
(රංජන් කස්තුරි)
නැනෝ නයිට්රජන් දියර පොහොර භාවිතයෙන් අස්වැන්න වැඩකර ගැනීමේ අපෙක්ෂාව ඉටුකරගත නොහැකි අතර හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වන අපෙක්ෂාවෙන් ඉටුකරගත නොහැකි යැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.
දිවයිනේ විශ්ව විද්‍යාලවල කෘෂි පීඨවල හා තාක්ෂණික පීඨවල ආචාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සමන්විත විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මලෙනයේ ‘‘ කෘෂිකර්මය හා සම්බන්ධ ක්‍රියකාරී කමිටුව“ සිදු කළ විද්‍යාත්මක සොයාබැලීමේදී ඒ බව අනාවරණය වූ බව ද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.
යූරියාවලට වඩා මීල අධික නැනෝ නයිට්රජන් දියරමය පොහොර කාබනික පොහොරක් නොවන බව ද ශාකයක නයිට්රජන් අවශ්‍යතාවය මෙමගින් සැපරීම කිසිසේත ප්‍රයෝගික නොවන බව ද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් රෝහාන් ලක්සිරි මහතාගේ අත්සනින් යුතව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
COMMENTS
නැනෝ නයිට්රජන් පොහොර කාබනික පොහොරක් නොවේ. අතීතයේ ආනයනය කරන ලද යූරියා පොහොර හා සසඳන විට එය කාර්යක්ෂම හා අපද්‍රව්‍ය අඩුයි.
අපේක්ෂාව කොමිස් ගැනීම.. ඉටු නොවේද ඇදුරුවරුනි...?
ඕන දේ කරන්නේ නැතුව, කොමිස් කුට්ටි කඩාගන්න හිතුහිතු දේ කරනවා. අයියෝ සෞභාග්‍යයේ දැක්ම...
දැන් නම් හැම තැනම කයිවාරු නම් තියෙනවා. කට්ටියක් කියනවා මේක තාම හදලා මාස 3යිලු මෙයාලා කියනවා ඕක වැඩක් නෑ කියලා.. අඩුගානේ රෑට හීනෙන් පෙනිලා හරි කොම්පැනි කාරයින් කියන ඒවා හරි කියන්නේ නැතිව ඇත්ත හරියට කිව්වොත් ඔබතුමාලා දේශපාලකයින්ගේ තත්වයට වැටෙන්නේ නැතිව ඉන්න පුළුවන්... අඩුගානේ හොයාගෙන මාස 3 යි නම් ඔබතුමාලා පරීක්ෂණ කලේ කොහොමද කියලා නැත්නම් කියනවද? නැත්නම් වෙන්නේ "බෝම්බයක් ගැහුවා වගේ ඵලදාව එන්නේ " වගේ තවත් එක කතාවක් විතරයි. අඩුගානේ කරපු රිසර්ච් විස්තරවත් එළියට දානවා නම් මීට වැඩිය හොඳයි කියලයි හිතෙන්නේ...
මොකක්ද මේ රසායනික, කාබනික පලහිලව්ව.? ඔය කියන උගතුන්ම නේද කියන්නේ කුඹුරට කොම්පෝස්ට් දාන්න කියලා.
මේ අය දන්න දෙයක් නැහැ. ඇමැතිතුමාගේ තීක්ෂණ බුද්ධියයි, අපේ සර්ගේ මගපෙන්වීමයි අපිට විශ්වාසයි.
ඕනෑම රජයක යුතුකම තමයි තම රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම
අපිට කිවුවට හරියන්නේ නෑ, උද්ගෝෂණය කරන්න ඕනේ, නැත්නම් රිවස් ගහන්නේ නෑ
ඕක කියන්න ඇයි මේතරම් කල් ගත්තෙ? මෙච්චර හානියක් වෙනකල් නිදාගෙනද හිටියෙ? දැන්වත් මේ වෙන්න යන හානිය වලක්වන්න වෘත්තිකයින් තාක්ෂණිකයින් හැටියට නිර්භයව ඉදිරිපත් වන්න.