිය මනාප පුද්ගලයෙක් පතෝල, කුරහන්, හැමතැනම වවන්න. ගන්න රුපියල ගොඩදාගන්න පුළුවන්... පිටරට ඉන්නේ මොලේ තියෙන තමන්ගේ මහන්සියෙන් වැඩ කරන මිනිසුන්... ඇමතිලා වගේ හොරාකන නිකම් ඉඳන් බෙලි කපන කට්ටිය නෙමේ... ලැජ්ජයි කියන කතාවට... රාජපක්ෂලාට... කියලා බැලුවා නම් හංගලා තියෙන ඩොලර්.... එළියට දමන්න කියලා...

:       954       10

benat Sunday, 04 November 2018 03:10 PM

ඇයි බැංකු හරහාම එවන්න කියන්නේ? බැංකුකාරයෝ ටික පෝසත් කරන්නද?

:       0       4

ranjith Sunday, 04 November 2018 03:21 PM

මේ කතා වෙන අය කලින් කිව්වනම් මොනවා හරි මෙයා කියනවා බලය නෙවෙයි රට හදන්න උවමනාව තියෙන්න ඕනේ එහෙම අය අද ඉන්නවද

:       0       0

marlan. de. silva- North America Sunday, 04 November 2018 03:26 PM

මෙහෙමත් දේශපාලුවෝ. ලංකාව තුල සිටින අය රැවට්ටුවට පිටරට වෙසෙන ලාංකිකයින් රැවටීමට ලෙහෙසි නැත.

:       0       0

අරුන Sunday, 04 November 2018 03:33 PM

ඔව් මන්ත්‍රී තුමො අපි මෙහෙ ගොඩ ගහගෙන ඉන්නවා ඔබ තුමන්ලා කිව්වාම එවන්න

:       0       1

Sanju Sunday, 04 November 2018 03:35 PM

ආනයන බදු නෙවෙයි අපනයන බදු අඩු කරලා රටට ඩොලර් ගේන අයට අවස්ථාව දෙන්න

:       0       1

shehan Sunday, 04 November 2018 04:39 PM

මේ අයට දැන් ඩොලර් ඕනේ වෙලා ඇති... පක්ෂ මාරු කරන අයට ගෙවන්නට. දැන් රටේ තියෙන තත්වයේ හැටියට කලයුතු හොඳම දේ නම්, තමන් දහඩිය මහන්සියෙන් උපයන මුදල ලංකාවෙන් පිට තැන්පත් කර තිබීමයි.

:       0       0

Nandalal DE SILVA - France Sunday, 04 November 2018 04:49 PM

අපි වගේ අය දුක්මහන්සියෙන් උපයා ශ්‍රී ලංකාවට එවන යුරෝ, ඩොලර්, පවුම්, යෙන් ආදියෙන් අපේ රටේ දේශපාලුවන්ට සැපට කාලා බීලා සුඛෝපබෝගී ජීවිත ගත කරන්න තව දුරටත් ඉඩ දෙන්න ඕනද? අපි දැන් දන්නවානේ කවුරු හෝ පාර්ලිමේන්තුවට රිංගන්නේ විශාල වැටුප් ලබාගෙන, ධනපති පන්තියේ වාහනවලින් රට වටාත්, ඒ වගේම විදේශ සංචාරත් සඳහා මිස ඡන්දදායකයන්ට සෙතක් යහපතක් සඳහාත් නොවන බව!

:       0       7

rasika Sunday, 04 November 2018 05:35 PM

පිටරටින් ලංකාවට සල්ලි එවන අයට සහන සලසන්න. අඩුම අවුරුදු 10 හෝ 5 ක් පිටරට ඉදල ලංකාවට සල්ලි මිලියන 2 ක් එවල තියෙනවනම් , ඩියුටි ෆ්‍රී , තීරු බදු නැතිව වාහනයක් ගන්න අවස්ථාව දෙන්න. එතකොට සල්ලි එවයි ඕන තරම්. තව ලංකාවේ ගුවන් බලපත්‍රය තියෙන අයට හොද පිලිගැනීමක් කරන්න ගුවන් තොටුපලේදී

