IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


නීතිඥවරයකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

( තිළිණි ද සිල්වා )

පසුගිය කාලය පුරා නිසි ක‍්‍රමවේදයකින් තොරව ජනාධිපති නීතීඥවරුන් පත්කර ඇතැයි කියමින් සහ එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් නීතීඥවරයකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 31 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළේය.

මෙම පෙත්සම ප‍්‍රියන්ත ජයවර්ධන, එල්.ටී. බී.දෙහිදෙණිය සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

එහිදී පෙත්සම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට තමන්ට කල් ලබා දෙන්නැයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා කල් ඉල්ලා සිටීම හේතුවෙන් පෙත්සම සළකා බැලීම මෙදිනට නියම කෙරිණි.

නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජනාධිපති වෙනුවෙන් නීතිපති , ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, එහි ලේකම්, ජනාධිපති ලේකම්වරයා නම් කරනු ලැබ සිටිති.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ. පෙත්සම්කරු වෘත්තීයෙන් නීතීඥවරයෙකි.

පසුගිය වසර 3ක කාලය තුළ, එනම් 2017 , 2018 සහ 2019 වසර වලදී පමණක් ජනාධිපති නීතඟඥවරුන් 75 දෙනෙකු පත්කර ඇති බව පෙත්සම්කරු කියා සිටී. ඔවුන් පත් කිරීමේදී පිළිගත් නිර්නායකයන් අනුගමනය කර නොමැති බවද පෙත්සමේ සඳහන්වේ. සාමාන්‍යයෙන් එම ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේදී වසර 25ක වෘත්තීය සේවා කාලය පැවතීම , නීතීඥ ක්ෂේත‍්‍රයට ඉටුකළ සේවය සළකා බැලීම සිදුවන බවද පෙත්සම්කරු කියා සිටී.

නමුත් පසුගිය කාලය පුරා ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේ නිසි ක‍්‍රමවේදයකට අනුව සිදූවී නොමැති බවත් , මේ සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයද දැනුවත් කළ බව පෙත්සම්කරු කියා සිටී.

නිසි ක‍්‍රමවේදයකින් තොරව එලෙස ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ඇති 12.1 වගන්තිය යටතේ ඇති සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි ද එම පෙත්සම්කරු පෙන්වා දේ.

එබැවින් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇති  බවට ප‍්‍රකාශ කරන ලෙසත්, ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේ නිර්නායකයන් හඳුන්වා දෙන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටියේය.



අදහස් (1)

නීතිඥවරයකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

විකුම් Saturday, 27 July 2019 01:23 PM

බොහොම හොඳ ඉල්ලීමක්...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 188 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1144 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site