(මුදිතා දයානන්ද)
නීති විරෝධීව පත්වු අගමැතිද, ඔහු යටතේ ලබාදුන් සියලූ පත්වීම්ද තමන් පිළිනොගන්නා අතර ඒවා ප‍්‍රතික්ෂේප කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා අද (04) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ හේරත් මහතා මෙසේද පැවසීය.
යහපාලන ආණ්ඩුව බලයට එද්දි මේ රටේ ජනතාවට ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු කළේ නැහැ. ඒ නිසා ජනතාවට ඒක එපා වෙලා තිබුණේ. අපිත් රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දේ දුන්නා. ඒ නිසා අපි ඔහු අගමැති ලෙස පිළිගන්නෙත් නැහැ.
එහෙත් ඔහුව පරාජය කළ යුතු හා ඉවත් කළ යුතු ක‍්‍රමයක් ව්‍යාවස්ථාවේ තිබෙනවා. ඒ ක‍්‍රමයට පිටින් ගිහින් පත් කළ නව අගමැතිගේ පත්වීම නීති විරෝධියි. ඒ අනුව ඔහුගේ පත්විමෙන් පසුව පත්කළ ඇමතිකම්, අමාත්‍යංශ ලේකම් දූර, ආයතනවල සභාපති වරු ආදී මේ සියලූ පත්වීම් නීති විරෝධීයි. අපි මේ කිසිම පත්මක් පිළිගන්නේ නැහැ.
පත්කළ අගමැතිත්, හිටපු අගමැතිත් දෙදෙනාම අපි පිළිනොගන්නා අතර අපි පෙනී සිටින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙනුයි. එහිදි අප පක්ෂය එක එක්කෙනාට ඕන ලෙස තම තමන්ගේ ගොඩවල්වලට දාගත්තාට එසේ කර අපිට විවිධ හංවඩු ගැහුවාට ඒවායින් අපි සැලේන්නේ නැහැ. මොන අවලාද ආවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අපේ සටන ඉදිරියටම ගෙනයනවා.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නීති විරෝධී පත්වීම් පිළිගන්න එපා යයි ජවිපෙ කියයි
ගොඩ බණ්ඩා Sunday, 04 November 2018 09:17 AM
අනේ චූටි මල්ලි, වසර ගණන් කල් තැබූ පළාත් සහ ප්‍රාදේශීය සභා ඡන්ද පවත්වන්නට බල කරන්නටවත්, මංකොල්ල කෑ මහ බැංකු මුදල් ටික ආපසු අරන් රටේ ආර්ථික අර්බුදයෙන් මුදවා ගන්නටවත් 'රනිල් සර්ට‘ බලපෑම් නොකළේ සර්ට බයේද? නැත්නම් ආදරේටද?
yගල්කටස් Sunday, 04 November 2018 09:19 AM
දැන්නම් ජී.වී.පී. එකේ අනුර, ටිල්වින් සහ විජිත සහොදරයින් කට ඇරියහොත් ඉවරයි වගේ. විජිත සහෝදරයා ඔයාලට මොකද මේ වුනේ...? රට ගැන රණවිරුවන් ගැන, දේශිකත්වය, දුප්පත් ජනයා වෙනුවෙන් හඬ නැගීම, පෑල දොාරෙන් පැනලා ගිහිල්ලා තවත් ඩොලර්වලට කෑගහන N.G.O එකක් තත්වයට පත්වෙලා මම දෙවරක් ගම්පහින් ඡන්දය දීපු ඔබට වැඩ කල අයෙක් ඔබ දන්නවා. මාව, නමුත් කිසිදා නැවත ඔබට ඡන්දය නොදෙමි. නැවත පසු වපරම් කරන්න පක්ෂයට හරි මගට ගන්න ඩොලර් දේශපාලනයට තිත තබන්න. 2002ට පෙර තත්වයට යන්න එ් ජනතාවට අවශ්‍ය සහ කැමති ජනතා විමුක්ති පෙරමුණයි....
Nishantha Sunday, 04 November 2018 09:20 AM
අපේ රටේ අවාසනාවට බහුතරයක් මිනිසුන්ට ඔබතුමා ඔය කියන දේ තේරෙන්නේ නැහැ.
