
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල ලක් විජය බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබාදීම නැවති ඇති බවත් එය යථා තත්වයට පත්වීමට දින 4 කට ආසන්න කාලයක් ගත වනු ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
රට පුරා ඊයේ දිනයේදී විදුලි පද්ධතිය තුළ සිදුවු බිඳ වැටීමත් සමග නොරෝච්චෝල විදුලිය ජාතික පද්ධතියට ලබා නොගැනීමෙන් ස්වංක්‍රියව සිසිල පද්ධතිය තුළ ඇතිවු තාක්ෂණික කරුණු මත නැවතී ගිය බවද සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
මේ හේතුව නිසා නැවත සිසිලන පද්ධතියට ජලය පුරවා යථා තත්වයට සකස් කිරීමට සිදුවන බවද ඒ හේතුවෙන් අඩුම වශයෙන් දින 4 කට ආසන්න කාලයක් ගත වනු ඇති බව ඔහු කියයි.
ජාතික පද්ධතියට නොරෝච්චෝලය ලක්විජය බලාගාරයෙන් 45% ක විදුලිය ලබාදෙන අතර මෙහි විදුලිය නිෂ්පාදනය නැවතීමත් සමග ජාතික අවශ්‍යතාවය සැපයීමේදි බාධා එල්ල වනු ඇති බව විදුලි බව මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර රටවල් උදව් කරන හැටි ඔහොමයි. තාක්ෂණික දෝෂ එක්ක තමයි වැඩ නිම කරන්නේ... ඒවා නිවැරැදි කරන්න තවත් කොන්ත්‍රාත් එකක් ගන්න බලාගෙන තමයි වැඩේ කරන්නේ...
ඔය ගැන කතාකරන්නවත් කැමැති නැහැ.
ලිපියේ තියෙන විදිය කියවනකොට මට තෙරෙන්නේ හරියට අපේ රනේ මාමාගේ බයිසිකලේ ඉස්සරහ රෝදේ හුලං ගියාවගේ දෙයක්, හරිම සරල දෙයක් වශයෙන්, බිලියන ගණනක් වියදම් කර, අවස්ථා 20 වඩා යලියළිත් බිඳවැටෙන මෙවැනි මහාපරිමාණ ව්‍යාපෘතින් අපේ ආර්ථිකයට මරුපහරක් වගෙයි මට හිතෙන්නේ...
අපේ වගේ රටවලට චීන්නූ කොහොමත් දෙන්නේ කුණු ගොඩවල්. අනික මෙහේ අයත් කොමිස් ගන්න ඇතිනේ ඉතින් තව බාල ඇති බලාගාරය. හරි හමන් රටකින් බලාගාරය හදාගත්තනම් කරදරයක් නැතුව පවිච්චි කරනවා. ඉස්සරටවත් වෙනත් රටවල ණය වලින් කරන ප්‍රොජක්ට් හරි හමන් මිනිස්සු සහ ආයතන යොදවලා කරන්න.