(රංජන් කස්තුරි)
මැතිවරණ ප්‍රචාරක කටයුතු නිමවූ අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට කිසිඳු කරුණක් නිසා උපවාස කිරීම තහනම් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.
මැතිවරණය පැවැත්වෙන නිහඬ කාලයේදී කිසිඳු පුද්ගලයෙකුට හෝ උපවාස ආදිය සිදුකිරීම නතර කරන්නැයි මැතිවරණ කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත දැනුම් දීමක් කළ බවද ඔහු පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සකච්ඡාවකදී මහින්ද දේශප්‍රිය මහතා මෙසේද කීය.
සමහරු මාරුවෙන් මාරුවට උපවාස කරනවා.ඒකෙන් කිසියම් අපේක්ෂකයෙකුට අගතියක් වෙන්න ප්‍රළුවන්.තව කෙනෙකුට වාසියක් වෙන්න පුළුවන් යැයි ඔහු කීය.



ඡායාරූප - ඉෂාන් සංජිව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නෑ මැකෝ, ඒ උන්නාන්සේට එහෙම කරගෙන යන්න දෙන්න.
අපේ පන්සලේ හාමුදුරුවො දවල් 12 ඉඳලා උපවාස කරනව. ඒකත් තහනම්ද මහත්තයො?