(සුජිත් හේවාජුලිගේ )
අඩු තරමින් දෙසැම්බර් අවසන් වනතෙක්වත් විනෝද ගමන් බිමන්වලින් වළකින්නැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
විනෝද ගමන් යා හැකි වාතාවරණයක් තවමත් රටේ නොපවතින බව පැවසූ හෙතෙම කොවිඩ් ආසාදිතයන් 500ත් 600ත් අතර සංඛ්‍යාවක් දෛනිකව තවමත් හමු වන බවද ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය නීති කඩකරමින් විනෝද ගමන් ගියහොත් පෙර අවදානම් සහගත තත්ත්වය යළිත් මතු විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
COMMENTS
ආගමික ස්ථානවලින් සිදුකරන ලවුඩ්ස්පීකර් හිරිහැරය නවත්වන්න තියෙන නීති ක්‍රියාත්මක කරන්න...! එ් අවට පදිංචිකරුවන්ට හරිම පීඩාවක්...
ඇයි ජනතාවට විතරක්... 225ට සහ අපේ සර්ට ඕවා අදාළ නැද්ද?
මොන විනෝද ගමන්ද මහත්තයෝ . මිනිසුන් හිරවෙලා ඉඳලා ටිකක් මානසික සහනයක් ලබනවා.
කොහොමත් මේ යන විදිහට ළඟදීම රැල්ලක් එයි වගේ පේන්නේ...