:       0       0

Perera Sunday, 04 November 2018 05:50 PM

රුපියල අවප්‍රමාණය වෙන්න වෙන්න ඩොලරයට ලැබෙන රුපියල් ගාන වැඩි වෙනවා. ඒ විතරක් නෙවි උවමනා වෙලාවට තමුන්ට ඕනා රුපියල් ගානක් රටින් ගෙනයන්නත් දෙන්නේ නැහැ විනිමය පාලක නීති නිසා. මෝලයක් තියෙන කෙනෙක් අවශ්‍ය ප්‍රමාණයට වඩා රුපියල් ලංකාවට යවන්නේ නැහැ ඩොලර් රුපියල් වෙච්ච ගමන් අවප්‍රමාණය වෙන නිසා.

:       0       0

Amila Sunday, 04 November 2018 06:14 PM

පිට රටින් එන මුදල් වලට ගිය ආණ්ඩුව ගෙනාපු බදු ගැසීම ඉවත් කිරීම හොද දෙයක්. රටේ නිෂ්පාදනය වැඩි කරගන්න වෙනවා මේ ආර්ථික අවුලෙන් ගොඩ එන්නත්. හැබයි මේ ආණ්ඩුව ගත්ත විදියනම් අවුල් ඒක නිසා අපනයන වලට කොයි විදියට බලපායිද කියන්න බෑ.

:       0       0

sam Sunday, 04 November 2018 08:17 PM

හරි හමන් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා මිසක් විදේශගත ලාංකිකයන්ගෙන් ඉල්ලලා රට ගොඩ නගන්න පුලුවන්ද ?

:       0       0

Malka Sunday, 04 November 2018 09:58 PM

ඔව් අපි මහන්සියෙන් හොයලා එවන එක නතර කලොත් ඔයාලා කොට උඩ.

:       0       0

Lawrence Sunday, 04 November 2018 09:58 PM

සතයක්වත් යවන්න එපා .

:       1       0

Susil Sunday, 04 November 2018 11:26 PM

"ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩි වෙමින් පවතින නිසා" මේක කලේ සංචිතවලින් ඩොලර් මිලියන 50ක් මුදා හැරලා.. හරියට කතාව ඒගොල්ලන්ගෙ හැකියාව නිසා කියල.

:       0       1

Saman Sunday, 04 November 2018 11:26 PM

ඇයි අලුතෙන් පනින අය ඉල්ලන්නෙ ඩොලර්ද ?

:       0       1

de silva berlin Monday, 05 November 2018 01:18 AM

පුරවැසියන්ට කිසිම සහනයක් නොදෙන රජයේ කාර්යාලවල අපි නිකරුනේ රස්තියාදු කරවන , සාමාන්‍ය පුරවැසියන්ට එක නීතියකුත් දේශපාලකයන්ට වෙන නීතියකුත් තිබෙන, අපි ගන්න වාහන වලට අහස උසට බදු ගහන දේශපාලකයන්ට තීරුබදු රහිත වාහන දෙන ඔවුන්ට අපේ වියදමින් නොමිලේ ඉන්ධන දෙන, ඡන්දෙට කලින් දෙන පොරොන්දු ඡන්දෙන් පසු ඉටු නොකරන මුදලට පිල් මාරුකරන දේශපාලකයන් විසින් පාලනය කරනු ලබන රටක අපි දුක්මහන්සියෙන් උපයාගත් ඩොලර් ආයෝජනය කරන්න තරම් පිස්සුවක් අපට නැත. එහෙම කලොත් අපට සිදු වන්නේ වයසට ගිය කල සිගමන් යදින්න ,

:       0       1

Dasa Monday, 05 November 2018 01:19 AM

කියනකන් හිටියේ

:       0       0

disanayaka Monday, 05 November 2018 02:08 AM

මේ අය කවදාවත් විදේශ වල රස්සා කරන අහිංසක සේවකයනට කිසිම පහසුකමක් දුන්නේ නෑ. කොච්චර ඩොලර් එව්වත් ණයක්වත් ගන්න ක්‍රමයක් නෑ. මේ අය විතරයි වාහන ගන්නේ ඔවුන්ට කිසිම පහසුකමක් දෙන්නේ නෑ. දැන් ඩොලර් ඉල්ලනවා.

