(විනීතා එම් ගමගේ)
නීති අධ්‍යාපනය පාසල් පෙළ පොතට ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
නීති දැනුම පාසල් දරුවන්ට ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීම වත්මන් රජය ලද විශාල ජයග‍්‍රහණයක් යැයි අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මුලික නීතිය වැනි කරුණු පිළිබඳව කුඩා අවධියේ සිටම දැනුමක් ලබා ගැනීම තුළින් රට තුළ ජීවත් වීමේදී දෛනිකව ඇතිවන ගැටළු සඳහා මුහුණදීමට දරුවන්ට අත්වැළක් වන බවත් අමාත්‍යවරිය පැවසුවාය.
මුලික නීතිය මෙන්ම දණ්ඩ නීති සංග‍්‍රහය, අපරාධ නඩු විධි විධාන සංග‍්‍රහය වැනි කරුණු පිළිබදව අවබෝධයක් කුඩා කාලයේ සිටම ලබා ගැනීම තුළින් රට තුළ සිදුවන අපරාධ අඩුවීමට හේතු වනු ඇතැයි ද ඇය කියා සිටියාය.
නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සම්බන්ධව ඉදිරි කටයුතු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මුලිකත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇතැයි ද අතුකෝරල මහත්මිය තව දුරටත් පැවැසුවාය.
COMMENTS
හොඳ යෝජනාවක්...
නියමයි . මෙය කරන්න තිබුණේ මීට දශක දෙක තුනකට කලින්. බොහොම හොදයි .....
දැන් පෙරකදෝරුවෝ ටික කෑ ගහන්ට පටන් ගනීද දන්නේ නැහැ රටේ මිනිස්සු නීතිය ඉගෙන ගන්නවා කියලා.
නව විෂය මාලාවේ සමාජ අධ්‍යයනය විෂය යටතේ ඇතුලත් කළ හැකිය.
සාමාන්‍ය මිනිස්සුන්ට නීතිය පිළිබඳ අවබෝධයක් ලබාදීම නීති වෘත්තියට ගැටළුවක් නොවේ. ජනතාව නීතිය පිළිබඳ දැනුවත් වූ තරමින් ඔවුන් සිය ගැටළු අවනීතිය තුළින් නොව නීත්‍යානුකූල රාමුව තුළ විසඳාගැනීමට පෙළඹෙයි. අනෙක් අතට අපරාධවලට පෙළඹීම අඩුවීමත් තම අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් වීමත් ඉතා අගනේය.
ඇත්තටම හොඳ දෙයක්.
වැදගත් යෝජනාවක්. ඉක්මණින් ක්‍රියාත්මක වෙනවා නම් අගෙයි.
බොහොම හොඳ යෝජනාවක්... හැබැයි ඉතින් ගොඩ පෙරකදොරුවෝ බෝවෙනවා...
දේශයට වැඩක් කරන කාන්තාවක්.
බොහොම හොඳ ප්‍රවනතාවක්. නමුත් මෙහා බැඳුණු සිදුරු ගැන අධ්‍යයනය කර පිළියම් සමග ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලමි...
පමාවී හෝ ගත් මෙම තීරණය අප අගය කරන්නෙමු. එමෙන්ම බාලාංශ පන්තියේ සිට දරුවන්හට මහජන නියෝජිතයන්ගේ වගකීම් හා යුතුකම් මෙන්ම තමන් උපන් රටට අවංකව සේවය කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් කරුණු කියාදීමට වැඩ පිළිවෙලක් සැකසීම වඩාත්ම යෝග්‍ය වන්නේය.
ශ්රී ලංකා නිතිය අධ්‍යාපනයට ඇතුලත් කිරීම පාසල් සිසුන් පමණක් නොව මුළු සමස්ත ශ්‍රී ලංකා වාසින්ම සහ මුළු සමාජයම ලැබූ විජයග්‍රහනයකි. ශ්‍රී ලංකා නීතිය අධ්‍යාපනයට ඇතුලත් කිරීම පිලිබදව වර්තමාන රජය ගත් තීරණය අගය කරමු.
නීතියට ගරු කරන සමාජයක් ගැන බලාපොරොත්තුවක්
යුගයේ අවශ්‍යතාවය ඉටු කිරීම ගැන ඔබ තුමියට අපි ණය ගැතියි. පොඩි කාලෙම රටේ නිතීය දරුවන්ට අවබෝධය ලබා දීම අපේ සමාජ අපරාධ සහ අනෙකුත් අපරාද අවම කර ගැනීමට විශාල ලෙසින් උපකාරී වෙයි .
ඔය ගමන්ම ප්‍රජාතන්ත්‍රවාදය ගැනත් පාඩම් පොතට ඇතුල් කලානම්? එතකොට අඩු තරමේ ඊළඟ පරම්පරාව වත් දැනගනිවිනේ ජනතාවගේ නියෝජිතයින් නොවන හෙන්චයියලාගේ නම් ලැයිස්තුවකට කතිරේ ගස්සාගෙන පාර්ලිමේන්තුවට ගෙන්න ගන්න එක ප්‍රජාතන්ත්‍රවාදේ නෙමෙයි කියලා.
ඇත්තවශයෙන්ම අගය කලයුතු යෝජනාවක්.
කොච්චර හොද දෙයක්ද... අපි නීතිය ගැන ඉගෙන ගත්තේ නීති විද්‍යාලයට ගිහින්.. රටක පවතින නීති, අඩුතරමේ ප්‍රධාන කොටස් හරි පාසල් විෂය ධාරාවට එකතු කරන එක ඉතාමත් කාලෝචිත වැඩක්. එමගින් මම හිතනවා අනාගත පරම්පරාව දැන් පවතින ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, මංකොල්ල කෑම් හුගක් අඩු වෙලා ලස්සන හෙට දවසක් අපේ රටට ඇති වේවි!!
දැන් හරි. මේක විතරයි ලංකාවේ අධ්‍යාපනයට අඩු වෙලා තිබුනේ. දැන් සම්පුර්ණයි. අපරාධ දැන් හෝ ගාලා අඩුවෙයි මගේ හිතේ.
සුමුදු - මෝඩ කමට බෙහෙත් නැහැ. හිතා ගන්න පුළුවන් තමන්ගේ ජීවිතයේ වැදගත් තීන්දු තීරණ ගන්නේ කොහොමද කියලා ඔබගේ වටිනා අදහසින්ම. අදහස් ප්‍රකාශ කරන විට දෙපාරක් හෝ තුන් වතාවක් හිතන්න. දාපු අදහස නැවත ගන්න බැහැනේ. කිසිම දෙයක් සර්ව සම්පූර්ණ නැහැනේ. අනික ඕනෑම දෙයක ආරම්භයක් තියෙනවා. ඒවගේම පසුබෑම් ඇද වැටිලි තියනවා. ඒ ටික තේරුම් ගන්න නොහැකිවෙන විදිහට ලද බොලද වෙන්න එපා