IMG-LOGO

දූෂණ චෝදනා පත්වීමක් ජනපති අණින් අවලංගුයි

( +++ ආරියරත්න රණබාහු)

දූෂණ චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් රජයේ තනතුරුවලට පත් නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන තිබූ තීරණයට පටහැනිව කර තිබූ පත්වීමක් අවලංගු කර ඇත.

ඒ අනුව රාජ්‍ය මාධ්‍ය ආයතනයක ඉහළ තනතුරකට පත්වූ නිලධාරියකුගේ පත්වීම අවලංගු කරන ලෙස එම ආයතනය බාර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ ආයතනයේ සභාපතිවරයා වෙත දැනුම්දී තිබේ.

පසුගිය දෙසැම්බර් 27 වැනිදා මොහු ඉහළ තනතුරකට පත් කරනු ලැබූ නමුත් ඔහු ඉවත් කිරීමේ ලිපිය දෙසැම්බර් 31 වැනිදා යවා ඇත.

අදාළ නිලධාරියා එම තනතුරින් ඉවත් කළ බව ජනාධිපති ලේකම්වරයාට සහ තමාට දැනුම් දෙන ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයා මාධ්‍ය ආයතනයේ සභාපතිවරයාට යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.



අදහස් (13)

දූෂණ චෝදනා පත්වීමක් ජනපති අණින් අවලංගුයි

Mahee Friday, 03 January 2020 05:01 AM

ප්‍රවෘත්තිය දැක්ක ගමන් මට එකපාරටම ෂොක් එකක් වැදුනා වගේ වුනා. කොයි ඇමතිද අයින් කළේ කියලා. බැලින්නම් ඇමති කෙනෙක් නෙමෙයිනේ....

:       0       1

රවින් Friday, 03 January 2020 05:04 AM

ඔය ආකාරයටම සියලු අංශයන්හි ඊට ඉහල තනතුරු සුද්ද කළොත් කාටද ආඩම්බර? මොකද ගඟ වේගයෙන් පහලට ගැලීම නතර නොකලොත් පාංශු ඛාදනය වෙනවා. වැඩිපුර ප්‍රතිඵල ලබන්නනම් ඉහළින්ම තමා නතර කරන්න ඕනෑ. ප්‍රයෝගික උදාහරණයක් ලෙස විමලසුරේන්ද්‍ර බලාගාරය.

:       5       4

parawarthaka Friday, 03 January 2020 05:12 AM

එතකොට අර ජයසුන්දර මහත්තයා පිළිබඳව ඔහු කිසිදු රාජ්‍ය තනතුරකට පත් නොකරන ලෙසට අධිකරණයෙන් දී ඇති තීන්දුවයි දැන් පත්කර ඇති තනතුරයි ගැන මොකද කියන්නේ ? අපේ වීරවංශ මහත්තයාගේ වචනවලින් කියන ආර්ථික ඝාතකයා ගැන දැන් කථා නැහැ නේද?

:       149       558

DilanFriday, 03 January 2020 06:43 AM

එක රැයින් හඳ තරු ඉල්ලන්න එපා. මේවා සිදුකිරීමේදී මුහුණ පෑමට සිදුවන ප්‍රායෝගික තත්වයන් ගැනත් සිතිය යුතුයි. මොනවා කරන්නත් ඡන්ද පදනම සහ ආණ්ඩු බලය රැකගත යුතුයි. ඒ වගේම මේ පත්වීම් ලබන අය ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට පක්ෂපාතී අය විය යුතුයි. එසේ නොවුනහොත් ඔවුන් සමග ආණ්ඩුවට වැඩ කිරීමට නොහැක. එසේම කුමන පත්වීමක් වුවද දිය යුත්තේ දැනට සිටින අයට. පත්වීම් සඳහා සුදුස්සන් මැවිය නොහැක. සුළු හෝ යහපත් තීරණයක් ගත් විට එහි අඩුපාඩු දකින අය පසුගිය කාලයේ කටයුතු සිදුකළ ආකාරය නොදැකීම පුදුමයකි.

:       5       2

arunaFriday, 03 January 2020 07:10 AM

අදිකරණය එම තීන්දුව වෙනස් කලා කියලා දන්නේ නැතිද. ඕක මේ සයිට් එකේ 100 පාරක් විතර කියලා තියෙනවා.

:       19       6

nuwanFriday, 03 January 2020 07:11 AM

වීරවංශට කැමති හංසයෙක්

:       1       2

CiscoFriday, 03 January 2020 07:50 AM

ජයසුන්දර මහත්තයට නැවත තනතුරු දරන්න පුළුවන් කියලා ශ්‍රේෂ්ඨධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා.

:       214       6

මමFriday, 03 January 2020 07:59 AM

මේ හැම දෙයක්ම මිනිස්සු ගොනාට අන්දන දේවල්, ජයසුන්දර මහත්තයගෙ කතාව ඇත්ත තමයි. අළුත් ජනාධිපතිතුමා කිව්වනෙ උසස් තනතුරු පත්කරන්න කමිටුවකින් කියලා, ඉතිං ඒ් කමිටුවෙ ඉන්නෙ ජනාධිපතිට වැඩිය බලවත් අයද, පත්කරල නැවත අයින් කරන්නෙ ජනතාව පොඩ්ඩක් ඇවිස්සුනොත් විතරයි. බොරුවනෙ කරන්නේ. හොඳම සෙල්ලම් මැයි වලින් පස්සෙ බලමු.

:       0       298

sam Friday, 03 January 2020 05:58 AM

දුෂණ චෝදනා තියන මන්ත්‍රීවරුන්ට දීපු ඇමතිකම් ගැන නැවත සලකා බලන්නේ නැද්ද ??

:       46       960

senevirathne Friday, 03 January 2020 08:14 AM

කවුරු ගැනද මේ කියන්නෙ?

:       0       0

athura Friday, 03 January 2020 08:37 AM

තාම වාදක කණ්ඩායමේ සින්දු විතරයි... මැයිවලින් පස්සේ බලන්න පුළුවන් හොඳ හොඳ බයිලා සින්දු ටිකක්.

:       0       292

කපුරුහාමි Friday, 03 January 2020 08:47 AM

දැනටමත් හුඟක් තනතුරු දරන මැති, ඇමැතිවරු, නායකයින් පවා මහා පරිමාණයේ දූෂණවලට ලක්වුණු අය තමයි.

:       0       591

Robin Saturday, 04 January 2020 02:10 AM

අදාල පුද්ගලයා යකඩ යකෙක් යන පාරක පීලි විකුණන්න උත්සාහ කළ කෙනෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 152 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 681 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site