Ruwan Sunday, 04 November 2018 09:31 AM
ඔබතුමා ඔය කතා කරන "අගමැති පරාජය කළ යුතු හා ඉවත් කළ යුතු ක‍්‍රමයක්" ව්‍යාවස්ථාවේ මොන වගන්තියේද තියෙන්නේ? අපිටත් ඇහෙන්න සජීවීව කියවන්නකෝ ඔය වගන්තිය.
sirimal Sunday, 04 November 2018 09:35 AM
නීතිවිරෝධී ආණ්ඩුව පිළිනොගන්නවා නම් එම තත්වය වෙනස් කිරීමේ හැකියාව දැන්ඔබගේ ඔඩොක්කුවටම වැටී ඇති බව පෙනේ. ආයුධ සන්නද්ධ විප්ලවයකින් රාජ්‍ය බලය ලබා ගැනීම ගැන යළි කිසිදා විශ්වාසය නොතබන බවටත්, එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකින් සිදුවිය යුතු බවටත් ඔබ පක්ෂය දැන් දරණ මතය බව බොහෝ අවස්ථාවන්හිදී ඔබ ප්‍රකාශ කර ඇත. ඒ අභිප්‍රාය ඉටුකර ගැනීමට නම් දැනට පවතින ක්‍රමය යටතේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිතව තිබිය යුතු බව ඔබට කියාදිය යුතු නැත. ඔබත් අත එසැවූ 19 වන සංශෝධනය ගැන පවා නොතකා දැන් සිදුව ඇති "රාජ්‍ය බලය වෙනස් කිරීම" ලැබෙන පළමු අවස්ථාවේදීම පරාජය නොකළහොත් ඒ ඉරණම අනාගතයේ දිනෙක ඔබේ පක්ෂයටද උරුමවනු ඒකාන්තය. මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ නමැති පුද්ගල නාමය අමතක කර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තම ස්ථාවරය ඍජුවම රටට ප්‍රකාශ කරන මෙන් සහෝදරත්වයෙන්ද, හැට දෙලක්ෂයක ජනතාව වෙනුවෙන්ද, යුක්ති ගරුකත්වය වෙනුවෙන්ද ඉල්ලා සිටිමු. එසේ නොවුනහොත් අද රනිල් වික්‍රමසිංහට වූ දේ හෙට දවසේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවකටද කවුරුන් හෝ විධායකයෙකුගෙන් සිදුවීම නොවැළැක්විය හැකිය.
shanikaSunday, 04 November 2018 10:51 AM
සිරිමල්, පෝද්දල ජයන්තගේ අදහස් ගෙඩිය පිටින්ම ඔයාගේ වගේ දාල තියෙනවා. ලියන්නකෝ තමන්ගේම අදහස්..? එතකොට අපිටත් කියවන්න ආසයි.
sirimalSunday, 04 November 2018 11:42 AM
ශානික, ඒවා ඉතින් වෙන කොහෙවත් යන්නේ නැති නිසා නැවත ප්‍රචාරය කළාට වරදක් නැහැනේ... අපට අවශ්‍ය රට ඒකාධිපතිවාදයකට යනඑක නවත්වන්නයි. ඒකට එකඟ නොවෙන්න ඔබට සාධාරණ අයිතියක් තියෙනවා. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. එහෙම කියලා අපි ඔබ සමඟ අමනාප වෙන්නෙත් නැහැ. නමුත් තව සතියකින් ලංකාවේ මාධ්‍ය සදාචාරය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස විතරක් නෙවේ අනෙක් සියලුම මානව හිමිකම් නැත්තටම නැතිවී ජුන්ටා පාලනයක් එන බවයි පෙනෙන්නට ඇත්තේ. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයේ පණ කෙන්ද අවසන් හුස්ම පොද හෙලන්නට සමීප වී ඇති මේ අවසාන මිනිත්තුවේ ඇත්ත කෙලෙසින් හෝ ප්‍රකාශ කිරීම අපගේ වගකීමක් කියලයි මට හැඟෙන්නේ... ඉතින් ඒ සඳහා අනුන්ගේ දේවල් උපුටා දැක්වීම ගැන මා කිසිලෙසකින්වත් ලැජ්ජා වෙන්නේ නැහැ. තව එකක් පෝද්දල ජයන්ත කවුරුන්ද කියා මා දන්නේ නැහැ. දැකලත් නැහැ.
sirimalSunday, 04 November 2018 11:45 AM
ඔබට ස්තුතියි. පෝද්දල ජයන්ත ලියා තිබුණායයි සඳහන් කළානම් හොඳයි කියා දැන්නම් හිතෙනවා. එය මා අතින් වූ අතපසුවීමක්...
maura Sunday, 04 November 2018 09:39 AM
කයිවාරුව වගේම ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඇත්තම ඕනෑකමක් තියනවා නම් කරන්න ඕනෑ ඊට විරුද්ධව වෙලා තියන දේවලට එරෙහි වෙලා... හරි පැත්තට සහය දෙන එකයි. අපි අරයට සහය වෙන්නේ නෑ.. මෙයාටත් සහය වෙන්නේ නෑ.. කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උදව්වක් නොවෙයි...
