IMG-LOGO

පූජිත්ට-හේමසිරිට එරෙහි පරීක්ෂණ අවසන්

(නිමන්ති රණසිංහ)

පාස්කු ඉරු දින ප්‍රහාරය වළක්වා නොගැනීමට ක්‍රියා නොකර, සාපරාධී  ලෙස රාජකාරිය පැහැර හැරියේ යැයි කියන සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව කළ පරීක්ෂණ කටයුතු අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කරුණු දක්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළව කළ විමර්ශන අවසන් බැවින් සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේ දී ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගැන නීතිපතිවරයාගෙන් උපදෙස් ගැනීම සඳහා උධෘත ගොනු යවා ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්. පී. ජයසූරිය මහත්මිය  කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම කරුණු ඉදිරිපත් විය.



අදහස් (5)

පූජිත්ට-හේමසිරිට එරෙහි පරීක්ෂණ අවසන්

Raveendra Wednesday, 23 September 2020 09:33 AM

දැන් ඉතිරිව ඇත්තේ එදින පූජාවට ගොස් මියගිය සහ තුවාල ලබා මුළු ජිවිත කාලේටම දුක්විඳින මිනිසුන්ගෙන් ප්‍රශ්න කිරීම.. ඇයි එදා පූජාවට ගියේ ගෙදර නොසිට..? බදුල්ලේ ඉන්න ගොන් නරිහාමි නොගිය නිසා නරින් නරිහාමි මැරුණු ලෙස ජීවිත බේරා නොගත්තේ මන්ද?

:       1       6

තුසිත Wednesday, 23 September 2020 10:40 AM

වගකිවයුතු අය බලයේ ඉද්දී දෙන තීන්දු තීරණ ගැන හිතාගන්න පුලුවන්.. ජීවිත 300ක් බිලිදීලා බලය ගත්ත අයගෙන් සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන එක මෝඩකමක්...

:       1       3

ඉන්දික Wednesday, 23 September 2020 12:57 PM

දෙන්නම නිදොස් කොට නිදහස් නේද..? එතකොට අපේ හිටං ජනපති..? එයාටත් උප අගමැතිකම දෙන හින්දා නිදොස් කොට නිදහස්... මෙව්වනේ... අප්පා නාටක...

:       2       2

Jude Wednesday, 23 September 2020 01:13 PM

මෛත්‍රී ගැන කියන්න ගත්තා විතරයි. පොලිසිය ගාණට කේස්එක ඉවර කළා.

:       1       3

isuru Wednesday, 23 September 2020 05:03 PM

බුදු සරණයි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 139 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site