මනෝප්‍රිය ගුණසේකර
විදුලි කප්පාදුවට අදාළ වාර්තා මහජන උපයෝගිතා කොමිසමට ලබා නුදුන් බව කියන සිද්ධියක් පිළිබඳව විමිසීම සඳහා විදුලි බල මණ්ඩලයට ලබන 09 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක අද නොතිසි නිකුත් කළේය.
විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු එහි ඉහළම නිලධාරීන් නවදෙනෙකු අධිකරණයට කැඳවන්නැයි ඉල්ලමින් මහජන උපයෝගිතා කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා එලෙස නොතිසි නිකුත් කළේය.
2018 වසරේ මැයි මස 28 වැනිදා සිට මේ දක්වා විදුලි කප්පාදුව සහ වෙනත් කාරනා කිහිපයකට අදාළ වාර්තා සහ ලේඛන ලබාදෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබුණත් ඔවුන් එම වාර්තා හෝ ලේඛන මෙතෙක් ලබාදී නොමැති බව මහජන උපයෝගිතා කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණයට දැනුම් දුන්හ.
මේ හේතුව මත විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු එහි ඉහළම නිලධාරීන් නවදෙනෙකු මෙම සිද්ධියේ වගඋත්තරකරුවන් කර ඔවුන් අධිකරණයට කැඳවන්නැයි මහජන උපයෝගිතා කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා මහජන උපයෝගිතා පනත අනුව මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් වගඋත්තරකරුවන් කර අධිකරණයට කැඳවීමට හැකියාවක් නැතැයි පෙන්වා දුන්නේය.
මේ අනුව ලබන 09 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් මහෙස්ත‍්‍රාත්වරයා විදුලි බල මණ්ඩලයට නොතීසි නිකුත් කළේය.
2025 දෙසැම්බර් මස 04
277
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
408
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නොදන්වා විදුලිය කැපීමේ නඩුවට විදුලිබල මණ්ඩලයට නොතීසි