IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිරිත දිග මෝසම් වැසි ඇරඹෙයි

(ඩයනා උදයංගනී)

නිරිත දිග මෝසම් තත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත්, ඒ හේතුවෙන් ඉදිරි දිනවලදී ප්‍රදේශ රැසකට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර නැගෙනහිර සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත්තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. උතුරු සහ උතුරුමැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්වයක් වර්ධනය වෙමින් පවතින අතර එය පීඩන අවපාතයක් බවට පත්ව හෙට (24) දිනය වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව ද ඔහු කීවේය.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයෙහි නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම්දීමක් කරයි.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවිය හැකි බව දඔහු පැවසීය.

 



අදහස් (0)

නිරිත දිග මෝසම් වැසි ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site