( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් මැයි මස 22 වැනි දා යළි සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (9) තීන්දු කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
පෙත්සම් අද (09) බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.
එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව මගින් ඊට අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත මේ වන විට ඉදිරිපත් කර ඇති බවයි.
කමිටු වාර්තාව මගින් කර ඇති නිර්දේශ පිළිබඳව ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ගය දෙස තමන් බලා සිටින බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් පසුව පෙත්සම සළකා බැලීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව පෙත්සම මැයි 22 වැනිදා කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදින පෙත්සම සළකා බැලීම පිළිබඳව අධිකරණය දැනුවත් කරනමෙන් පෙත්සම්කාර පාර්ශවය නියම කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නිදහස් වෙළඳ ගිවිසුමේ පෙත්සම 22 වැනි දාට කල්යයි