:       0       0

ජගත් Monday, 05 November 2018 02:19 AM

වැඩක් නැනෙ සල්ලි එව්වාට අපිට සහනයක් නැ. දැන්ද මතක්වෙන්නෙ අපිව

:       0       0

vipula Monday, 05 November 2018 03:23 AM

තමුන්ගේ දැනුම යොදවල රටේ කෘෂි , නිෂ්පාදන, සේවා අංශ සවිමත් කරලා රටෙන් එලියට යන මුදල් , රට ඇතුලේ සංසරණය වන ආර්ථික ක්‍රමයක් ඇති කරන්න ඕනේ . හිගා කන එක හරි ලේසී .

:       0       126

kusal Monday, 05 November 2018 03:52 AM

මුගේ ආර්ථික විද්‍යාව ඉගෙනගෙන මට ඒ ලෙවල් මට එෆ් 04 ලැබුණා

:       348       211

viraj Monday, 05 November 2018 04:30 AM

අනේ මන්ද ලැජ්ජයි ඔහෙලා ගැන............

:       101       71

Lal priyantha Monday, 05 November 2018 04:43 AM

ආණ්ඩු මාරුවෙන් ඩොරල් එක්ක බැස්ස කියලද. ඉන්දියාවේ රුපියල ස්ට්‍රොන්ග් වෙලා තියෙන්නේ ආණ්ඩු මාරු වෙළද.? මිනිස්සු රවටන්ද හදන්නේ.....

:       1148       186

prasad Monday, 05 November 2018 05:03 AM

ආ එහෙමද ආස?

:       987       90

Saman Monday, 05 November 2018 05:03 AM

ට්‍රම්ප්ට කියන්න.

:       488       40

banda Monday, 05 November 2018 05:56 AM

ඇයි තව ටිකක් බාගන්නද?

:       511       156

de silva berlin Monday, 05 November 2018 06:29 AM

පසුගිය අවරුදු 9 තුළ රටේ යුධයක් නොතිබුණත් ඔබලාගේ ක්‍රියා කලාපය නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල විශාලලෙස පහත වැටිලා , නමුත් දේශපාලකයන්ගේ සහ ඔවුන්ගේ ගෝලයන්ගේ ආර්ථිකය සහ වත්කම් නම් සියයට පන්සීය ගුණයකින් ඉහල ගොස් ඇත , අපි අපේ විදේශ මුදල් ලංකාවට එවුවොත් ඒවගේ වටිනාකම ඉදිරියට අවරුද්දකට 15% ප්‍රමාණයක් පහල වටෙනබව පසුගිය වසර 9 තුළ රුපියලේ සහ ඩොලරයේ හැසිරීම බලන කොට පෙනෙනවා , ඉතින් අපි මොකටද එහෙම දෙයක් කරන්නේ , ? පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂදෙකෙම දේශපාලකයෝ තම පවුද්ගලික ධනය සහ බලය වර්ධනය කිරීමට ප්‍රමුකස්ථානය දෙමින් රටේ දියුණුව පසුපසට දමා ක්‍රියා කරන බව හොදින් පෙනෙනවා , අපි ලංකාවට අවහම සහ ලංකාවේ තානාපති කාර්යාලයකින් පාස්පෝර්ට් එකක අලුත් කරගැනීමට ගියහම , අපිව නිකරුනේ රස්තියාදු කරන හැටි දැක්කම , අපට ඇතිවෙන්නේ ලොකු කලකිරීමක් , ඉති අපි කැමති නැහැ අපි දුක් මහන්සියෙන් හම්බුකරපු මුදල් ලංකාවේ ආයෝජනය කරන්න .

:       842       311

palitha Monday, 05 November 2018 06:32 AM

අනේ යනවා , අපි දන්න ආර්ථික විද්‍යාව.