Rumesh Sunday, 04 November 2018 09:45 AM
ඔබතුමාලා මොනවා කිව්වත් ජනතාව ඔබව පිළිගන්නත් සූදානම් නෑ. අපට අවශ්‍ය ඔබ හෝ ප්‍රධාන පක්ෂ දෙක නොවන බලවේගයක්...
amila Sunday, 04 November 2018 10:02 AM
2015 ජනවාරි 8 අගමැති පත් කරනකොට කොහේද හිටියේ...? තියෙන පුටු 6ත් නැති කරගන්න තමයි දඟලන්නේ...
SugathSunday, 04 November 2018 11:15 AM
එතකොට ඒ වෙලාවේ ඔය ඒකාබද්ධ විපක්ෂය කොහේද හිටියේ?
sandySunday, 04 November 2018 12:35 PM
එහෙනම් ඇඳ යට තමයි..
RNG Sunday, 04 November 2018 01:45 PM
ඒකාබද්ධ විපක්ෂයට බහුතරයක් තිබුණේ නෑනේ එතකොට.. ඒ නිසා ඒ අය ඒකට විරුද්ධ වෙන්න ගියේ නෑ .. අදහසක් පළ කරද්දී පොඩ්ඩක් හිතලා පළ කරන්න හැමවෙලේම පක්ෂෙට කඩේ යන්නේ නැතුව
Thilina Sunday, 04 November 2018 10:04 AM
ඇයි මේ මලිත්ට ගහද්දී චංචලා අඬන්නේ? ආණ්ඩුවට ඕන මිනිස්සු විපක්ෂ නායකකම් කරද්දී දවසින් දවස ඡන්දය කල් දාද්දී ඔය අයියලා කොහෙද හිටියේ? එකපාරටම නින්දෙන් නැගිටලා තමන්ගේ හාමුට තනතුර නැති වෙද්දී...
ඇත්ත සත්‍යපාල Sunday, 04 November 2018 10:11 AM
සහෝදරවරුන්ගේ කිසිඳු වරදක් නෑ. දැන් එයාලා දැන්වත් වැදගත් වංශවත් දියුණුම බලවත් බටහිර රටවල් සමග එක්ව ලෝක ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන මහත්වරු. ඒක නිසා දැන් ඔවුන් රැවුල නොවවයි. රතු කමිස නොඅඳියි. කැට නොසොල්වයි. පෙළපාලි නොයයි. කිසිම විටක ජාතික ඇඳුම නොඅඳියි. ටයි, කෝට් වලින් සැරසී ජාත්‍යන්තර සමුළුවලට යයි. ඔවුනට එකට කටයුතු කල හැකි සහ බොහෝ දුරට සමාන නායකයා රනිල්... එජාපයේ නායකත්වයට පවා සුදුසුකම් ඇත.
Ratne Sunday, 04 November 2018 10:16 AM
සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය නම් ජනතා මතය අනුව කටයුතු කිරීමයි. අනපේක්‍ෂිත ලෙස යහපාලනය ලෙස හඳුන්වන ලද ආණ්ඩුව රට, ජාතිය, ජනතාව ගැන නොසිතා විදේශ බලවේග සහ ව්‍යාපාරික සුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටීම නිසා වර්තමාන පාර්ලිමේන්තුවේ සැබෑ ජනතා මතය පිළිබිඹු නොවෙයි. මේ නිසා ජවිපෙ කළ යුත්තේ මහ මැතිවරණයකට යාමට දෙපාර්ෂවයම පෙළඹවීමයි. කණගාටුයි ජවිපෙ වර්තමාන හැසිරීම පිළිබඳව...
ලුම්බිණි Sunday, 04 November 2018 10:24 AM
නීති විරෝධීව පත්වු අගමැතිද, ඔහු යටතේ ලබාදුන් සියලූ පත්වීම්ද තමන් පිළිනොගන්නවා නම් පළමුව ඔහුව පරාජය කරන්න කටයුතු කරන්න. ඊටපසුව ඡන්දයක් තියන්න අනුබල දෙන්න. එතකොට ජනතාව තීරණය කරාවි කවුද අගමැති කියලා...
