(ඩයනා උදයංගනී)
රට තුළ ඉන්ධන අර්බුදයක් පවතින මෙම අවස්ථාවේදී දේශපාලනඥයන් තමන් සමඟ ගමන් කරන පෙරගමන් හා පසුගමන් රථ අඩුකර රටට ආදර්ශයක් ලබාදිය යුතු යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ජනපති, අගමැති, විපක්‍ෂනායක ඇතුළු සුවිශේෂී ආරක්‍ෂාවක් සහිතව ගමන් කළ යුතු ප්‍රභූන් සිටින බවත්, ඔවුන් හැර අනෙක් අය මේ මොහොතේ තම කැපකිරීම රට ඉදිරියේ ඔප්පු කළ යුතු බවත් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාවේදී දේශපාලනඥයා අරපිරිමැස්ම ගැන පරමාදර්ශී චරිතයක් විය යුතු බව කී ඇමතිවරයා ජනතාව ඉන්ධන ලබාගැනීම සඳහා කෑන් තබාගෙන පෝලිමේ සිටියදී දේශපාලනඥයන් පෙරගමන්, පසුගමන් රථ 5ක් 6ක් සමඟ ගමන් කරනවා නම් ජනතාවට කෝපයක් ඇතිවන බව කීවේය.
ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
තමන් එදා සිට හැමවිටම තනි රථයකින් ගමන් බිමන් යන දේශපාලනඥයෙක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘‘දේශපාලකයන් මුලින් ආදර්ශයක් දිය යුතුයි‘‘
ravin Tuesday, 08 March 2022 04:02 PM
දේශපාලකයින් කවදාද ආදර්ශමත් වුණේ..? එහෙම වුණොත් බටහිරින් ඉර පායන එක අපිට දැකගන්න ලැබේවි...
Bunny Preena Wednesday, 09 March 2022 09:10 AM
ඔබතුමා කාතාවෙන්ම පමණක් නොව ක්‍රියාවෙන්ම බොහෝ දේවල් ඔප්පු කල ආදර්ශමත් මහත්මයෙක්.නායකයෙක්