(ඉන්දික අරුණ කුමාර)
නකල්ස් අධි රක්ෂිත කලාපයේ හිස් භූමී ආවරණය වන පරිදි හෙක්ටයාර් 6500 ක් නැවත වන වගා සිදුකිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය හිමිවී තිබේ.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ සුළු මූල්‍යාධාර වැඩසටහන යටතේ ව්‍යාපෘති 13 ක් නකල්ස් කලාපය තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.
පාංශු සංරක්ෂණය, නැවත වන වගා ඇති කිරිම හා නකල්ස් කලාපයේ ජල මූලාශ්‍ර සංරක්ෂණය ඒ අතර ප්‍රධාන තැනක් ගනී.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුළු මූල්‍යාධාර වැඩසටහනේ ජාතික සංවිධායිකා දිනාලි ජයසිංහ මහත්මිය පැවසුවේ නකල්ස් වන වැස්ම ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපාතිය ක්‍රියාත්මක වන බවයි.
නකල්ස් කලායේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරිම සඳහා මහනුවර ඕක් රේ හෝටලයේ පැවති වැඩමුළුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
එහිදී අදහස් දැක්වු රාජ්‍ය නොවන සංවිධාන රැසක් කියා සිටියේ වන වගා ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක බවයි.
ඇතැම් ව්‍යාපෘති වසර අවසානයේ වර්ෂා සමයත් සමඟ ක්‍රියාත්මක වීමට නියමිතය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන වගා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙන්නේ පරිසර ඇමතිගේ (වර්තමාන ජනපති) සහ රජයේ අනුමැතිය ඇතිව රාජ්‍ය නිලධාරීන්ගේ, මෙරට පරිසර සංවිධාන වල සම්පූර්ණ නිරීක්ෂණය මතද නැත්නම් මේ මුවාවෙන් වෙන ජාවාරමක් ක්‍රියාත්මක වෙනවද? මෙරට ප්‍රධාන ජල මූලාශ්‍ර වල හදවත බඳු අධි සංවේදී කලාප වලට රාජ්‍ය නොවන සංවිධාන වලට ඇතුල් වෙලා එහෙම ඕන ඕන විදියට වන වගා කරන්න පුලුවන්ද. කරුණු කාරණා දන්නා කෙනෙක් පැහැදිලි කරන්න.
රාජ්‍ය නොවන සංවිධාන ගෑවුණු තැනක් ඉවරයි. අපි තවමත් නැගිටලා ,ඔලුව පොඩ්ඩක් හරි කෙලින් තියන් ඉන්නේ බොන්න වතුර ටික කොහොමත් ලැබෙනවා. කොස්ගේඩියක් හරි කාල ඉන්න පුළුවන් පරිසරයක් නගරෙන් එහාට ගියහම තියෙන නිසා.එකටත් දුන්නු දාට අපිට මොනවත් නැහැ .කට අරන් බලන් ඉන්න ඒක තමා තියෙන්නේ . ඒක නිසා අපේ කැලා අපිම පරිස්සම් කරගමු.. කැලේ බලන්න යන අය ගිහින් ගහක් දෙකක් හදන්න.
යකෝ මේක පුදුම රටක්... කැලේ කපපු කෙනාටයි, නීතිය හදලා දීපු කෙනාටයි දඬුවම් නැහැ. යූ.එන්. ආධාර ගන්නවා...
නකල්ස් කඳුවැටිය ඔය තියෙන විදියට තිබ්බදෙන්. එකටත් හෙනහුරා පාත්වෙන්න වගේ...
ඔය රටේ ඉන්න පරිසරය දැනඋගත් පිරිස මදිද? මේවා කරන්න. අපේ රටට ඔබින ගස් කොළන් ගණන දන්නේ අපි... පොඩ්ඩක් අවධානයෙන් නොහිටියොත් මොන විනාශයක් වෙයිද දන්නේ නැහැ...
අපේ රටේ හුඟ දෙනෙක් සමහර වෙලාවට කොරහෙ කිඹුල්ලු දකිනවා. දන්න දේවල්වලට වඩා උපකල්පනය කරන දේවල් ගැන කියනවා. අමිල මහත්මයාට නකල්ස් බලන්න ආරාධනා කරනවා. ඔබතුමා කියන විදිහට දේවල් වෙන්නේ නැහැ. රාජ්‍ය නොවන හෝ වෙනත් සංවිධානයකට ඕන ආකාරවලට කටයුතු කරන්න බැහැ. නකල්ස්වල සිදුවන සියළු කටයුතු මුදල් වියදම් කරන ආකාරය ගත් ක්‍රියාමාර්ග සියල්ල මාස්පතා දිස්ත්‍රික් ලේකම්වරයාට කරුණු සහිතව කියන්න ඕනේ සංවිධාන වලට ඕනෑදේවල් කරන්න බෑ. රාජ්‍ය මැදිහත්වීමක් තියෙනවා. යූ.එන්.පී. එක මුදල් පමණක් නෙවෙයි දෙන්නේ, පසු විපරම් කරනවා ඔබතුමන්ට දැනගැනීම සඳහා තවත් යමක් කියන්න ඕනේ... නකල්ස් රක්ෂිතය ලෝක උරුමයක්... එය මුළු ලෝකයටම අයිතියි. මේවට මුදල් යොදවන්නේ ලෝකයේ පරිසරයට ආදරය කරන මිනිසුන්... ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ මිහිකත සුවපත් කිරිමේ ක්‍රියාවලියකට උපකාර කිරිම පමණයි. ඔබ සඳහන් කරන ආකාරයේ සංවිධානත් මේ රටේ ඇති... නමුත් නකල්ස්වල සිදුවන ක්‍රියාවලීන් පුර්ණ රාජ්‍ය අධීක්ෂණය සිදුවන ව්‍යාපෘති බව සැමගේ දැනගැනීම සඳහා සටහන් කරමි..
ජාන මංකොල්ලයක් හෝ ඒ හා සමාන මොනවා හරි ජාවාරමක්, රටට අපරාධයක් වෙන්නේ නැත්නම් එච්චරයි. රාජ්‍ය අනුග්‍රහයෙන් පාස්කු ඉරිදා බෝම්බ කාපු මිනිස්සු අපි. කොරහේ නෙමේ දැන් තේ කෝප්පෙත් කිඹුල්ලු පේනවා අපිට.. රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන දේවල් 100% විනිවිද භාවයෙන් කෙරුණා නම් මෙලහකට අපි ආසියාවේ අංක එක, ප්‍රශ්නේ තියෙන්නේ වෙච්ච දේවල් නිසා රජය ගැන විශ්වාසයක් නෑ.
ඔය හුගක් දෙනෙක් වැඩක් නොකරන අය ගහක් කොලක් හදන අය නෙවි බොරුවටට කියවන අය අපේ රටේ පරිසරය රැකිලා තියෙන්නේ කියව න අය නිසා නෙවි එක ගහක් හරි හදන මිනිසුන් නිසා ඔය සංවේදී ප්‍රදේශ වල අය හුගක් මිනිසුන් ගහ කොළට පන වාගේ
රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන දේවල් ටිකක් හෝ විනිවිද භාවයෙන් කෙරෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන නිසා...