(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය කළපුවේ මසුන් ඇල්ලීම සඳහා රඳවා තිබූ ලක්ෂ 15 කට ආසන්න වටිනාකමින් යුතු නීති විරෝධී දැල් ආම්පන්න කට්ටල තොගයක් අද (11 ) අත්අඩංගුවට ගත් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්‍යාලයේ නිලධායෙකු පැවැසීය.
අත්අඩංගුවට ගත් දැල් ආම්පන්න අතර කූඩු දැල් කට්ටල 70 ක් , තංගුස් දැල් කට්ටල පහක් සහ තල්ලු දැල් දෙකක් වන බව එම නිලධාරියෙකු කීය.
මිලිමීටර දෙකත් පහත් අතරවන කුඩා දැල් ඇස් සහිත කූඩු දැලට ඉස්සන්,කකුලුවන් සහ විවිධ මසුන් හසුවන බවත් මෙවැනි දැල් භාවිතයෙන් මසුන් අභිජනනයට පෙර විනාශවී යන බවත් පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd