(යොහාන් භාසුර)
ජනතාව සමඟ ගණුදෙනු කිරීම පිළිබඳව අන්තර් පළාත් දුරගමන් සේවා බස් රථ රියදුරු සහ රියසහයකයන් (කොන්දොස්තර) දැනුවත් කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසම එක්දින වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහනේ පළමු අදියර කොළඹට සිට කතරගම දක්වා වන මාර්ගයේ දුරගමන් සේවා බස් රථ රියදුරු සහ රියසහයකයන් වෙනුවෙන් පවත්වන බවත් එහිදී ගාල්ල දිස්ත්‍රික්කය වෙනම සහ මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක ඒකාබද්ධව ද පවත්වන බවත් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.
කොළඹ හරහා ගාලු පාර හරහා කතරගම දක්වා වන දුර ගමන් සේවා බස්රථවල රථ රියදුරු සහ රියසහයකයන් 1500 ක් පමණ පළමු අදියර වැඩමුළුවට සහභාගි වීමට නියමිත බව ද කී තිලාන් මිරැන්ඩා මහතා සමස්ත ශ්‍රී ලංකාව ආවරණ වන පරිදි මෙම වැඩසටහනේ තවත් අදියර හතරක් පැවැත්වීමට නියමිත බව ද සඳහන් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘දුරගමන් බස් සේවකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අරඹයි‘
Indika Wednesday, 09 March 2022 02:24 PM
ඔය මහත්තුරු මේ ටික කියලා දෙන්න ඔය අයට... කන පැලෙන්න සින්දු දාන එක නවත්තන්න කියන්න.. උදේ පාන්දර ඉඳන් බස් එකේ කොන්දොස්තරගේ, රියදුරුගේ විරහ පෙම් සින්දු දාන එක නවත්තන්න කියන්න... මිනිස්සුන්ට කතා කරන්න, ටිකට් එකක් දෙන්න පුරුදු කරන්න, බස් එක ඇතුලේ තියන තොරණ් වගේ ලයිට් ටික ඕෆ් කරන්න කියන්න.. මිනිස්සු උදේ පාන්දර සහ රෑ යනකොට.. බස් එකෙන් බහිනකොට මිනිස්සු කැරකිල්ල හැදිලා බහින්නේ... මිනිස්සු බස් එකකට නගින්නේ තමන්ගේ රාජකාරියකට යන්න මිසක් විනෝද චාරිකාවක් නොවන බව කියලා දෙන්න...
ගමේ එකාලා Wednesday, 09 March 2022 07:36 PM
මොන වැඩමුළු තිබ්බත් මේ අය හැදෙන අය නෙවෙයි. මාටියා ගහපු සල්ලි කොහේ හරි මුල්ලකට වෙලා හොර රහසේ බෙදාගන්න එක නම් තක්කෙටම කරයි...
බස් රථයෙන් ගමන්-බිමන් යන රට වැසියා Wednesday, 09 March 2022 09:53 PM
රටේ බහුතර ජනතාව ප්‍රවාහන අවශ්‍යතාවය සපුරා ගන්නේ පොදු ප්‍රවාහන සේවාවන් තුලින්, මේ වන විට පොදු ප්‍රවාහන සේවාව මාෆියාවක් බවට පත් වෙලා. මුලින්ම කල යුත්තේ පොදු ප්‍රවාහන "මනුෂ්‍යයින් ප්‍රවාහනයට" සුදුසු තත්වයකට පත් කර ඊට පසු බස්-සේවකයින් දැනුවත් කිරීමයි. මේ වැඩේ හොඳයි හැබැයි මේවායින් වැඩක් වෙයිද දන්නෙ නැ! "පුද්ගලික බස් මාෆියාවෙන්" යැපෙන විශාල පිරිසක් ඉන්නවා, ඒ අතර නිති-හදන සහ ඒවා ක්‍රියාත්මක කරන අයත් ඉන්නවා, බස් වලට ඇමැතිවරයෙක් සහ අමාත්‍යාංශයක් තියෙනවා, ඇමැතිවරයා ඇතුලු සියලුම දෙනා ඉතාම නුගත් සහ අසංවේදි අය. බස් රථයක් තුල ජනතාව පත් වන හිරි-හැරය ගැන කිසිම කෙනෙක් සංවේදි නැහැ! සෞභාග්‍ය කථා කරන බක පන්ඩිතයෝ සෞභාගය කියන වචනයේ අදහසවත් දන්නෙ නැ! - පොදු ප්‍රවාහන සේවාව මනුෂ්‍යයින් ප්‍රවාහනය කරන තැනට පත් කල හැකි නම්, සෞභාග්‍ය එතැනින් පටන් ගන්න පුලුවන්!