(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සමන්තුරේ නින්දවුර් නිවසක් තුළදී මාස 10 ක් වයසැති නිවුන් බිළිඳියන් බිළිඳියන් ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

අද (29) උදෑසන නිවසේ නාන කාමරය තුළදී බිළිඳියන්ගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශවරයා කීය.

සැකකාර මව දිර්ඝ කාලයක සිට මානසික ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්නා බව අනාවරණය වී ඇත.

බිළිඳියන් ඝාතනය කිරීමෙන් පසු ඇය සමන්තුරේ රෝහලට ඇතුළත් වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)