IMG-LOGO

නිට්ටඹුවේ ගබ්සා මධ්‍යස්ථානයක් වටලයි

 (පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ මහනුවර මහා මාර්ගයට ආසන්නව නිට්ටඹුව නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වටලා වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් එහි ගබ්සා සිදුකළ පුද්ගලයා ඔහුගේ ආරක්ෂකයා සමඟ ගබ්සාවක් සිදු කර ගැනීමට පැමිණ සිටි 19 හැවිරිදි අවිවාහක තරුණියක හා ඇගේ පෙම්වතා අද (30)  දහවල් සැකපිට අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වෛද්‍යවරයෙක් බව කියන පුද්ගලයෙකි.
 
අත්අඩංගුවට ගැනුනු පෙම් යුවළ  කුරුණෑගල පදිංචිකරුවන්වේ. නිට්ටඹුව පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතාට ලත් තොරතුරක් අනුව මෙම වැටලීම කර ඇත.
 
පොලිසිය එහි යන අවස්ථාවේ අවිවාහක තරුණිය ගබ්සාවට සූදානම් කර ඇදේ සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
 
මෙම යුවළ ඊයේ ( 29)  වෛද්‍ය පරීක්ෂනයට යොමු කිරීමෙන් පසු තරුණිය ගැබ් ගෙන ඇති බව හෙළිවීමෙන් පසුව  ගබ්සාව සදහා රුපියල් 40000.00 ක් අය කරන බව දන්වා ඇතැයිද ඒ අනුව යුවළ  අද ( 30)  මුදල්ද රැගෙන පැමිණ ඇති බවද මූලික පරීක්ෂණයේද හෙළිවී ඇත.
 
මෙම සැකකරු  කළක් රාගම රෝහලේ සේවය කර ඉවත්වී බද්දට ගත් ස්ථානයක මෙම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය බව පවසා ඇත. සැකකරු වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇතත් අවසන් පරීක්ෂණය සමත්නොවූ පුද්ගලයකු බවට පොලිසියට ලැබී ඇති තොරතුරුවල සත්‍යතාවය සොයා බැලීමට නියමිතය.
 
මේ අවස්ථාවේ එහි රැදී සිටි තවත් කාන්තාවන් සිව් දෙනෙකු හා පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකුද පොලිස් බාරයට ගෙන ප්‍රශ්න කිරීමට ලක් කර ඇත.
 
ඔවුන් අනුරාධපුරය හා කුරුණෑගල දුර බැහැර ගම්මානයන්හි පදිංචිකාරියන් බව හෙලිවී ඇති අතර එම කාන්තාවන් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් මේ ස්ථානයේ පැවැත්වෙන බව කියන සම්මුඛ පරීක්ෂණයකට සහභාගිවීමට පැමිණි බවයි. 

ඔවුන් කරන ප්‍රකාශය සත්‍යදැයි හෙළි කර ගැනීමටද පොලිසිය කටයුතු කරන අතර අවශ්‍ය වුවහොත් එම තරුණ කාන්තාවන් වෛද්‍ය පරීක්ෂනයකට ලක් කිරීමටද නියමිතය.

ගබ්සාවන් සදහා යොදාගන්නා බව කියන අඩු ආදි උපකරණ ගණනාවක් හා බෙහෙත් වර්ග රැසක්ද මේ ස්ථානයේ තිබී හමුවූ බව පොලිසිය කියයි. ඒවා සියල්ල පොලිස් බාරයට ගෙන ඇත. වෛද්‍යවරයා පැමිණි බව කියන නවීන පන්නයේ මෝටර් රියක්ද පොලිසිය බාරයට ගෙන ඇති අතර පොලිස් නිල ඇදුමක්ද එහි තිබී හමුවූ බව පොලිසිය සදහන් කරයි. මෙහි මේස ලාච්චුවක තිබී පිරිමි දෙදෙනෙකුගේ හා කාන්තාවන් සිව් දෙනෙකුගේද හැදුනුම්පත් හමුවී ඇති අතර ඒවා ලැබුනු ආකාරය සොයා බැලීමටද කටයුතු කෙරේ.

මේ ස්ථානයේ කාලයක සිට ඉතා රහසිගතව ගබ්සාවන් කර ඇති බව පොලිසිය හෙලි කරගෙන ඇති අතර වසර දෙකකට ඉහතදී ගබ්සාවක් සදහා රුපියල් 6000.00 ක් අය කර ඇති බවද මෙ වනවිට දහ දහස් ගණනින්   අය කරමින් මෙය පවත්වාගෙන ගොස්  ඇති බවටද තොරතුරු ලැබී ඇත.

අත්අඩංගුවට ගැනනු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

නිට්ටඹුවේ ගබ්සා මධ්‍යස්ථානයක් වටලයි

hasan Thursday, 30 July 2020 11:44 AM

ඕක සිංහල කෙනෙකුනම් ඕක එක දවසක සුළු පුවතක්.., එ්කට මුස්ලිම් නමක් සම්බන්ධ නම් දවස් ගානකට ප්‍රධාන පුවත්... හමුදුරුලා රට, ජාතිය කියාගෙන පාරට බැහැලා ඔහුට පට්ටම් දීලා, කොච්චර ලොකු නාඩගමක් බලන්න තිබුණාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 143 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site