(බිඟුන් මේනක ගමගේ)
අලුතින් බඳවා ගත් ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරින්ට පස් දින විශේෂ පුහුණුවක් දෙන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය( 1929) හරහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වන ළමා අපයෝජන පැමිණිලි සම්බන්ධව පසුවිපරම් කිරීම, ග්‍රාමීය මට්ටමින් ප්‍රජාව වෙත සමීප වෙමින් අපයෝජනයන්ගෙන් දරුවන් ආරක්ෂා කරගැනීමට අදාළ සියලු පාර්ශ්ව දැනුම්වත් කිරීම හා ළමුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කැපවීම යන මූලික කාරණා යටතේ මෙම පුහුණුව ලබා දෙන බව එම අධිකාරිය පවසයි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතාගේ මූලිකත්වයෙන් මෙම පුහුණුව ලබාදෙන අතර විෂය ප්‍රාමාණික සම්පත් දායකයන් විසින් සිදුකරනු ලබන දේශන හා සැසිවලින් එය සමන්විත වේ.
ළමා අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරු වූ ළමුන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමෙහිලා ආණ්ඩුවට උපදෙස් දීම ඇතුළු දරුවන් සම්බන්ධයෙන් මූලික රාජ්‍යමය මැදිහත්වීම් බලය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට හිමිය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
නව ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරීන්ට විශේෂ පුහුණුවක්