:       278       124

Asiri Monday, 05 November 2018 06:50 AM

ඇමතිතුමා ලංකාවේ මුදල් සංචිත වල සල්ලි ඉවරද . දන්නේ නැති නිසා අහන්නේ !

:       0       0

Ananda Monday, 05 November 2018 07:02 AM

ඔව් .... මොවුන්ව කොහොම හරි ජිවත් කරන්න එපෑ.

:       67       80

Ravi Monday, 05 November 2018 08:21 AM

ඔව් අපි පණ කඩාගෙන එව්වම බැරියැ.. වාරු නැති වයසක මව්පියන්ගේ හරි රස්සාවක් නැති කසාද නොබන්දපු බවලත් ඥාතියන්ගේ හරි ගිණුම්වලට බදු ගහලා වැඩේ දෙන්න. විලි ලජ්ජා නැතිව ඒ පාර පිටරට ඉන්න මිනිස්සුන්ගේ කරෙන් ගිහින් ආණ්ඩු කරන්නද හදන්නේ? පිටරට මිනිස්සු සල්ලි එව්වේ නැතිනම් ඔය පාර්ලිමේන්තුවේ තීන්ත ගාන්නවත් රටේ සල්ලිනැති බව හැමෝම දන්නවා.

:       73       101

Dulmi Monday, 05 November 2018 08:36 AM

එවන්න කියන්න ලේසියි. පිටරට ඉන්න අපි රාජකාරි වැඩක් කරගන්න ලංකාවට කතා කළාම ඔබතුමාලගේ ආණ්ඩුවේ නිලධාරින් අපිට සලකපු හැටි හොඳට මතකයි. ගුවන් තොටුපලේ සැලකීම හරියට සරණාගතයෝ ගෙදර ආවා වගේ... බටහිර රටක සිට නිවාඩුවට එන කෙනාට රේගු නිලධාරින් සලකන්නේ තමන්ට ඕස්ට්‍රේලියාවට පැන ගන්න බැරි වුණු වාඩුව ගන්න වගේ. තව සල්ලිත් එවන්නකෝ මේන් කියලා!

:       728       31

Channa Monday, 05 November 2018 08:53 AM

පැනගෙන ආවා පස්ස දොරින් ආණ්ඩු කරන්න.. දැන් පිටරට ඉන්න ලංකාවේ මිනිස්සුන්ගේ වලිගේ එල්ලෙන්න හදනවා. අන්තිමේදී බුදියන පැදුරත් දැන් දැන් පිටරටින් එන්නා කිව්ව සින්දුව තමයි අපිට දැන් කියන්න වෙලා තියෙන්නේ..

:       0       44

Ranga Monday, 05 November 2018 09:36 AM

මමත් දුල්මිගේ කතාවට එකඟයි.

:       0       1

Ranjulaa Monday, 05 November 2018 09:44 AM

අනේ ඇමතිතුමෝ අපි මෙහෙ වැඩ කරලා යමක් හම්බ කර ගන්නේ හොඳටම දුක් මහන්සියෙන්. බවලත් උදවිය වගේ මහජන බදු මුදල් වලින් යැපිලා නෙවෙයි. මැද පෙරදිග ගිය මිනිස්සු අපිටත් වැඩිය දුක් විඳිනවා.

:       0       1

Janaka Monday, 05 November 2018 09:47 AM

මෙන්න පිටරට මිනිස්සුන්ගේ ප්‍රතිචාර මේවා ඇහෙනකොට . "මයි බොඩි ෆිෂ් ඩාන්සින් ! "

:       0       4

විජිත් Monday, 05 November 2018 07:19 PM

හා

:       0       1

latha Wednesday, 07 November 2018 04:24 AM

ඩොලර් 14 නේ (රුපියල් 2500) පව්ලකට මාසෙකට වියදම් වෙන්නේ. ඉතින් මොකටද ඔච්චර ඩොලර් කන්දරාවක්.

:       0       15

lalith Wednesday, 07 November 2018 11:05 PM

මොකද? පාර්ලිමේන්තුවේ බුරියානි දෙන්න සල්ලි නැතිලුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 577 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site