IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ධීවරයින් මුහුදට ගෙන යන ජල බෝතල් යළි ගොඩබිමට

(විනීතා එම් ගමගේ)

ධීවර යාත්‍රාවල ජලය ගෙන යන බෝතල් මුහුදට දැමීම නතර කිරීමේ වැඩ පිළිවෙලක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක් එක්ව ආරම්භ කර ඇත.

මෑතක් වන තුරුම ධීවරයෝ මුහුදට ගෙන ගිය ලීටරයේ බෝතල් තවදුරටත් ගෙන යාම සීමාකිරීමටත් ඒ වෙනුවට ලීටර් පහේ වතුර බෝතල් ගෙන යාමට ධීවරයින් උනන්දු කිරීමටත් මේ වනවිට පියවර ගෙන ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ලංකාදීපයට පැවැසීය.

එමෙන්ම ගෙන යන වතුර බෝතල් ප්‍රමාණය ගණන් ගැනීමට හා එම බෝතල් ප්‍රමාණය ආපසු ගෙන එන්නේ දැයි බැලීමට ධීවර වරායන් විසින් පියවර ගෙන ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

එසේ ගෙන එන හිස් බෝතල් ධීවර වරායේම ගබඩා කිරීමට පහසුකම් සලසන බවත් ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට සුදුසුකම් ඇති අයට ඒ සඳහා පහසුකම් සැලසීමේ පියවර ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

මේ වනවිට රට වටා ඇති ධීවර වරායන් වල මෙම පහසුකම සලසා ඇති බව කී ප්‍රදීප් කුමාර මහතා මේ සඳහා ධීවර ජනතාවගේ සහය ද නොමදව ලැබෙන බව කියා සිටියේය.

බහුදින යාත්‍රාවල ගෙන යන්නේ ලීටරයේ වතුර බෝතල් වන අතර  සාමාන්‍යයෙන් එක් ගමන් වාරයක දී හිස් වතුර බෝතල් 400- 500 අතර ප්‍රමාණයක් මුහුදට දමන බව හෙළී වී ඇත.

මෙවැනි ධීවර යාත්‍රා සිය ගණනක් මුහුදේ දී හිස් ප්ලාස්ටික් බෝතල් මුහුදට දැමීම නිසා සිදුවන බරපතල සමුද්‍ර දූෂණය අවම කර ගැනීමට මෙම කටයුත්ත ඉවහල් වනු ඇතැයි පැවසූ සාමාන්‍යධිකාරිවරයා මේ සඳහා ධීවර දෙපාර්තමේන්තුව, ධීවර වරාය නීතිගත සංස්ථාව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් සහය දෙන බවත් ධීවර ජනතාවගේ නොමද සහය ද ඊට ලැබෙන බවත් කියා සිටියේය.

 

 

 

 



අදහස් (2)

ධීවරයින් මුහුදට ගෙන යන ජල බෝතල් යළි ගොඩබිමට

Athula Gunasena Thursday, 28 November 2019 03:22 AM

මේ වගේ හොඳ දේවල්වලට ප්‍රතිචාර දක්වන්න කවුරුත් නැහැ.

:       0       201

sandy Thursday, 28 November 2019 08:29 AM

සමාවෙන්න. දේශපාලනය ගැන කතා කරන්න අපි කොතරම් අකමැති වුණත් අපි ඇලී ගැලී සිටින්නේ එයත් සමග බවට මෙය කදිම උදාහරණයකි. මෙයට අදහස් පල කළ යුතු යන අදහස මට තිබුණෙත් මගේම වරදින් (අමතක වීමෙන්) එය අතපසු විය. ඇත්තටම මෙය දිරිමත් කළයුතු ප්‍රශංසනීය ක්‍රියාවකි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 358 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2157 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1637 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site