(ඩී.කේ.රත්න)
වැලිමඩ ලූනුවත්ත හරහා උඩුපුස්සැල්ලාව දක්වා ඇති ප්‍රධානතම මාර්ගයට ගම්පහවත්ත ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම නිසා අද(14) එම මාර්ගය වසා දමා ඇති බව ඌව පරණගම පොලිසිය පවසයි.
මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත.
වැලිමඩ සිට ලූනුවත්ත හරහා කර්කිල්ස් මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීමේ කටයුතු මේ දිනවල සිදුවේ. ගම්පහවත්ත ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රියේ විශාල පස් කන්දක් කඩා වැටීම නිසා මෙම මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.
නායයාමත් සමග විශාල ගල් කැබැලි මෙම මාර්ගයට මතට පතිත වී ඇති අතර මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුව තිබේ.
ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හා ඌවපරණගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආපදා කළමණාකරණ ඒකකය එක්ව මෙම ස්ථානය පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. පරීක්ෂා කර තීරණයක් ගන්නා තුරු එම ස්ථානයෙන් ගමන් කිරීම අවදානම් බව ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
මෙම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවීමෙන් උඩුපුස්සැල්ලාව, කර්කිල්ස්, ගම්පහවත්ත, රාගල, ලූනුවත්ත, පන්නලවෙල ආදී ප්‍රදේශවලට ගමන් ගන්නා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇත.
මේ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන්නයි ඌව පරණගම පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.



2025 දෙසැම්බර් මස 18
32
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නායයාමෙන් වැලිමඩ - උඩුපුස්සැල්ලාව මාර්ගය වහයි