IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


දේවි බාලිකාවෙන් කෑල්ලක් කඩන්න යයි

(ඩයනා උදයංගනී)

කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ කොටසක් වෙනත් ස්ථානයකට ගෙනයාමේ උත්සාහයක් ඇතැයි දේවි බාලිකාව සුරැකීමේ සංවිධානය පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විජයාරාම විද්‍යාලය දේවි බාලිකා විද්‍යාලයට පවරාගෙන එහි උසස් පෙළ විද්‍යා හා ගණිත අංශයක් එම විද්‍යාලයට ගෙනයාමට තීරණයක් ගෙන ඇති බවත්, එම තීරණ විදුහලේ විදුහල්පතිනිය, ගුරු මණ්ඩලය හෝ ආදි ශිෂ්‍යාවන් දැනුවත් නොකර ගෙන තිබීම ගැටළුවක් බවත් එම සංවිධානයේ සභාපති, නීතීඥ, ආචාර්ය දයානි පනාගොඩ මහත්මිය පැවසුවාය.

මෙම කාර්යය සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර එය ක්‍රියාවට නැංවීම පිළිබඳ සොයාබැලීමට මේ වන විට අනුකමිටුවක් පවා පත්කර ඇති බව දැනගන්නට ඇතැයි ද ඇය සඳහන් කළාය.

දේවි බාලිකා විදුහලේ අතිරේක ගණිත හා විද්‍යා අංශය විජයාරාම විද්‍යාලය තුළ පිහිටුවීමට මෙරට කෝටිපති ව්‍යාපාරිකයකු රුපියල් කෝටි 10ක ප්‍රදානයක් ලබාදෙන බව ද දැනගන්නට ඇතැයි කී සභාපතිනිය එම මුදලින් දැනට ඇති විදුහල්භූමියේම ගොඩනැගිල්ලක් ඉදිකර ගණිත හා විද්‍යා අංශය දියුණු කළ හැකි බව ද කීවාය.

මෙම භූමිය ව්‍යාපාරිකයකුට එක් බිම් කඩක් පමණක් වුවත් එය ආදි ශිෂ්‍යාවන් වන තමන් ජීවිතය ජයගන්නට ගුරුහරුකම් ලද පින්බිම බව ද පනාගොඩ මහත්මිය සඳහන් කළාය.

එම තීරණය පරාජය කිරීමට කළ හැකි සියල්ල කිරීමට තම සංවිධානය සූදානම් බව ද ඇය කීවාය.

 



අදහස් (9)

දේවි බාලිකාවෙන් කෑල්ලක් කඩන්න යයි

sharm warn Wednesday, 05 May 2021 08:26 AM

ආ... ඔය එන්නේ හැංගි හැංගි බැඳපු වෙස් නැටුම් එළියට... උඩදාගෙන දුන්නද කෝට්ටෙන් වැඩිම මනාප? ලොකු සෝබනයක් දාලා බෝට්ටුවෙන් එහෙම පාර්ලිමේන්තුවට ගියානේ.. හොඳට බලන් ඉන්න.

:       0       0

G.P.A.H.SAMMANI Wednesday, 05 May 2021 08:44 AM

පාසැල ගෙනියන්න කොහෙත්ම ඉඩ දෙන්න එපා... අපේ දෙවෙනි මව. දේවි බාලිකාවයි. අපි ශිල්ප සතර හොඳින් ඉගෙන ගෙන අද කෙලින් හිටගන්න අපට ජවය, ශක්තිය ලැබුනේ අපේ ආදරණිය පාසලෙනුයි. ඕනෑම වෙලාවක නැගී සිටින්න අපි ලෑස්තියි...

:       0       0

ranjith Wednesday, 05 May 2021 09:40 AM

පොදු දේපළ ආරක්ෂා කරන්න නේද මෙයාලා ආවේ..? පොදු දේපළ ඔක්කොම පන්දම් කාරයන්ට දීලා යන්නද මේ හදන්නේ...?

