( එච්. චන්දන )
පුත්තලම හා පාලවිය ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථාන දෙකක දේව ප්‍රතිමා තැන්පත් කර තිබූ වීදුරු කූඩු වලට ගල් ප්‍රහාර එල්ල කල පුද්ගලයා හදුනා ගැනිමට හැකි වූ බව පුත්තලම පොලීසිය කියයි.
මේ පිළිබදව පුත්තලම පොලීසය මගින් දිගින් දිගටම සිදු කල පරීක්ෂණ ප්‍රතිඵලයක් ලෙස අසල පාසලක තිබූ සි.සි.ටි කැමරාවක තිබූ දත්තයන් ඔස්සේ සිදුකල විමර්ශනවලදී මෙම පුද්ගලයා හදුනා ගැනීමට හැකි වී තිබේ.
මෙලෙස හානි සිදුකර ඇත්තේ පුත්තලම ශාන්ත මරියා දේවස්ථානය ඉදිරිපිට ස්ථාපිත කර තිබූ අඩක්කල දේවමාතාවන්ගේ ප්‍රතිමාව තැන්පත් කර තිබූ විදුරු කූඩුවට සහ පාලාවීය ශ්‍රි හෘදයට කැපකල දේවස්ථානයේ ඉදිරිපිට තැන්පත් කර තිබූ ශ්‍රි හෘදයේ ජේසු තුමන්ගේ ප්‍රතිමාව තැන්පත් කර තිබූ වීදුරු කූඩුවටයි.
මෙම පුද්ගලයා කතෝලික ආගමේ සිට දේව පිළිමයන් ඇදහීන් නොකරන පල්ලියට ආගම ඇදහීමකට යාම නිසා මෙලෙස පිළිම කැඩීමට නිරන්තරව සිදු කරන බවත් , මීට පෙරද මේ අකාරයෙන් පිළිම කැඩීම් සිද්ධීන් කිහිපයක් සිදු කර පොලිස් අත් අඩංගුවට පත්ව අංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබා ගෙන ඇති බවත් අධි මානසික තත්වයක පුද්ගයෙක් බවයි පොලිසිය පවසා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධි මානසික තත්වයක පුද්ගලයෙක් කියන එක වැරදියි නේද? මානසික ව්‍යාධියකින් පෙලෙන පුද්ගලයෙක් කීම නිවැරදියි.
අධි මානසික තත්වයක් කියන්නේ.., භාවනා කිරීමෙන් ලැබෙන අතුරු ඵලයක්නේ...
කිසිම සමාවක් දෙන්න එපා... දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න.
පුද්ගලයා හඳුනා ගැනීම ඉතා වැදගත්... කතෝලික ජනතාව සත්‍ය තේරුම් ගත යුතුයි.
එකම සත්‍ය ආගම ඉස්ලාමය පමණයි...
රිස්වාන් උන්නැහේ, ඔබ බුද්ධ ධර්මය ගැන දන්නවාද? ක්‍රිස්තියානි ආගම ගැන දන්නවාද? හින්දු ආගම ගැන දන්නවාද? දන්නේ මොනවාද? ලෝකයේ වෙනත් ආගම් ගැන කිසිම දැනුමක් නැතුව මේ වගේ ගොන් කතා කියන තැනැත්තා උත්පත්තියෙන්ම අඥානයෙක් විය යුතුයි! ළිං මැඩියන් කියන්නේ මේ වගේ නරුමයින්ටයි... !!
මුස්ලිම් මිනිස්සු කතෝලික මිනිස්සුන්ව පටලවන්න හැදුවේ... ලොකු දෙයක් සත්‍ය හෙළිවීම ගැන.... ඒකෙනුත් ගේම් ගහලා ඡන්දෙ දිනන්න බලාවි. පාස්කු ප්‍රහාරයෙන් ඡන්දෙ ගොඩදැම්මා වගේ... මොකද පාස්කු ප්‍රහාරය වළකන්න කටයුතු නොකළ පුද්ගලයා ඉන්නේ කොහේද කියලා හැමෝම දන්නවනේ...?