(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශීය හමුදා සටන් ඇතුළත් සංයුක්ත තැටි සහ තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට ගත් තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බව කියන කෝට්ටේ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා සහ ඔහුගේ සොහොයුරා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පැය 72 ක කාලයක් රඳවා ගැනීමේ නියෝග ලබා ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
මෙලෙස රඳවා ගැනීමේ නියෝග ලබා ගෙන ඇත්තේ කුරුඳුවත්ත පල්ලිය පාර පදිංචි හාජා මොහිදින් අලි උස්මාන් සහ ඔහුගේ සොයුරා වන නාවල පාර පල්ලිය පටුමගේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන හංජා මොහිදින් සුල්ලා නැමැත්තන්ටය.
වැලිකඩ පොලිසිය සහ යුද හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකාර මන්ත්‍රීවරයාගේ සොහොයුරාගේ නිවසේ තිබී කඩු තුනක් හා මන්නා පිහියක් සොයා ගෙන තිබේ.
සැකකාර නාගරික මන්ත්‍රීවරයාගේ නිවස වටලා සිදුකළ සෝදිසියකදී හමුදා සටන් ඇතුළත් සංයුක්ත තැටි ,පරිඝණකයක් සොයා ගත් බව පොලිසිය කීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නාගරික මන්ත්‍රීවරයා - සොහොයුරා රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
rasika Tuesday, 30 April 2019 04:59 PM
මෙයාලා විතරක් නෙමෙයි. අනෙක් ආණ්ඩුවේ ඉන්න මුස්ලිම් දේශපාලකයෝත් අත්අඩංගුවට ගන්න ඕනේ අන්තවාදයට උදව් කරන.. මේ අන්තවාදීන්ගේ ඡන්ද වලින් පත්වෙන කිසිම ආණ්ඩුවක් අපිට එපා.. අන්තවාදීන්ට උදව් කරන කිසිම දේශපාලකයෙක්ට ඡන්දෙ දෙන්න එපා වගේම ඒ අයගේ ඡන්දවලින් ආණ්ඩු පිහිටුවන්න හදන කිසිම පක්ෂයකට ඡන්ද දෙන්න එපා.. මොවුන්ව මුළු සමාජයෙන්ම කොන් කරන්න ඕනේ..
ranjith Wednesday, 01 May 2019 12:42 AM
ජනාධිපතිතුමනි තරාතිරම නොබලා මේවට සම්බන්ධ ඕනෙම පුද්ගලයෙක් අත්අඩංගුවට හෝ නීතිය ඉදිරියට ගෙනඒමට ආරක්ෂක අංශ වලට පුර්ණ බලතල දෙන්න....... මැති ඇතිවරු හෝ ඕනෙම කෙනෙක් වෙන්න පුළුවන් ජනතාව තවම භීතියකින් තවම ඉන්නේ රටට මේ තත්වය හොද නේ........