:       0       0

ක්‍රිෂාන්ති Wednesday, 05 May 2021 09:52 AM

මෙරටට කුණු ගෙනාපු හොර දෙටුවන්. ඔක්කොම එක්ක එකතුවෙලා දැන් ඔය පාසල චීන්නුන්ට විකුණන්න යනවලු. අපි කීයටවත් ඊට ඉඩදෙන්නේ නැහැ....!!! ඒ වගේම විජයාරාම පාසල කිසි ලෙසකින්වත් වෙනස් කරන්න දෙන්නෙත් නැහැ. ඒ පාසල දානපතියෙකුගේ පරිත්‍යාගයක්... වැඩිය දැඟලුවොත් ඒ පාලක මණ්ඩලයෙන් අප ඉල්ලා සිටිනවා ඒ ඉඩම නැවත පවරා ගන්න කියලා.

:       0       0

maheel randunu Wednesday, 05 May 2021 10:44 AM

ඉස්කෝලේ කොටසක් වෙන තැනකට ගෙනිච්ච කියල කැඩිලා වැටෙන්නේ නෑ. නව ශාඛාවක් විදිහට තව හොදට හැදෙයි.නොදකින් මෙහෙමත් ගෑනු. ඉස්කෝලෙට අලුතින් බිල්ඩින් හදන්න සල්ලි දෙන මනුස්සයට පින් දීපල්ලා. ආණ්ඩුවක් කරන්න ඕන දෙයක් ඒ මනුස්සය කරන්නේ. ගරායකුම් නටනවා වගේ ඕකෙම රිංගගෙන ඉන්න ඕනේ නැහැ අලුත් පරම්පරාව. ඒ කාලේ තමුන්ලා හිටියට.... ඔහොම මිනිස්සු හින්ද තමා මේ රට දියුණු නැත්තේ.

:       28       9

Rohini jayawardanaThursday, 06 May 2021 09:37 PM

පාසල තැන තැන ගෙනයාමට තරම් අහේනියක් ඒ පාසලට තාමත් නැත. ඉදිකරන නව ගොඩනැගිල්ලක් ඒ තුළම හෝ ඊට යාබදව ඉදිකිරීමට හොඳටම ඉඩකඩ තිබියදී ගොනා හැරෙන්නේ පොල් පැළය කෑමට බව අපට අමුතුවෙන් කියාදිය යුතු නොවේ. පාසලේ ආදි ශිෂ්‍යයින්ටත්, රටටත් නොදන්වා කැබිනට් පත්‍රිකාවක් ද හදිසියේ සම්මත කර නටන්නට හැදූ නාඩගම දැන් එළිවෙමින් පවතී. සංවර්ධනයේ මුවාවෙන් දේශපාලකයන් සහ ව්‍යවසායකයින් ගෙන යන හොරමැර කම් අපට අලුත් දෑ නොවේ. තැඹිලි රස නැත්නම් මුදල් නොගෙන්වන දානපතියන් බිලියන ගණන් විසිකරන්නේ කුමකටදැයි සිතාගත නොහැකියි. එතරම් උවමනාවක් වේ නම් දියුණු කළයුතු පාසල් දහස් ගණනක් මේ රටේ ඇත. පොල් අතු සෙවිලි කළ, කටු මැටි බිත්ති ඇති, ඒදඬුවලින් එතෙරව හැතැක්ම ගණන් පයින් යන පාසල් වලට ඒ බිලියන ගණනෙන් බාගයක් හෝ වියදම් කළහැකිය. ඒ පාසලේ උගත් ආදි ශිෂ්‍යයින් හට බිල්ඩිමක් සාදා පාසලට බාරදීමේ ඇති හැකියාව විමසා හෝ නොමැත.

:       0       0

කෝෂිලා ගිම්හානි සිල්වා Wednesday, 05 May 2021 02:32 PM

ආදී දේවී දියණියක් වශයෙන් පාසල දෙකඩ කරන තීරණයට දැඩි සේ විරුද්ධ වෙමි.

:       1       4

RaveendraThursday, 06 May 2021 12:27 PM

දෙලොවක් අතරට දොලනයවන එකම එක ඉස්කෝලේ... කුමක්ද විමසුවොත් පැනයට පිළිතුර කුමක්දෝ.... උපතයි විපතයි නම් අටලෝදහමට අලුත් නැතේ... එලෙසම සියල්ල අනිත්‍ය යයි නොසිතිමත් කරුමයකි...

:       6       2

Irangika Thursday, 06 May 2021 02:53 PM

ගැටලුව තමන්ගේ නොවනතාක් පිළිතුර දාර්ශනික වේ. ගැටලුව තමන්ගේ වූ කලට දාර්ශනික අදහස් පෑල දොරෙන් පැනයනු ඇත.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 591 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1017 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site