Chris Kodikara Sunday, 04 November 2018 10:49 AM
දැන් තියෙන ජේවීපි එක ලංකාවේ දේශපාලන වේදිකාවේ විහිලු සපයන්නන් බව පැහැදිලියි. අවුරුදු 17ක් තිස්සේ එජාපය යටතේ මරබයේ ජවිප කාඩරයන් සහ හිතවතුන් හිටි බව දැන් ජවිප එකේ ඉන්න තරබාරු මහත්තුරුන් නොදනී. ජවිප නායක රෝහණ විජේවීර පවා ඝාතනය කල එජාප එකට සෘජුව හා වක්‍රරව උදව් කළ ආකාරය අපි දුටුවෙමි. "යහපාලනය "ගෙනෙන්නට දරදිය අද්දහැටි ලාංකීය ජනතාව සහ ජවිප හිතවතුන් නොදැක්ක නොවේ. දැන්වත් හිතන්න මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව වලපල්ලට දාන්න කැසකවන එජාප යට මුක්කු ගහනවද? ලාංකීය ජනතාවට සුලුහරි දෙයක් කරන අයත් එක්ක ඉන්නවද? අඩුමගානේ කාටවත් පරෙස්සම් කරගත්තොත් වඩාත් හොඳයි නේද?
Denesh Sunday, 04 November 2018 11:21 AM
ඔබතුමන්ලා කවදාවත් රටට වැඩක් කරලා නැහැ. කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ. මත ප්‍රකාශ කරනවට වඩා හොඳයි මොනවා හරි වැඩක් කරන එක හෝ වැඩක් කරන අයට උදව් කරන එක. මේ වෙලාවේ රනිල්ව එලවන්න උදව් කරන්න. මේ වෙලාවේ රනිල් සහ කණ්ඩායම බලයේ හිටියනම් රටම ඉවරයි. රට එ්කෙන් බේරිච්ච එක ලොකු දෙයක්... එසේ නැතුව රනිල්ගෙයි, මහින්දගෙයි අතර ලොකු වෙනසක් නැහැ. මහින්ද වටේ ඉන්නෙත් එවැනිම කණ්ඩායමක් තමයි.
rocky Sunday, 04 November 2018 12:23 PM
රටට වැඩ කරනවා කියන්නේ හොරකම්, කොල්ල කෑම් කරන එකද? කොමිස් ගැහිල්ලද? අන්ධකාරයෙන් අන්ධකාරයට ගමන් කරන්නන් මේ රටේ වැඩි බව කොමෙන්ට් වලින් පේනවා. පුරුවේ කරුමේ. ඒ ගොල්ලන්ට නෙමේ මහින්දලගෙන්, රනිල්ලාගෙන් හම්බවෙයි ප්‍රජාතන්තරේ, ගෙඩි පිටින්. අහුලා ගන්න ලෑස්ති වෙලාඉන්න...
sandy Sunday, 04 November 2018 12:49 PM
සේනානායක වාසගමට නිගා කරන සක්කිලි වැඩක් නොවේද?
shan saudi Sunday, 04 November 2018 01:27 PM
ඕකට මාධ්‍ය සාකච්චා තියලා වැඩක් නැහැ.
NASRUDIN Sunday, 04 November 2018 01:27 PM
ඔයාලා මේ කතා කරන්නේ අවංකව නම් වහාම ප්‍රකාශයක් කරනවද මේ නීති විරෝධි ආණ්ඩුව යටතේ කිසිම වැටුපක් දීමනාවක් අපි ලබා ගන්නේ නැහැ කියල.
ගලබොඩ අත්තේ චමින්ද Sunday, 04 November 2018 03:37 PM
සහෝදරයා කියන විදිහට කාටවත්ම ඡන්දෙ දෙන්නේ නැහැ. නමුත් එහෙම කලොත් අනිවාර්යෙන්ම මහින්ද දිනනවා. එතකොට ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව , සදාචාරය බරපතල විදිහට උල්ලංඝනය වෙනවා. මේ වෙලාවේ රට බේරගන්න ඉදිරියට එන්න, ඉන්පස්සේ ඡන්ද කල්දාන එකට හොරකමට එරෙහිව අවංකව ක්‍රියා කරන්න. තවමත් විශ්වාස කල හැකි දැනට තිබෙන පක්ෂය ජවිපෙයි.
maal Monday, 05 November 2018 01:57 AM
මේ අවස්ථාවේ ජවිපෙ මන්ත්‍රීවරුනි ඔබගේ වටිනා ඡන්දය ප්‍රජාතන්ත්‍ර වාදය වෙනුවෙන් භාවිත කර රටට ආදර්ශයක් දෙන්න.
Bandula. Monday, 05 November 2018 04:20 AM
ඔයාලගේ අනාගතේ දැන් ඉවරවෙලා. අනුන්ට කඩේ යන එක ඩොලර් වලට ජේ.වී.පි. එක අවසානය ජනතාව ඉදිරියේ දැන් එළි වෙලා නේ? නිකන් බොරුවට බුරන්නේ නැතුව හිටියනම හරි, මොකද දැන් නුඹලාව හැමෝම දන්නා නිසා.
dubai Monday, 05 November 2018 07:22 AM
ඔයාල ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා හුගක් කල්..........