(විනීතා එම් ගමගේ)
පවතින දේශපාලන හැල හැප්පීම් හමුවේ රාජ්‍ය නිලධාරින් බරපතල අසීරුතාවන්ට මුහුණ දී සිටින බව පැෆරල් සංවිධානය පවසයි.
ඔවුන් වැඩ කිරීමේ දී විවිධ ගැටලූවලට මුහුණ දෙන බවත් මේ නිසා ජනතාව ද පීඩාවට පත් වන බවත් හෙතෙම කියා සිටියේය.
මේ තත්ත්වය පාලනය කිරීමට හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව තුළ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම අවශ්‍ය යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
නීතිය හෝ ව්‍යවස්ථාවට සියල්ල ඇතුළත් නොවන බැවින් ස්ථාවර දේශපාලන නායකත්වයක් රට තුළ ඇති විය යුතු යැයි ද හෙට්ටිආරච්චි මහතා කීය.
දේශපාලනය හරහා සිදුවන බල අරගල ක‍්‍රියාකාරකම් හමුවේ රට අභ්‍යන්තරයේ අස්ථාවරත්වයක් මතුවී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
තනතුරක් ලබන්නා එම තනතුරේ ගෞරවය රකිනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වන බව ද පැෆරල් විධායක අධ්‍යක්ෂවරයා පැවසුවේය.
සිදුවිය යුත්තේ ඉක්මණින්ම පාර්ලිමේන්තුව තුළ බහුතර බලය පවතින කණ්ඩායමක් විසින් අගමැතිවරයෙක් පත් කරගෙන ස්ථාපිත වීම යැයි ද එසේ නොවුණහොත් රට තූළ නීතිය, සම්ප‍්‍රදාය හා භාවිතයේ දී ගැටලූ රැුසක් ඇති විය හැකි යැයි ද දේශපාලන, ආර්ථික අස්ථාවරත්වයක් ඇති විය හැකි යැයි ද හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දේශපාලන නායකත්වය නොමැතිවීමෙන් රාජ්‍ය නිලධාරින් අපහසුතා රැසක