(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය නගරය හා ඒ අවට බොහෝ ප්‍රදේශයන්ට අද (6) අලුයම් කාලයේ මල් තුහින පතිත වී තිබිණි.
මෙසේ වසරකට වරක් බොහෝ අවස්ථාවන්වලදී නුවරඑළියට මල් තුහින පතිතවන අතර මෙම වසරේ මුල්වරට එසේ මල් තුහින පතිතවීම සිදුවිය.
නුවරඑළිය රේස් කෝස් පිට්ටනිය තුළ විශාල වශයෙන් මල් තුහින පතිතවී තිබු අතර අලුයම් කාලයේ සිට උදෑසන හිරු එළිය වැටෙන තෙක් මෙම මල් තුහින දැකීමට හැකිය.
නුවරඑළිය නගරයේ පිහිටි රේස්කෝස් පිට්ටනිය සුදු රෙද්දක් වැනු පරිද්දෙන් ඉතාමත් සුන්දර අයුරින් මෙසේ තණමත මල් තුහින වැටී තිබිණි.
විදෙස් සංචාරකයන් නුවරඑළියට වැටී තිබුණු මෙම මල් තුහින දැක ගැනීම සඳහා අලුයම් කාලයේ බොහෝ ස්ථානයන්ගේ රැඳී සිටිනු දක්නට ලැබිණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නුවරඑළියට මල්තුහින
mangala Sunday, 06 January 2019 10:32 AM
පැය 3ක් 4ක් ඇතුළත වෙනස් කාලගුණික තත්වයන් වෙත වාහනයකින් ලඟාවිය හැකි වෙනත් රටක් තිබේද?
vishwaSunday, 06 January 2019 10:55 AM
සීෂෙල්ස් මිනිත්තු 15න් පුළුවන්.... තවත් ලස්සන රටක් ගිහින් බලන්න වීසා ඕන නැහැ, ටිකක් ගණන් හැබැයි....
kamani Sunday, 06 January 2019 09:07 PM
එහෙ කළු සල්ලි හංගපු අය ඉන්නවනේද..?
indikaMonday, 07 January 2019 05:06 AM
හැබැයි ශුෂ්ක කලාප, තෙත් කලාප, ශීතල ප්‍රදේශ, වනාන්තර, ඓතිහාසික නටබුන්, මුහුදු වගේ ඔක්කොම දේවල් එකට වගේම අඩු කාලයකි ළඟාවිය හැකි වෙන රටක් නම් නැහැ, ලංකාව හැරෙන්න.