IMG-LOGO

දේශීය වෙළඳපොලේ සැමන් හිඟයක් - ඇමති බන්දුල කියයි

(යොහාන් භාසුර)

ආනයනික සැමන්වල ආසනික් සංයුතිය වැඩිවීම හේතුවෙන් නැවත හරවා යැවීම නිසා සතොස වෙළෙදසැල්වල සැමන් නොමැති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසීය.

දේශීය සැමන් නිෂ්පාදකයන් ලබන සතියේ සතොසට සැමන් සැපයන බවට පවසා ඇති බවත් එසේ වුවහොත් එම හිඟය යම් තරමක් හෝ පාලනය කළ හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

සතොස සභාපති ආනන්ද පීරිස් මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ දේශීය සැමන් නිෂ්පාදකයන්ට ටින් ලැබීම පිළිබඳව ප්‍රශ්නයක් හේතුවෙන් දේශීය සැමන් සැපයුම ද ප්‍රමාද වන තත්වයක් නිර්මාණය වී ඇති බවයි.

සම්බා සහල්වල අඩුවක් තිබුණ ද සෙසු සහල් වර්ග ඕනෑ තරම් තොග සතොස සතුව ඇති අතර සෙසු ආහාර ද්‍රව්‍ය පැවැති මිලටම ලබාගත හැකි බවත්, ලබන සතියේ සිට සතොස සහල් මල්ලක් ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් සභාපතිවරයා පැවසීය

 



අදහස් (4)

දේශීය වෙළඳපොලේ සැමන් හිඟයක් - ඇමති බන්දුල කියයි

don perera Friday, 30 April 2021 09:38 AM

69 ගොන්නුන්ට මේවා හොඳ නව කතා

:       23       15

sujith Friday, 30 April 2021 09:58 AM

මට ඔයාගේ කතා අහල දැන් අප්පිරියා වෙලා තියෙන්නේ අප්පා.

:       12       16

මුණසිංහ Friday, 30 April 2021 12:58 PM

රට වටේම මුහුද... අපි මොකටද සැමන් කන්නේ? මූදෙන් ගොඩබාන මාළු පැය 3 යනකොට රටේ ඕනම තැනකට අරගෙන යන්න පුළුවන්. යාපනෙන්ද- ත්‍රිකුණාමලෙන්ද, මඩකලපුවෙන්ද, ගාල්ලෙන්ද, බේරුවලින්ද, මීගමුවෙන්ද, පුත්තලමින්ද ඕන තැනක ඉඳන් පැය 3යි. සැමන් ගෙන්වීම තහනම් කරන්න. අපිට අපේම රටේ මාළු ටින් කිරීම කරන්න බැරිද අවශ්‍ය ප්‍රමාණයට ඕනෑ නම්...

:       0       0

siri Friday, 30 April 2021 02:25 PM

රට වටකර මහ මුහුද? මාළු ගෙන්වන්නේ පිටරටින්... අවුරුදු 75ක දියුණුව නම් මාරයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 579 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site