( සිරංගිකා ලොකුකරවිට)
නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සිගරට් තොගයක් සමඟ සැකකරුවකු ඔසනගොඩ ප්‍රදේශයේ දී ගාල්ල පොලිසිය විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසෙ අත්අඩංගුවට ගෙන ඇත්තේ හියුම්ස් පාරේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.
දක්ෂිණ නාවික හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටළීම සිදුකරන අවස්ථාවේ ඔහු සතුව සිගරැට් 1960ක් තිබු බව පොලිසිය කියයි.
මෙම වැටලීම සඳහා නාවික හමුදා බුද්ධි නිලධාරීන් සමඟ ගාල්ල පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ද සහභාගිවී ඇති අතර සිගරැට් තොගය සමඟ සැකකරු ගාල්ල මූලස්ථාන පොලිසිය භාරයට ගෙන ඇත.
පොලිසිය පවසන්නේ සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බවයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නීති විරෝධිව ගෙන්වු සිගරට් සමඟ අයෙක් පොලිස් දැලේ