(නිමන්ති රණසිංහ)
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකාර නාකොටික් නිලධාරීන්ට හෙරොයින් ඡාවාරම සඳහා ගිනි අවි සහිත ආරක්ෂාව සැපයූවැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත වසර එකහාමාරකට ආසන්න කාලයක් එහි රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක කේ. අජිත් ප්‍රේමලාල් නැමැත්තා එම නඩුවෙන් නිදහස් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 29 වැනි සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි මෙම නිලධාරියා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී කිසිදු සාක්ෂියක් අනාවරණය නොවීම මත ඔහු මෙම නඩුවෙන් මුදා හරින ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
හෙරොයින් ජාවාරම සදහා සම්බන්ධ බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් වසරේ අගෝස්තු මස 18 වැනිදාය. එදින සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මොහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකළ අතර කිසිදු අවස්ථාවක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමක් සිදුකර තිබුණේ නැත.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී 305602 දරන නඩුවෙන් මෙම සැකකරු නිදහස් කළ අධිකරණය ඔහු එම නඩුවෙන් මුදා හැරීය.
මෙලෙස නිදහස් කළේ, ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා කදවුරේ සංවිධානාත්මක අපරාධන මර්දන ඒකකයට අනියුක්තව රාජකාරි සිදුකළ කේ. අජිත් ප්‍රේමලාල් නැමැති උප පොලිස් පරීක්ෂකවරයෙකි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නාකොටික් මත් ජාවාරමුන්ට උදව් කළැයි අත්අඩංගුවේ සිටි එස්.ටී.එෆ්, එස් අයි නිදහස
ravin Friday, 12 November 2021 10:56 AM
රැඳවුම් නියෝගෙත් නරක නැහැ නේද? වසර එකහමාරක්ම... ශුවර් එකටම කොහේහරි කොනකින් මුක්කුවක් ගහන්න ඇති... ඔත්තු හොයාගන්න.. අනිත් අයියලා දැනගත්තා කවුද කියලා... වැඩේ ගැස්සුණු ගමන්ම මාට්ටු කරලා දුන්නා...