IMG-LOGO

නව අග‍මැතිට ඕමාන හා පලස්තීන තානාපතිවරුන්ගෙන් සුබ පැතුම්

(තිළිණි ද සිල්වා)
 
නව අග‍මැති ධූරයට මහින්ද රාජපක්ෂ මහතා පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින ඕමාන හා පලස්තීන තානාපතිවරුන් අග‍්‍රාමාත්‍යවරයා වෙත සුබ පැතුම් එක් කර ඇත.

 
නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත සිය අත්සනින් යුතු ලිපියක් යවමින් මෙලෙස සුබ පැතුම් එක්කර ඇත්තේ මෙරට ඕමාන තානාපති ජුමාහ් හම්දාන් අල් ෂිශ්හි සහ පලස්තීන තානාපති සුහායිර් එච්.දාර් සෙයිද් යන මහත්වරුන්ය.
 
නව අග‍්‍රාමාත්‍යවරයා වෙත සුබ පැතුම් එක් කරමින් එම තනාපතිවරුන් පෙන්වා දෙන්නේ වත්මන් අග‍්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් රට තුළ සාමය සෞභාග්‍යය සංවර්ධනය ඉදිරියට ගෙනයා හැකි බවට විශ්වාසය පළ කරන බවත් ශ්‍රී ලංකා රජය සමඟ එක්ව වැඩ කිරීමට අපේක්ෂා කරන බවත් පැවැසීය. 

තම රටවල් සමඟ දැනට පවතින සමීප මිත‍්‍ර සබඳතා දිගටම පවත්වා ගෙන යනු ඇතැයි විශ්වාස කරන බවත්  ඕමාන සහ පලස්තීන් තානාපතිවරු දෙපළ අග‍්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ.
 
මහින්ද රාජපක්ෂ මහතා යලිත් වරක් අගමැති ධූරයට පත්වීම සම්බන්ධයෙන් සුබ පැතැම් එක් කරන බවත් ගෞරව සම්පන්න යහපත් සෞඛ්‍යයක් ප‍්‍රාර්ථනා කරන බවත් ඕමාන සහ පලස්තීන තානාපතිවරු කියා සිටිති.



අදහස් (2)

නව අග‍මැතිට ඕමාන හා පලස්තීන තානාපතිවරුන්ගෙන් සුබ පැතුම්

sirimal Thursday, 01 November 2018 01:46 PM

අම්මෝ ඇති යාන්තන් දැනුයි ඇඟට ඩිංගක් ලේ ඉනුවේ. මම හිතුවේ බුරුන්ඩි විතරයි කියල. ඔමානෙයි පලස්තීනයයි කියන්නේ ලේසි පාසු රටවල්ද?

:       0       0

Nandalal DE SILVA - France Thursday, 01 November 2018 04:50 PM

ස්වාසිලන්තය, උගන්ඩාව, සෝමාලියාව වැනි රටවලින් තවම සුබපැතුම් නොලැබීම ගැන අප විමසිල්ලෙන් සිටිනවා ! සමහරවිට ඒ රටවල පාලකයන් තවම අපේ ශ්‍රිලංකාවේ අගමැති සහ රාජ්‍ය පෙරළිය ගැන නොදන්නවා විය හැක. මේවා දැනුවත් කිරීම අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යංශයේ භාරදුර කාර්යයක් නොවේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 142 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site