IMG-LOGO

නීති විරෝධි ජාවාරම් මඬින්න මෙහෙයුම් දැඩිකරයි

(ඉන්දිකා  රාමනායක)

නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ පරිසර හානි සිදුකරමින් සිදුකරන නීතිවිරෝධී ජාවාරම් මැඬපැවැත්වීම මෙහෙයුම්  අඛණ්ඩව  සිදුකරන ලෙසට  ආරකෂක  මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා  දිවයින පුරා විසිරී ඇති ආරක්ෂක සේනා මූලස්ථාන වෙත  දැනුම් දී  ඇති  බව  යුද හමුදාව පවසයි.

2021 වසරේ ජනවාරි මස සිට මේ දක්වා  යුද්ධ හමුදාව සිදුකළ  කළ මෙහෙයුම්වලදී ගංජා කිලෝ 284 ග්‍රෑම් 76ක ප්‍රමාණයක්, කේරළ ගංජා කිලෝ 745 ක් අත් අඩංගුවට ගැනීමට හැකි වු බව හමුදාව පවසයි.

 අයිස්, හෙරොයින් ඇතුළු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ද  මේ අතර වන   බවද හමුදාව පවසයි.

මෙම  මෙහෙයුම් වලදී   මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 68 දෙනෙකු ද නීතිවිරෝධී වැලි ජාවාරමේ නිරත  වූ පුද්ගලයින් 171 දෙනෙකු  ද ,  නීති විරෝධී වැලි ජාවාරම සඳහා භාවිත කළ ට්‍රැක්ටර් රථ 57ක්, ටිපර් රථ 07ක්, ඩම්ප් ට්‍රක් රථ 08ක් සහ කරත්ත දෙකක්ද  අත්අඩංගුවට  ගත් බවද  හමුදාව සදහන් කරයි.

මෙම මෙහෙයුම් තවදුරටත් මුළු දිවයින ම ආවරණය වන පරිදි සිදුකරන බවද හමුදාව වැඩිදුරටත් වැඩිදුරටත් පවසයි.

.

 



අදහස් (1)

නීති විරෝධි ජාවාරම් මඬින්න මෙහෙයුම් දැඩිකරයි

Sri Lanka Tuesday, 22 June 2021 03:46 PM

හොද දෙයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 140 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site